කාන්තාවක් තිස් වන වියට පා තබන්නට පෙර කල යුතු දේවල් 20ක්

0
46399
කාන්තාවක් තිස් වන වියට පා තබන්නට පෙර කල යුතු දේවල් 20ක්

මිය යන්නට පෙර ජීවිතයේ තමා අනිවාර්යයෙන් විඳ ගත යුතු අත්දැකීම් “bukcet lists” යනුවෙන් හැඳින්වේ. අද බොහෝ පුද්ගලයින් තමාගේ සිහින  bucket list ලැයිස්තුවක් ලෙස තබා ගනියි. ජීවිතයේ යම් අවධියක ඔබට මෙම ලැයිස්තුවේ සිහින රැසක් සැබෑ කර ගැනීමේ අවස්ථාව හිමිවේ. නව කතාවක් ලිවීම, ස්පාඤ්ඤයේ ගොනුන් සමඟ දිවීමේ තරඟයට සහභාගි වීම, ලෝකය වටේ සංචාරය කිරීම වැනි සිහින වලින් මෙම ලැයිස්තුව සමන්විත වේ.
සාමාන්‍යයෙන් බොහෝ අය මෙම ලැයිස්තු සාදාගන්නේ විසි වන වියෙන් පසුවය. නමුත් සෑම කෙනෙක්ම ඔවුන්ගේ ජීවිතයේ සෑම අවධියකම මෙසේ    bucket list එකක් තබා ගත යුතුය. ජීවිතයේ ඊලඟ කඩ ඉමට මුහුණ දෙන්නට පෙර ඔබ හැකි පමණ වර්තමානයේ තමා විඳ ගත යුතු අත්දැකීම් සඳහා ඇප කැපවී කටයුතු කල යුතුය.
පහත දැක්වෙන්නේ  තිස් වන වියට පා තබන්නට පෙර සෑම කාන්තාවකම අත් විඳිය යුතු අත්දැකීම් 20කි. ඔබත් එය කියවා තම අනාගතය පිලිබඳ ධනාත්මක ආකල්පයක් ඇති කර ගන්න.

1. ඔබගේ ජීවිතයෙන් අලස, ඍණාත්මක ආකල්ප සහිත පුද්ගලයින් ඉවත් කරන්න.

දැන්මම ඔබ මෙවන් පුද්ගලයින් ඔබගේ ජීවිතයෙන් ඈත් කර තබන්න. නැත්නම් ඔබට අනාගතයේදි කරදර රැසකට මුහුණ දෙන්නට සිදු වේ.

2. අසල්වැසි රටකට යන්න.

ලෝකය සංචාරය කිරීම ඔබේ සිහිනය නම් මෙතනින් පටන් ගන්න. ඔබට අඩු වියදමකින් මෙන්ම පහසුවෙන් තම අසල්වැසි රටකට සංචාරය කල හැකිය. ඉන්දියාව, පකිස්තානය, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් වල සංස්කෘතිය විඳ ගන්නටත් ඉන් බොහෝ දේවල් ඉගෙන ගන්නටත් ඔබට හැකියාව ඇත.

3.ජ්‍යොතිෂ්‍යවේදය ඉගෙන ගන්න.

මේ සම්බන්ධව ලියවී ඇති පොත පත කියවන්න. මිතුරන්ගෙන් පටන් අරන්, සාස්තර කියවිම ප්‍රගුණ කරන්න. මෙය විනෝද ජනක කටයුත්තකි.

4.අන් අයව සිනාගස්සවන්න.

සාදයකදී හෝ පොදු ස්ථානයක මිනිසුන්ව ඔබේ විජ්ජා වලින් මවිත කරවන්න. ඔබ නිසැඟයෙන්ම විහිළුව් තහළුවලට බර කෙනෙකු නම් අන් අයව සිනා ගස්සවන්න.

5. පෙළපාලියකට සහභාගි වන්න.

දේශපාලන අසාධරණයන්ට එරෙහිව හෝ සත්ත්ව හිංසනයට එරෙහි ඔබගේ මතය ප්‍රකාශ කිරීම සඳහා සාමකාමි රැලියකට සහභාගි වන්න. යහපත් අරමුණක් උදෙසා පෙල ගැසෙන්න.

6. රැකියාවෙන් ඉවත් වන්න.

ඔබට නොගැලපෙනවා යැයි සිතන්නේ නම් වර්තමාන රැකියාවෙන් අයින් වන්න. මේ සඳහා සැලසුම් සහගතව කටයුතු කල යුතුය. මෙය ඔබ ඔබගේ අනාගතය වෙනුවෙන් ගනු ලබන තීරණයකි. රැකියාවෙන් සෑහිමට පත් නොවන්නේ නම් ඉන් ඉවත් වී තමාගේ සිහින සැබෑ කර ගත හැකි දෙයක නියැලෙන්න.

7.  ටැටූ එකක් ලබා ගන්න.

මෙය කුඩා tattoo එකක් වුවද විය හැකිය. නොපෙනෙන ස්ථානයක ටැටූ එකක් ලබා ගැනීම ඔබ ගනු ලබන එඩිතර තීරණයකි.

8. සමාජ සේවා සමිති වල සාමාජිකත්වය ලබා ගන්න.

අද බොහෝ තරුණ තරුණයින් මෙවන් සමිති සමාගම් වල සාමාජිකත්වය දරයි. මෙහි මූලික පරමාර්ථය මුදල් ඉපැයීම නොවන අතර විවිධ පුද්ගලයින් මුණ ගැසීම, සාකච්ඡා පැවැත්වීම, සුභ සාදන කටයුතු වල නියැලීම මෙන්ම ඡන්ද ක්‍රම වලින් සභා මණ්ඩලය තෝරා පත් කර ගැනීම වැනි කර්තව්‍යයන් රැසකින් සමන්විත වේ. මෙවන් දේකට සහභාගි වීමෙන් ඔබත් වැදගත් අත්දැකීම් ගණනාවක් ලබා ගන්න.

9. පන්සලේ ඇතුලු අනෙකුත් ආගමික පූජා ස්ථානවල සුභ සාදන සේවාවන් හි නිරත වන්න.

10.එදිනෙදා ජීවිතයේදි කෙනෙක්ව සතුටු කරවන්නට උත්සාහ ගන්න.

කරුණාව හා දයාව සැමට පතුරුවන්න. රාජකාරියේ මුරකරුට ගුඩ් මෝනිං කියමින් දවස පටන් ගැනීම, හදිසි අවශ්‍යතාවක් ඇති කෙනෙකුට පෝලිමේ ඉදිරියට යාමට ඉඩ දීම, කුඩා දරුවක් හා සිනා සීම, නත්තල් දවසේ දුගී පවුලකට සංග්‍රහ කිරීම වැනි කුඩා දේකින් ඇති විය හැකි බලපෑම අති විශාලය.

11.  දකුණෙන් උතුරට කෝච්චියෙන් සවාරියක් යන්න.

යුරෝපය වටා දුම්‍රියෙන් සංචාරය කරන්නට ඔබට වත්කමක් නැත්නම් දකුණේ ඉඳන් උතුරට කෝච්චියේ යන්න. මෙවන් අත්දැකීමක් ඔබට කවදාවක් අමතක නොවනු ඇත.

12. ඔබ කුඩා කාලයේදි නිවාඩුව ගත කර අන්දමට සති අන්තයක් ගත කරන්න.

පාසිකුඩා, ත්‍රිකුණාමලය, උණවටුන, යාල, නුවර එළිය හෝ අනුරාධපුර හෝ පොළොන්නරුව වැනි ස්ථාන වලට ගොස් නිවාඩුව අර්ථවත් ලෙස ගත කරන්න.

13. පවුලත් සමඟ විනෝද චාරිකාවක් සඳහා හෝ සංගීත ප්‍රසංගයකට සහභාගි වන්න.

14. White Water Rafting හෝ Bunjee Jumping අත්දැකීම විඳ ගන්න.

ඔබට තිස් වන වියෙන් පසු මෙවැනි ත්‍රාසජනක ක්‍රියාවන් හි නිරතවීම යම් තරමකට අපහසු වේ. එම නිසා ඇඩ්‍රිනලින් ජනනය වන මෙවන් ත්‍රාසජනක අත්දැකීමක් විඳගන්න. වීඩියෝ පටය තම පවුලේ අයට පෙන්වා ඔබගේ නිර්භීත භාවය පිලිබඳ ආඩම්බර වන්න.

15.  කැරෝකේ අවස්ථාවක් සඳහා සහභාගි වන්න.

ඔබගේ මිතුරෙකු සමඟ සමාජ ශාලාවකට හෝ බාර් එකකට ගොස් වේදිකාවේ සජීවීව කැරෝකේ අත්දැකීම විඳගන්න. අවුරුදු 30න් පසු ඔබට මෙසේ කරන්නට තරම් ධෛර්‍යයක් නොලැබෙනු ඇත.

16. පිටරට ගොස් නවාතැන් හි ලැඟුම් ගන්න.

තනිවම හෝ බැක් පැක් එකක් ගෙන මිතුරන් සමඟ රටකට සංචාරය කරන්න. විවාහ වූ පසු ඔබට පවුලත් සමඟ සංචාරයේ යෙදීම අසීරු මෙන්ම මිල අධික විනෝදාංශයක් වේ. එම නිසා තරුණ වයසේදීම ලෝකයේ වෙනත් රටවල් වලට සංචාරය කරන්නට උත්සාහ ගන්න.

17.  Habitat for Humanity වැනි සුභ සාදන ආයතනයකට සම්බන්ධ වී සමාජයේ වෙනසක් ඇති කිරීම සඳහා ඇප කැප වන්න.

18.ඔබ ජීවිතයේදි මීට කලින් අත්හදා නොබැලූ අත්දැකීම් ලබා ගන්න. මෙය අලුත් කෑමක් , අලුත් විලාසිතාවක්, වෙනත් පාලතක් වෙත සවාරියක් විය හැකිය.

19.ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න.

ඔබගේ සිහින ව්‍යාපාරය සඳහා දැන්මම අවශ්‍ය කටයුතු සිදු කරන්න. විවාහ වූ පසු ඒ සඳහා ඔබට වැඩි කාලයක් මිඩංගු කල නොහැකි වේ. එම නිසා මුදල් උපයන අතරේම ඔබ කැමති දේවල් සාක්ෂාත් කර ගෙන ඔබේම ව්‍යාපාරයක හිමිකරුවා වන්න.

20.තෙත සිමෙන්ති පොළොවක හෝ බිත්තියක ඔබේ අතේ සලකුණ සනිටුහන් කරන්න. කුඩා කාලයේ පටන් ඔබට මෙසේ කරන්නට කැමැත්තක් තිබුනා නේද?

හැකි පමණ විනෝදයෙන් කාලය ගත කරන්න. කිසිම දෙයක් ගැන පමණට වඩා සිතනන්ට යන්න එපා.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here