සතුටින් ජීවත් වෙන්න ඔබත් මේ රීති 05ට අනුගත වෙන්න

සතුටින් ජීවත් වෙන්න ඔබත් මේ රීති 05ට අනුගත වෙන්න

සතුට කියන්නෙ අපේ ජීවිතේට සල්ලි වලට ගන්න පුළුවන් දෙයක් නම්  නෙවෙයි. සතුට හොයාගෙන අපි යන මේ දිවි ගමනෙ  සතුට වෙනුවෙන් සතුට ලබා ගන්න කොයිතරම් දේවල් කරනවද ? ඇත්තෙන්ම අපි අනෙක් අයගෙ සතුට වෙනුවෙනුත් කොයි තරම් දේවල් කැප කරලා ඇත්ද ?. ඉතින් අපේ මේ ජීවිතේ සතුට වෙනුවෙන් තමයි අපි හැමදේම කරන්නෙ. ඒ සතුට වෙනුවෙන් සතුට රදා පවත්වා ගැනීමට මේ කියන්න යන රීති පහ ඔයාටත් වැදගත් වේවි.

  • ඔබ ඔබට ආදරය කිරීමට පුරුදු වෙන්න.
    මේ ලෝකෙ ජීවත් වෙන අපි හැම දෙනාම කැමතියි සතුට කියන දේ හැමදාමත් රදා ගනිමින් ජීවිතේට මුහුණ දෙන්න. මොනවා කරත් අපි කරන දෙයින් ලැබෙන ප්‍රතිඵලය කුමක් වුනත් ඒ හැම දේම සමව විද ගැනීමට හුරු විය යුතුයි. මොකද මේ ලෝකෙ අපිට වටින මුල්ම දෙය අපේ මේ ජීවිතය. ඒ නිසා අපි අපි ගැන හිතා සතුටු වෙන්න පුළුවන් නම් එය වටිනවා. අපි මේ හැම දේම කරන්නෙ අපි වෙනුවෙන්. ඉතින් සතුටින් ඉන්න පාදක වන මුල්ම කාරනය වන්නෙ අපි අපිට ආදරය කිරීම. පීඩා ගෙනෙන දේවල් නිසා වඳ විදින ඔබේ මනස ඒවායින් නිදහස් කර ගන්න නම් ඔබ ඔබට ආදරය කල යුතු වෙනවා. “මම එක මොහොතක් හෝ ජීවත් වීම අන් අයටද සතුටක් ” යයි සිතා වැඩ කටයුතු කිරීමට ඔබටත් හැකි නම් මේ ලොව තුල සිටින ප්‍රීතිමත්ම පුද්ගලයන් අතරින් කෙනෙකු වීමට ඔබටත් හැකියි. එහෙනම් සතුට කියන දේ ඔයාගෙ ජීවිතයටත් අවශ්‍ය නම් ඔයා මුලින්ම ඔයාට ආදරය කරන්න අමතක කරන්න එපා.
  • හරි දේ පමණක් කරන්න
    ඔබට සතුට හිමි වීමට නම් ඔබ මේ සමාජයට, ඔබට, ඔබේ දරුවන්ට හරි දේ පමණක් දිය යුතුය. ඔබේ සිතට එකඟ නොවන වැරදි ක්‍රියාවන් කිරීම තුලින් සතුට ඔබෙන් ඈත් විය හැකිය. මොකද සිතේ දෙගිඩියාවක් ඇත්නම් නිතරම ඇත්තේ සිතේ තිගැස්මය. එවිට සතුට කියන දේ ඔබේ ජීවිතයෙන් පලා යා හැකිය. ඔබ සිදු කරන දෙයින් ඔබට පමණක් සෙතක් වේ නම් කිසි දිනෙක එය සිදු නොකරන්න. මොකද අපේ ලාභ ප්‍රයෝජන තකා අන් අය අමාරුවේ දැමීමෙන් අපට හොඳක් සිදු වුනද එයින් වන්නේ දිවි ඇති තුරා පසු තැවීමකට මුහුණ දීමය. එම නිසා ඔබ කිසිම දිනෙක ඔබේ යහපත ගැන පමණක් සිතා වැරදි දේ සිදු කිරීමෙන් වළකින්න. සතුට හිමි අයෙක් වීමට නිතර නිතර නිවැරැදි දේ පමණක්ම සිදු කිරීමට අධිඨන් කර ගන්න.
  • අවංක වෙන්න.
    සතුට රදා පැවතීමේදි අවංක භාවය නම් තිබියම යුතුය. ඔබ ඔබට අවංක වන තරමට ඔබට සතුටු විය හැකි අතර ඔබ ඔබේ රැකියා ස්ථානයට, රැකියාවට, සේවකයන්ට, ඔබේ පවුලට, සමාජයට, අවංක පුද්ගලයෙකු විය යුතුය. මේ සියලු දෙයට අවංක නොවී සේවය කරයි නම් ඔබේ සිත ඔබටම දොස් නගනු ඇතිය. එයින් වන්නේ මුළු මහත් සමාජයටම වංක පුරවැසියෙක් ලෙස ඔබේ සිත ඔබටම වද දීමය. එමගින් කිසම දිනෙක ඔබට සතුට ලබා ගැනීමට නොහැකිය. සෑම දෙයකදීම ඔබ අවංක ලෙස කටයුතු කරයි නම් සතුට ඔබට ඉබේම ලැබෙනු ඇත.  ඉතින් ඔබත් සතුට ඔබේ ජීවිතයට ලං කර ගැනීමට වෙර දරන අයෙක් නම් ඔබ සිදු  කරන සියලුම දෙයට අවංක වීමට පුරුදු වෙන්න. එයින් ඔබ සතුටට හිමිකම් කියන අයෙක් වීම නිසැකයි.
  • කිසිවෙකුට හිංසා නොකරන්න.
    කළ කම් පල දෙනවා කියන්නේ සතුටට ලොකු බාධාවක්. අපි අන් අය‍ට හිංසා පීඩා කරනවා නම් එය අපේ සිතටත් වද දෙන කාරනයක් වෙනවා. එයින් සිදුවෙන්නෙ අපේ සතුට අපට අහිමි වීම. අන් අයට විහිළුවකට වත් හිංසා නොකරන්න. ඔබ සිතන්න  වෙනත් කෙනෙක් ඔබට හිංසා කරනවා කියලා. ඔබ කැමති නෑ නේද ඔබට රිදුම් වෙනවට. එහෙනම් අන් අයත්  ඔබ වගේ යයි මොහොතක් සින්න. අඩු තරමින් කුරා කුහුඹුවෙකුටත් හිංසා නොකරන ධාර්මික කෙනෙකුන් වීමට සිතා ගන්න එය ඔබට ඔබේ සතුට රැක දෙන කරුණක් වේවි.
  • සියලු දෙනාට ප්‍රේම කරන්නා වූ අයෙක් වන්න.
    ඔබ සියලු දෙනාට ආදරය කරනා තරමට සියලුම දෙනා ඔබට ඇලුම් කරාවි ඔබට හොඳ යහළුවන් වේවි. වටිනා වූ මිනිසුන් ඇසුරට මඟ පෑදේවි. එයින් ඔබට සතුටු විය හැකියි අන් අය ඔබට තියෙන සැලකිලිමත්බව දැකලා. ඔබ වෛරී චේතනා  ඇති අයෙක් නම් එම වෛරී සිතුවිලි ඔබේ සතුටට ගිනි තියන්න ඉඩ තිබෙනවා. ඉතින් හැමෝම එක්ක සතුටින් ඉන්න පුළුවන් තරමට ඔයාට සතුට ලැබේවි. ඒ නිසා සතුටින් ඉන්න හැමෝටම ආදරය කරන්න පුරුදු වෙන්න.

ඇත්තෙන්ම මේ රීති 05ට අනුගත වීමට ඔබටත් හැකියි නම් සතුට කියන දේ හැමදාම ඔයා ළගින් රැදිලා තියේවි. සල්ලි වලට ගන්න බැරි සතුට මේ හොඳ ගුණාංගයන් තුලින් ලබා ගැනීමට ඔබටත්  පුළුවන්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here