මේවායේ රසදිය නැති බව සහතිකයි…

beauty-tips

පැහැපත් සමකට අපි කවුරුත් කැමැතියි. ඒ නිසාම අපි සම වෙනුවෙන් විවිධ රූපලාවන්‍ය ක්‍රම යොදා ගන්නවා. ඒත් මෙම ආලේපනවල තිබෙන රසදිය මිනිස් සිරුරට අහිතකරයි. ඒවායින් ඇති වෙන විපාක ගැන බොහෝ සෙයින් අපි දැණුවත් වුනත් ලස්සන වෙන්න අවශ්‍ය වුනාම මේවා අපිට අමතකයි.

කිහිලි ප්‍රදේශයේ අවපැහැ හෙවත් කළු ගැන්වීම මගහරවා ගැනීමට අපි විවිධ ආලේපන භාවිතා කරනවා. ඇත්තටම අත් යට කළු පැහැ ගැන්වෙන්නේ ඇයි..ඒ වෙනුවෙන් විවිධ හේතු තිබෙනවා…

  • කිහිලි ප්‍රදේශයේ කෙස් ඉවත් කිරීම
  • නිතරම කෙස් ඉවත් කිරීමට ආලේපන යොදා ගැනීම
  • අධික ලෙස දහඩිය දැමීමහොදින් වාතාශ්‍රය නොලැබීම
  • මද්‍යසාර අඩංගු ඩියුඩ්ඩ්‍රොරනට් deodrants වර්ග භාවිතය
අර්තාපල්

අර්තාපල් හම සුදු කරන හැකියාවෙන් යුක්ත බෝග වර්ගයක්. අර්තාපල් සිහින්ව පෙති කපාගෙන කිහිලි සහ අත් යට කළු වුන ප්‍රදේශයේ අතුල්ලා විනාඩි 15 ක් හෝ 20 ක් අතරතුර තබා ගෙන සිට මද රස්නය සහිත ජලයෙන් සෝදා හරින්න. සිහින්ව ගා ගත් අර්තාපල් වුනත් මේ වෙනුවෙන් ගැලපෙනවා.ප්‍රතිඵලයක් ලැබෙන තෙක්ම මේ ක්‍රමය අනුගමනය කරන්න.

පිපිඤ්ඤා

පිපිඤ්ඤා සිහින් පෙති හෝ යුෂ කිහිලි ප්‍රදේශයේ ආලේප කරන්න. දිනකට දෙවතාවක් මෙය කරන්න පුලුවනි. අත් යට සුදු වුනාය යන සෑහීම ඇති වෙන තෙක් කරන්න.

ඊට අමතරව පිපිඤ්ඤා යුෂ සමග කහ කුඩු ස්වල්පයක්  ගොරෝසු මිශ්‍රණයක් සේ තනා ගෙන කළු ගැනුන ප්‍රදේශයේ තවරා විනාඩි තිහකින් සෝදා හරින්න. නිවසේ පිළියෙල කර ගත් මෙම ස්වභාවික ආලේපය දිනපතා හෝ දිනක් ඇර දිනක් කිරීමෙන් කළු ගැනුන සමට පැහැපත් බවක් ලබා ගැනීමට පුලුවනි.

ලෙමන්

ලෙමන් ප්‍රතිබැක්ටීරියා ගුණයෙන් යුක්තයි. ලෙමන්  කළුගැන්වුන කිහිලි ප්‍රදේශවල අව පැහැය ඉවත් කිරීමට සමත්.ඒත් ලෙමන් නිසා සම වියලීමට පුලුවනි. ලෙමන් ආලේප කිරීමෙන් පසු මොයිස්චරයිස් ආලේප කිරීමටත් අමතක කරන්න එපා.

කිහිලි ප්‍රදේශයේ මැරුන සම ඉවත් කිරීමට නම් ලෙමන් ආලේප කර තබා විනාඩි  දහයකින් පමණ සෝදා හරින්න. ලෙමන් යුෂ සමග සීනි ස්වල්පයක් එක් කර ගැනීමත් හොදයි. මෙය සතියකට කීප වතාවක් කරන්න.

ඒ වගේම තවත් ක්‍රමයක් අනුව ලෙමන් යුෂ සමග යෝගට්, පැණි හෝ කහ ස්වල්පයක් එක් කර ගැනීමෙනුත් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුලුවනි. මෙම මිශ්‍රණය විනාඩි 10 ක් තබා සෝදා හරින්න. සතියකට දෙතුන් වතාවක් මේ අන්දමට ලෙමන් මිශ්‍රණය ආලේප කරන්න.

බේකිං පවුඩර්

කිහිලි යට අව පැහැ ගැන්වීම වෙනුවෙන් බේකිං පවුඩර් වඩාත් හොඳ ප්‍රතිකාරයක්.බේකිං සෝඩා ටිකක්වතුර සමග ඝන පල්පයක් වන සේ සාදා ගෙන එය කිහිලි යට කලු ගැන්වුන ප්‍රදේශයේ ආලේප කරන්න. පසුව එය සෝදා අදාල ප්‍රදේශය හොදින් වියලා ගන්න. සතියකට කීප වතාවක් මෙය කරන්න. මෙම ප්‍රතිකාරයෙන් අවපැහැ ගැන්වුන ප්‍රදේශ පැහැපත් වීම පමණක් නොව කිහිලි යටින් හමන දුර්ගන්ධයටත් විකල්පයක්.

දොඩම් ලෙලි

කිහිලි ප්‍රදේශයේ කලු පැහැ ගැනුන පෙදෙස් වෙනුවෙන් ඉවත ලද දොඩම් ලෙලි වඩාත් සාර්ථකයි. දොඩම් ලෙලි අව්වේ වියලා ගෙන හොදින් කුඩු කරගන්න. එයින් තේ හැදි දෙකක් ගෙන රෝස වතුර එක් කර ගෙන පාප්පයක් සාදා ගන්න. මෙම පාප්පය අදාල ප්‍රදේශයන්හි ආලේප කර විනාඩි 10 සිට 15 අතර කාලයක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න. සතියකට තුන් වතාවක්වත් මෙය කිරීමෙන් කිහිලි ප්‍රදේශයේ අවපැහැ ගැන්වීම් ඉවත් කර ගැනීමට පුලුවනි.

පොල්තෙල්

පොල්තෙල් විටමින් “ඊ” බහුලයි. පොල්තෙල් ආලේප කර කළු ගැන්වුන කලාපය හොදින් සම්බාහනය කරන්න. විනාඩි 15 කින් පමණ මද රස්නය ඇති දියෙන් සෝදා හරින්න. දිනකට දෙතුන් වතාවක් මෙම ප්‍රතිකාරය කිරීමෙන් අවපැහැ ගැන්වුන ප්‍රදේශයේ තිබෙන අවලස්සන මග හරවා ගැනීමට පුලුවන්.

Top ten home remedies.com ඇසුරිනි

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here