සුන්දර දකුණු පුරවරයේ සවාරියක්

සුන්දර දකුණු පුරවරයේ සවාරියක්

දකුණ කිව්වම නම් අපේ උදවිය ටිකක්  විතර තිගැස්සෙනවා වෙන්න  පුළුවන්. සමහර අය අතර තියෙනවා නෙ කතාවකුත් “අපෝ බෙන්තර පාලමෙන්  මෙහාට පූස් පැටියෙක් වත් ගේන්න එපා කියලා” ඇත්තටම දකුණ කියන්නෙ විශිෂ්ට මොලකාරයින් එක පිට එක බිහි කරපු පුරවරයක්. අපේ උඩරට පලාතේ උදවිය නම් කැමතියි දකුණු පළාතට ඇවිල්ලා නිවාඩුවක් එහෙම ගත කරලා යන්න. මොකද මුහුදු සුළඟට  හැමෝම කැමතියි නේ.ඒ වගේම මුහුදේ නාලා දකුණේ අපේ  ගැමි කෑම වේලක් කන්න උඩරට පළාත් වල ඉන්න උදවිය නම් ගොඩක් කැමතියි.

ඉතින් දකුණ කිව්වම ගොඩක් දෙනෙක්ට මතක්වෙන්නෙ නම් ගාල්ල කියන නම.හැබැයි ඔයාලා දන්නවද දකුණ කියන්නෙ බෙන්තර පාලමෙන් මෙහා සම්පූර්ණ කොටසම කියලා. ගාල්ල , මාතර, හම්බන්තොට කියන්නෙ දකුණේ තියෙන ප්‍රධාන දිස්ත්‍රික්කයන් තුන. ඉතින් මෙන්න මේ සුවිසල් පුරවරයේ නිවාඩුවකට පොඩි සවාරියක් යන්න හොඳ තැන් ටිකක් ගැන බලමුද?
දකුණට ඇදී එන බොහෝමයක් දෙනා වැඩිපුර ඇවිදින්න කියලා යන්නෙ බීච් සයිඩ් එකට.ඉතින් මෙන්න මේ බීච් සයිඩ් එකෙනුත් එහා අපූරු ලෝකයක් දකුණේ අපිට නම් තියෙනවා.

ඔයාලා කෞතුකාගාර බලන්න නම් ගිහින් අැති නේද ? ඒත් ඔයාලා දන්නවද ගාල්ලෙ තියෙනවා සමුද්‍ර කෞතුකාගාරයක්. ලංකාවට වගේම දකුණු ආසියාවටම තියෙන එකම සමුද්‍ර කෞතුකාගාරය තමයි ගාල්ලෙ තියෙන්නෙ.ඉතින් මෙය ගොඩක් විශේෂ ස්ථානයක් ඔයාලගේ දූ දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු වලටත් මෙම ස්ථානයෙන් දෙයක් ලබා ගන්න පුළුවන්.  මෙය 1671 ඉදිකරන ලද  ලන්දේසි බල කොටුව තුල පිහිටා තියෙන ඉතා විශේෂ වූ ස්ථානයක්.  ජල යාත්‍රා, සමුදුර පරිසර පද්ධති, කඩොලාන ආශ්‍රිත දෑ මෙන්ම සමුදුරට අයත් සියලුම ජීවී, අජීවි සංඝටක මෙහිදී ඔබට දැක බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ගාල්ලට අාවොත් සමුද්‍ර කෞතුකාගාරයත් බලලා යන්න අමතක කරන්න එපා.

ඒ වගේම තමයි දකුණට එන ඔයාලට නිවාඩුවට යන්න පුළුවන් තව තැනක් තමයි   මෝර්නින් සයිඩ් කියන්නෙ. මෙය තියෙන්නෙ දෙණියායෙ. පුංච් හෝර්ටන් තැන්න කියන්නෙත් මෙන්න මේ ප්‍රදේශයට. කොළඹ ඉඳන් රක්වාන යන කෙනෙක් A18 මාර්ගයේ ගිහින් මාදම්පෙ හන්දියෙන් A17 මාර්ගයට යන්න ඕන. A17 කියන්නෙ  මාදම්පෙ , රක්වාන දෙනියාය හරහා  ගාල්ලට ඇති සුන්දරම  මාර්ගයක්. වටේම කදු පංති වලින් වට වුන මේ පැත්ත නම් ආවොත් දාලා යන්න බැරි තරමට සිත් ඇඳ ගන්නා අපූරු පරිසරයක්.

ඒ වගේම තමයි දකුණට නිවාඩුවක් ගත කරන්න එන ඔයාලට යන්න පුළුවන් තවත් තැනක් තමයි  හත්මාලෙ ඇල්ල. ගිං ගගේ සමනලිය ලෙසට ප්‍රකට මෙය දෙණියායෙ ඉඳන් 12kmක පමණ දුරකින් තමයි පිහිටා තියෙන්නෙ. මෙය සිංහ රාජ වනාන්තරයෙත් කොටසක්.  පල්ලේගම සිට කොළවෙනිගම දක්වා දිවෙන මාර්ගය හරහා මෙම ස්ථානයට ගමන් කිරීමට පුළුවන්. දුර්ලභ ගණයේ වඳ වී යන බොහෝමයක් සත්ව කොට්ඨාස පවා මේ අවටින් සොයා ගෙන තියෙනවා. ඇත්තටම  මෙය ඉතා අලංකාර භූමි ප්‍රදේශයක්

මේ යන ගමන අතර තුර ඔයාලට පුළුවන් ඉපැරැණි හියාරේ ජලාශයත් දැක බලා ගන්න යන්න. ගොඩක් දෙනෙක් මේ ස්ථාන ගැන දන්නෙ නැති නිසා හැමදාම යන බීච් එකෙන් මිදීලා මේ වගේ     වැදගත් කමක් තියෙන ස්ථානත් දැක බලා ගන්න පුළුවන් නම් මොන තරම් හොදද?  දකුණට  තියෙන පැරණිම  ජලාශය තමයි හියාරේ. අක්කර 48ක් තරම් විශාල භූමි බාගයක රැදී ඇති මෙම හියාරේ ජලාශය මුලු  ගාලු පුරයටම ජලය සපයන ලදී.  අද වන විට ඝන කැලෑවක් සහිත මෙම ප්‍රදේශය දහස් ගනන් දෙනාගේ  කසල බැහැර කරන බෘා මැන්ඩල් කන්දක් බවට පත් වී ඇත.

ඉතින් අධ්‍යාපන වැදගත්කම් වල‍ට පවා සුදුසු මෙම ස්ථාන ඔයාලත් දකුණට ආවොත් දැක ගන්න අමතක කරන්න එපා

Photo Credit: http://visitmiraclelanka.blogspot.com/

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here