මහලු විය සතුටින් ගත කරන්න

0
4467
මහලු විය සතුටින් ගත කරන්න

මහලු විය යනු අප මෙලොව ගත ගත කරනු ලබන අවසාන කාලයයි. පිළිසිද ගැනීමත් සමග මෙලොව ජිවත් වීමට වරම් ලද මිනිසාට මරණයත් සමගම මෙලොවට ඇති සියලු බැදීම් අවසන් කිරීමට සිදු වේ. අද වන විට දළ වශයෙන් අවුරුදු 70-90 වැනි කාල පරාසයකදී බහුතර ජනතාව තම මෙලොවෙන් සමු ගනී.

මෙම අවසාන කාලපරාසය අපේ ජිවිත වල වටිනාම කාලය බවට පත් කර ගැනීමට අප දැන් සිටම සුදානම් විය යුතුය. දළ වශයෙන් අප අවුරුදු 80 හෝ 85 පමණ කාලයක්වත් මෙලොව ජිවත් වන බව තේරුම් ගෙන ඒ කාලයට උචිත වන්නේ කවර ජිවිතයක් ද යන්න දැන්ම සිතා ඒ අනුව සුදානම් විය යුතුය. අප කොතරම් අකමැති වුවත් වයසට යෑම කිසිවෙකුට නැවැත්විය නොහැකිය. බොහෝ දෙනා වයසට යෑමත් සමග නිතර නිතර ලෙඩ රෝග පිලිබදව දුක් වෙති. මේ නම් කරුමෙට හැදුනු ලෙඩක් යැයි කියා කෙදිරි ගාමින් සිටි. මේ ආකාරයට නිතර නිතර තම ලෙඩ රෝග පිලිබදව සිතීම, කෙදිරි ගෑම නැති ලෙඩකට අත වැනීමකි. ඔබ යමක් උඩු සිතින් නිතර නිතර සිතන්නේ නම් එය නොදැනුවත්වම යටි සිතට බලපෑම් කරයි. මේ නිසා හොද දේවල් ගැන නිතර නිතර සිතන්නේ නම් පසුව එය හොද ක්‍රියාවක් බවට පත් වේ.

තරුණ අයට නැති ඇතැම් ගැටළු වලට මුහුණ දීමට මහලු අයට සිදු වේ. රැකියාවක් කල පසු අනිවාර්යෙන්ම විශ්‍රාම ගැනීමක් සිදු වේ. දිගු කාලයක් වැඩ කරමින් සිට අයෙකුට සේවයෙන් විශ්‍රාම ගිය විට ඇති වන අධික විවේක කාලය ගෙවා ගන්නා ආකාරය ඔවුන්ට ඇති බරපතලම ගැටලුවයි.

මේ අභියෝග වලට මුහුණ දීමට පුර්ව සුදානම ඉතා වැදගත්ය. ස්වේච්ඡා වැඩ කටයුතු වල යෙදීම රට වටා සංචාරයේ යෙදීම වැනි ක්‍රම විවේකය අර්ථවත් කිරීමට භාවිතා කිරීමට පුළුවනි. සමහරුනට මෙම අධික විවේකය නිසාම ලෙඩ රෝග හට ගනී.

හුදෙකලා බව වයසක අයට ප්‍රබල විදියට බලපානවා. තම සහකාරිය හෝ සහකරුවා මිය ගිය විට ඉතා දිගු කාලයක් ගෙවූ අතීතයෙන් ඔහුට මිදීමට අපහසු වේ. එවිට තදබල පාළුවක්, කනස්සල්ලක් මෙන්ම තමා මුළුමනින්ම තනි වූ බවක් හිතට දැනෙන්නට ගන්නවා. එම නිසා මුනුබුරු මිනිබිරියන් සමග ගත කිරීමට අවස්තාව ලැබෙනවා නම් හොදය.

මහලු වියට පත් වන විට ආහාර වේලා පාලනයක් අවශ්‍යතාවයන් නිසා මෙන්ම ආහාර වල රසය දැනීම අඩු වීමක් නිසා ආහාර වලට ඇති කැමැත්ත නැති වී යනවා. කවර පුද්ගලයෙකු වුවත් වයසට යන විට ඇති වන මේ තත්වය නිසා විශේෂ ආහාර සකසා ගැනීමට සිදු වේ. ඇතැම් රටවල මහලු අය විශේෂයෙන් කැමති ආහාර හෝටල් වල පිළිවෙල කොට ඇනවුම් වලට ගෙදරට ගෙනත් දෙනවා.

දරුවන් සමග ඔවුන්ගේ නිවෙස් වලට යෑම මහලු වියේ දී ඉතාමත් හොදය. ආච්චි, සීයා සමග දුව පුතා මුනුබුරු මිනිබිරියන් සතුටින් සිටීම වැදගත්ය. සීයාට ආච්චිට ගැලපෙන අන්දමින් එදින දින චර්යාව සකස් කර ගනිමින් කවි කතාන්දර, අත්දැකීම් වලින් දරුවන් පෝෂණය කල හැකි පරිද්දෙන් කටයුතු කිරීමෙන් සතුට ලැබේ.

වර්තමානයේ ඔබ ගන්නා තීරණ හා ක්‍රියාවන් ඔබගේ මහලු වියේ ජිවිත වල සාර්ථක අසාර්ථක භාවය කෙරෙහි බලපායි. මත්පැන් බොමින්, මේද අධික අහාර ගනිමින් කායික අර්බුදයක් ඇති කර ගතහොත් මහලු වියේදී ඒ ගැන දුක් වීමට සිදු වේ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here