ඔබේ ලේ වර්ගය ඔබ ගැන පවසන්නේ කුමක්ද?.

0
11073
ඔබේ ලේ වර්ගය ඔබ ගැන පවසන්නේ කුමක්ද?

ලේ අප ශරීරය තුල සංසරණය වෙමින් අපට ජීවයක් ලබා දේ. අනතුරකින් අපේ ශරීරයෙන් ලේ ගලන තාක් එහි වටිනාකම අප අගය නොකරයි. අපේ ලේ වර්ගය අප ගැන ගොඩාක් දේ පවසයි. මෙහි අප නොදන්නා දේත් තිබිය හැකිය.

ඔබ ඔබේ ලේ වර්ගය දන්නවාද?
අවාසනාවකට මෙන් බොහෝ දෙනා ඔවුන්ගේ ලේ වර්ගය කුමක්ද කියා නොදනි. අප ශරීරය තුල ගලන රුධිරය හා හුස්ම ගැනීමේ විස්මයජනක ක්‍රියාවලිය පිලිබඳ මීට වඩා අප සැලකිලිමත් විය යුතුය. මන්ද ඒවා අපට ජීවය සපයන නියෝජිතයන් වෙන බැවිනි.

මීට අවුරුදු 60කට පමණ පෙරදී ජපානය විසින් මිනිසාගේ ලේ වර්ගය හා පෞර්ෂත්වය අතර සම්බන්ධයක් තිබේදැයි බැලීමට පර්යේෂණයක් සිදු කලා. මේ සම්බන්ද පර්යේෂණ තවමත් බටහිර රටවල සිදු වෙමින් පවතින අතර බොහෝ වෛද්‍යවරුන් මිනිසාගේ ලේ වර්ගය ඔහුගේ සෞඛ්ය තත්වයට හා ලෙඩ රෝග වලට බලපානය අයුරු සම්බන්ධයෙන් විස්මිත ප්‍රතිඵල රාශියක් සොයා ගනු ලැබුවා.

ඔබ පහත සඳහන් විස්තරය කියවීමට පෙර ඔබගේ ලේ වර්ගය හඳුනාගන්න. පසුව මෙම තොරතුරු වල නිරවද්‍යතාව ඔබේ ලේ වර්ගය හා පෞර්ෂත්වය සමඟ සසඳන්න.

 A වර්ගය

ඔබේ ලේ වර්ගය A නම් ඔබට A හා AB යන පුද්ගලයින්ට ලේ දන් දිය හැක.
අවාසි. සෞඛ්‍යමය පැත්තෙන් බලන කල ඔබට අග්න්‍යාශයික පිළිකා, හෘදයාබාධ හා ලියුකේමියා ඇතිවීමේ අවදානමක් ඇත.
වාසි – ඔබට මදුරුවෙන්ගේ ඈත් වී සිටිය හැක.
පෞර්ෂත්වයේ ගුණාංග – තරමක් මුරණ්ඩුයි. ආතතියෙන් පෙලෙයි. ඉවසිලිවන්ත හා ලැජජාශීලි බවින් යුක්තයි. නිර්මාණාත්මක හැකියාවක් ඇත. සියලු දෙනාගේම මිත්‍රයා වන්නට තැත් කරයි. කිසිවකු තරහ කර ගන්නට ඇති අකමැත්ත නිසා තම සත්‍ය මතය ප්‍රකාශ කිරීමට මැලි වේ.

B වර්ගය

ඔබේ ලේ වර්ගය B නම් ඔබට B  හා AB යන පුද්ගලයින්ට ලේ දන් දිය හැක.
අවාසි – හෘදය සම්බන්ධ ප්‍රශ්න හා ඩිම්බයේ පිළිකා ඇතිවීමේ අවදානමක් ඇත.
වාසි – හිතකර බැක්ටීරියා ප්‍රතිශතය ඉහල අගයක් ගනියි
පෞර්ෂත්වයේ ගුණාංග – නිර්මාණාත්මක හැකියාව ඉහලයි. ආත්මාර්ථකාමි හා නොසැලකිලිමත්කමකින් යුක්ත වේ. සියලු දේ ගැන සුලුවට හිතන සියලු දෙනාගේම සගයා වන්නට කැමති පුද්ගලයෙකි. ඔවුන් පිරිසක් ඉදිරියේ ඉතා මිත්‍රශීලිව කටයුතු කරන අතර පහසුවෙන් එකිනෙකා සමඟ සම්බන්ද වේ.

AB වර්ගය

ඔබේ ලේ වර්ගය AB නම් ඔබට ඕනෑම පුද්ගලයෙකුට ලේ දන් දිය හැක.
අවාසි – හෘදය, ඥාන වර්ධනය
සම්බන්ධ ප්‍රශ්න ඇතිවීමේ අවදානමක් ඇත.
වාසි – ඔබගේ පෞර්ෂත්වය
පෞර්ෂත්වයේ ගුණාංග – ඔබ සන්සුන් චරිතයකි. ජිවිතය සැහැල්ලුවෙන් ගත කරන, ප්‍රශ්න පිලිබඳ එතරම් වද නොවෙන පුද්ගලයෙකි. සමාජශීලි අතර සිත් ඇද ගන්නා සුලු පෞර්ෂත්වයක් ඇත. ඔවුන්ටම ආවේණික වූ අන්දමකින් සමාජයේ කැපී පෙනෙයි.

බුද්ධිමත්, නිර්භය ආතම විශ්වාසයකින් යුත් පුද්ගලයෙකි. පමණට වඩා රාජකාරියට මුල් තැන දෙයි. තනිව සිටින්නට කැමතියි. අනෙකුත් වර්ගවල පුද්ගලයින්ට වඩා ආතතිය නිසි ලෙස පාලනය කල හැක.

මෙම පර්යේෂණය සිදු කල පසු අපගේ ලේ වර්ගය හා පෞර්ෂත්වය අතර ඇති සම්බන්ධය ගැන මම මවිතයකට පත් වුණෙමි. ලේ වර්ගය අපේ සෞඛ්‍ය තත්වයේ අවදානම් කෙරෙහි බලාපාන අයුරු සැබැවින්ම අගනේය.

ජපානයේ සිදු කල තවත් පරීක්ෂණයකදී හෙලිවී ඇත්තේ අපගේ ලේ වර්ගය ඊට සුදුසු කෑම වර්ග හා සම්බන්ධ බවය. එනම් ඔබගේ ලේ වර්ගය අනුව ආහාර රටාව ද තීරණය විය යුතු බවයි. මේ පිළිබඳ වැඩි විස්තර අපි ඊලඟ ලිපියේදි කතා කරමු.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here