යෝජිත තරුණයා / තරුණියගේ තතු කලින්ම සොයා ගන්න

wedding-proposal

ඔබට විවාහ යෝජනාවක් ලැබුන විට අදාල පුද්ගලයා ගැන තොරතුරු සොයා ගන්න. එය ඔහුගේ හෝ ඇයගේ ආත්ම ගරුත්වයට හෝ පුද්ගලිකත්වයට හානි සිදු නොවෙන සේ සිදු විය යුතුයි. අද විද්‍යුත් සන්නිවේදනය හැම දෙනාටම විවෘතයි. ‍‍”ෆේස් බුක්” ඔස්සේ අදාල අයගේ තොරතුරු සොයා ගැනීමට වගේම ඒ අයගේ මිතුරියන් මගින් අදාල සිදුවීමට බලපෑමක් ඇති නොවන විදිහට තොරතුරු විමසා දැනගන්න. අදාල තැනැත්තා දන්නේ කොහොමද ඇසූ විට ඔහුට හෝ ඇයට ඇති සම්බන්ධතාවයය ගැන විවෘත තොරතුරු දැනගැනීමට පුලුවන්. මේ තොරතුරු සත්‍ය හෝ අසත්‍යබව සැක හැර දැනගත්තාට පසුව අදාල යෝජනාව වෙනුවෙන් මනාලියගේ නිවසට යනවාද..? එහෙම නැත්නම් අදාල මනාලයා නිවසට ගෙන්වා ගන්නවාද…? යන තීරණයේ නැවතෙන්න පුලුවනි.

යෝජනාව ගැන චෝදනා

දැක්ක පමනින් අපි කොහොමද තීන්දුවක් ගන්නේ… යෝජිත විවාහ ගැන ඔය විදිහට අදහස් ඇති වෙනවා. ඒක ඇත්ත. ඔබ මුලින්ම දකින තරුණයාට තරුණියට කැමැත්තක් ඇති වීමට වම් ඔබ දෙදෙනා අතර යම් සන්නිනිවේදනයක් ගොඩ නගා ගැනීම වැදගත්. ප්‍රවීන සාහිත්‍යධර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සිය “කපුවා කපෝති” නාටකයේ පසුවදනක් පිලිබඳ දේශනයකදී එක්තරා අවස්ථාවකදී සදහන් කලේ මධ්‍යම පංතිකයන් අතර තිබෙන හිස්බව නිසා විවාහයක් වෙනුවෙන් මනාලියගේ නිවසට ගිය විට කතා මාතෘකාව වෙන්නේ වැස්ස අව්ව පමණක් බවයි. ඒ නිසා ඔබ මනාලියක් බලන්න ගිය විට.. එහෙම නැත්නම් මනාලයෙක් ඔබ බලන්න පැමිණි විට විවෘතව කථා කිරීම ඉතාම වැදගත් බවයි.

දැක්ක ගමන් කැමැති වුණා… දින තීන්දු කළා

විවාහය අසාර්ථක වුන විට අපි විවිධ පැතිවලට චෝදනා කරනවා. අපිට ආශ්‍රය කරන්න ලැබුනේම නැහැ. මාස දෙක තුනකින් මගුලත් ගත්තා. මේ බව ඇත්ත විය හැකියි. ඉටත් අපේ හැම ගතිගුණයක්ම මේ කාලයේ ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. බොහෝ ගති පැවැතුම් විවාහයෙන් පසුව සීරුවට හදා ගන්න පුලුවනි. ඒත් යෝජිත අයටත් පොඩි කාලයක් හෝ ආශ්‍රයට ඉඩක් ලැබුනොත් වඩාත් හොදයි. දෙනේනා ගැන තොරතුරු සහ රුචි අරුචිකම් තේරුම් ගන්නත් මේ කාලයේ පුළුවනි. ඒ වගේම අපේ කැමැත්තටම අපේ රටාවටම ගැලපෙන විදිහට අනිත් පුද්ගලයා හැසිරෙන්නේ නැති වෙන්න පුලුවන්. ඒ වුනත් යම් පමණකින් හෝ ගැලපෙන විදිහට ජීවත්වෙන්න හැකියාවක් තිබෙනවාදැයි අවබෝධය ලබා ගැනීම නරකයි කියන්නත් බැහැ. දුරකථනය වගේම චැට් මගින් සහ විටින් විට සීමාවන් තබා ගෙන පිට ස්ථානයකට ගොස් හමු වීමත් අවශ්‍ය නැත්තේම නැහැ. ආදරය වෙනුවෙන් පසුබිම ගොඩ නැගෙන්නේ එතකොටයි.

සැලසුමක් අවශ්‍යයි

අපේ ජීවිතයට සහකරුවෙක් අවශ්‍ය බව ඇත්ත. ඒ අපි ඉන්නා තැනින් පහළට යෑමටවත් , අපේ නැති ස්ථාවරය විවාහයෙන් ගොඩ නගා ගැනීමවත් නොවෙයි. විවාහය කියන්නේ හෘදංයගම බැදීමක් මිස වත්කම් සපයා ගැනීමක් නොවෙයි. ඒ වුනත් අනාගතයේදී ජීවිතයට මුහුණ දීමට අවශ්‍ය ස්ථාවරය ගොඩ නගා ගන්නා අන්දම ගැනත් සැලසුම් ගොඩ නගා ගැනීමත් ඉතාම වැදගත්. ඒ නිසා දෙදෙනාගේ අදහස් හා යෝජනාවන් හුවමාරු කර ගැනීමත් අනිවාර්යෙන්ම සුදු විය යුත්තකි.

ඔබට අවශ්‍ය විදිහට හසුරුවන්න දැන්ම බැහැදෙන්නා දැන හදුනා ගැනීමේදී ඔබට නොගැලපෙන දේ බොහෝ අනිත් පුද්ගලයා තුළ තිබෙන්න පුලුවන්. ඒත් මේවා ඔබට අවශ්‍ය විදිහට හසුරුවන්න බැහැ. ඒ නිසා මට ඕන විදිහට අනෙක් තැනැත්තා සිටින්න අකමැතියි. ආදරයෙන් බැදුන දෙනේනෙක් නම් කාලයක් පුරා ඔවුනොවුන්ගේ ගති පැවැතුම් හදුනාගෙන සිටින නිසා ගැටළු ඇති වෙන්නේ නැහැ. යෝජිත විවාහට ඊට වෙනස්. ඒ නිසා හැම දෙයම ඔබට උවමනා විදිහට හසුරුවන්න යන්න එපා. අකමැති දෙයට කැමැති කරවා ගන්න බැරි නම් ඒ වෙනුවෙන් කාලය ලබා දෙන්න. දෙන්නා එකවහලක් යට කල් ගෙවන විට මේ වගේ දේවල් ඉතාහ සීරුවට විසදා ගැනීම වැදගත්.

ආදරය කරල විවාහ වෙනවා වගේම යෝජිත විවාහයෙන් පසුවත් ආදරයෙන් ඉන්න පුලුවනි

බොහොම දෙනෙක් හිතන්නේ ආදරය කිරීමෙන් සිද්ධ වෙන විවාහය වඩාත් සාර්ථක බවයි. ඒත්  මේ සියල්ල අපේ ගති පැවැතුම් සමග සම්බන්ධයි. විවාහ ජීවිතයේදී අපේ හැසිරීම් අනුව විවාහය නැමැති සංස්තාවේ පැවැත්ම තබා ගැනීමට පුලුවන්. ඒ නිසා කිසිම විටෙක යෝජිත විවාහයට බිය විය යුතු නැහැ. ඒත් සමහර අවස්ථාවලදී නම් නොමග යවන සුලු සිද්ධීනුත් තිබෙන්න පුලුවනි. ඒ නිසා ඉතාම හොඳින් තොරතුරු සොයා ගන්න පුලුවන්. තොරතුරු සොයා ගැනීම ඔබේ හැකියාවක්. සෑහීමට පත් වීමකින් පසුව විවාහ  වෙන ඔබ මේ විදිහට කියනවා නම් එය ඔබේ දුර්වලතාවයක්.

“අපි ඉතින් ප්‍රපොසල් එකකින්නේ කසාද බැන්දේ..මම එයාව තේරුම් ගත්තේ නැහැ…” ඒත් විවාහයෙන් පසුව ඔබ එහු හෝ ඇය තේරුම් ගැනීමේ හැකියාවෙන් යුක්ත වීම අනිවාර්යෙන්ම සිදු ‍විය යුතු දෙයක්. එය පිටස්තර අයෙකුට කරන්න බැහැ. ඒ අවබෝධය ඇති වෙන්නේ ඔබ දෙදෙනා අතර පවතින හැසිරීම සහ ඒ වෙනුවෙන් දක්වන ප්‍රතිචාර අනුවයි. ඉතින් ආදරයෙන් වේවා යෝජනාවෙන් වේවා  විවාහය තුළ පවතින රටාව සාමයෙන් සතුටෙන් පවත්වා ගැනීම වඩාත් වැදගත්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here