නියපොතු ගැන…

0
5910
caring-nails

ඉතාම කාර්යබහුලව කඩිමුඩියේ දවස ගෙවන අපේ කාන්තාවන්ට තමන්ගේ දෑත දෙපයේ ලස්සන ගැන හිතනන් වෙලාවක් ඇත්තේ නැති බව ඇත්ත. ඒත් සමාජය හමුවේ නිරන්තරව ගැටෙන විට ඇගේ දෑත් සහ ඇගිලි වෙත කාගේත් ඇස ඇදෙනවා. ගුරුවරියක වුනත්, ලිපිකාරිනියක වුනත් එහෙම නැත්නම් වෛද්‍ය වැනි වෘත්තියක වුනත් ඇය සමාජයට නිරාවරනය වෙන අවස්තාවන් ඉහලයි. ඒ නිසාම අතේ ඇගිලි පිලිබඳව ටිකක් අවධානයෙන් සිටීම වැදගත්.

නිය

කාන්තාවකගේ නිය ලස්සනට තබා ගැනීමට නිය ආලේපන අවශ්‍ය නැහැ. අද නම් මුලුතැන්ගෙයි තිබෙන පහසුකම් වගේම කැත්ත, වෙනුවට කැපුම් ලෑල්ලක් පාවිච්චි කරන නිසා ඇගිලිවල කහට ගතිය තැවරෙනවා අඩුයි. ඉස්සර කාන්තාවන්ට නම් කෙහෙල්මුව, අලුකෙහෙල් වැනි එලවලු වර්ග කැපුවාම තලනබටු වගේ එළවළු පිලියෙල කරන විට ඇගිලිවල කහට තැවරීම වලක්වා ගන්න අපහසු වුණා. ඒත් අද නම් අලුත් ක්‍රම නිසා ම් තත්වය බොහෝ සෙයින්ම අඩුයි. ඒ වුනත් ඇගිලි ලස්සනට තබා ගැනීමට නම් දෙහි ලෙල්ලක් අතුල්ලා විනාඩි කීපයකින් පසුව සෝදා හරින්න. ඇගිලිවල තැවරී තිබුන කහට ඉවත් වෙනවා.

අපේ සම මැරී ගියාම ඒවා ඉවත් කරන්නත් අවශයි. මැරුන සම ඉවත් කරන රූපලාවන්‍ය කලාව දැන් හඳුන්වන්නේ “ස්ක්‍රබ්” කිරීම විදිහටයි. මේ වෙනුවෙන් රෑපලාවන්‍යාගාරයට යන්න අවශ්‍ය නැහැ. රසායනයන් අඩංගු විවිධ ආලේපන අවශ්‍යත් නැහැ. ඉතාම පහසුවෙන් මුලුතැන්ගෙයින්ම උපයා සපයා ගන්නා දෙයින් ස්ක්‍රබ් එකක් කර ගෙන ලස්සන දෑතක හිමිකාරිනිය වෙන්න පුලුවනි.

මේ විදිහට ස්ක්‍රබ් හදාගැනීම ඔබට අපහසු නැහැ…

ආහාර පිසීමට නිවසේ ඇති ඔලිව් තෙල් මේස හැන්දකට මීපැනි මේස හැදි එකක් සහ සීනි මේස හැදි හතරක් මිශ්‍ර කරල වැලමිට සිට දෑත් ඇගිලි දක්වා තවරා ගන්න. දැන් රවුමට ඉතා මෘදුව ඇගිලි තුඩුවලින් සම්බාහනය කරන්න. ටික වේලාවකින් පසුව සිසිල් ජලයෙන් සෝදා ගන්න.

පොල්තෙල් මේස හැන්දකට  සීනි මේස හැදි හතරක්, ලුණු මේස හැදි හතරක් , දෙහි යුෂ තේ හැන්දක් සහ මීපැණි මේස හැදි දෙකක් එක් කර ගෙන මුලින් සඳහන් විදිහටම අත් වැලමිට සිට පහලට තවරා ගෙන ස්ක්‍රබ් කිරීමෙන් පසුව සෝදා හරින්න.

ඒ වගේම කෝපි කුඩු මේස හැදි හතරකට පොල්තෙල් මේස හැදි දෙකක් එක් කරගෙන ස්ක්‍රබ් කර ගන්නත් පුලුවනි.

නියපොතු රෝග

නියපොත්තක් ඉදිරියෙන් පහතට බෑවුම්ව පිහිටීම හෙවත් Nail clubbing තත්වයක් තිබුනොත් එය පෙනහලු සහ හදවත් රෝග පිළිබධ අනතුරු දැණුම් දිමක් බව අමතක කරන්න එපා. හදවතට රුදිරය සපයන දමණීන්ගේ, හෘද පේශින් හෝ හෘදය වස්තුවේ ඇති වෙන විවිධ රෝග තත්වයන් මේ නියපොතුවල හැඩයෙන් අපිට කියනවා.

හැඳි නියපොතු (Kolionychia) : ඔබේ නියපොතු හැන්දක් වගේ උඩට නැමුන ස්වභාවයකින් යුක්ත නම් මේ රෝග තත්වය Kolionychia යනුවෙන් හැදින්වෙනවා. රුධිරයේ යකඩ ඌනතාවය නිසා මේ රෝග තත්වය ඇති වෙනවා. රසායනික කර්මානාත්ශාලාවල සේවය කරන අය අතර මේ වගේ නියපොතු දැක ගන්න පුලුවනි. ඒ විතරක් නොවෙයි, වකුගඩු රෝග ගැනත් අනතුරු දැන්වීමක්.

හරස් අතට දිවෙන කාණු  (Transverse lines) : නියපොතු මත හරස් අතට දිවෙන කාණු වැනි පිහිටීමෙන් පෝෂණ ඌනතාවයන් දැන අනතුරු දැන්වීමක්. සින්ක්, කැල්සියම් වැනි පෝෂණ ඌනතාවයන් නිසා මේ පිහිටීම දැක ගන්න පුලුවනි.

 දිග අතට දිවෙන කාණු (medical nail dystrophy) : ධමණීන් ආශ්‍රිත රෝගාබාධයන් ඇති පුද්ගලයින්ගේ නියපොතුවල දිග් අතට දිවෙන කාණු වැනි රටාවන් දැක ගන්න පුලුවනි. මෙය විටමින් ඌනතාවයක්. නියපොත්ත ඉතා පහසුවෙන් කැඩෙන්න පුලුවන් මේ තත්වය දිගින් දිගටම පවත්වා ගත යුතු නැහැ. කැල්සියම් වෙනුවෙන් යොමු වීමෙන් මේ තත්වය මග හැර ගන්න පුලුවනි. ඒ වගේම මෙය නොසලකා සිටියොත් අස්ථි බි‍ඳෙන හෙවත් “ඔස්ටියෝපොරෝසිස්” තත්වයටත් පත් වීම ඉතාම පහසුයි.

සුදු පැහැති ඉරි : නියපොත්තක සුදු පැහැති ඉරි සලකුණු තිබෙනවා නම් එය විටමින් “බී” ඌනතාවයේ නිමිත්තක්. ඒ වගේම තයිරොයිඩ් සහ දියවැඩියාව ගැනත් නොසලකා ඉන්න එපා කියන අවවාදයත් ලැබෙනවා.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here