උදේ නැගිට්ටම කකුල බිම තියන්න බෑ… ඔයාගෙත් එහෙමද ?

0
4370
foot-ache

කොයි කවුරුත් උදේ පාන්දරට ඇඳෙන් බහින්නේ දවසේ ඉදිරි වැඩ කටයුතු ගැන හිතෙන් සැලසුම් කරන ගමන්මයි. ඒත් හිතේ තියෙන උද්යෝගේ තරමටම ඒ කාර්යවල නියැලෙන්න හැකියාවක් මට නම් නැහැ. උදේ ඇහැරිලා දවස පටන් ගන්න සූදානම් වුණත් කකුල බිම තියලා ඇවිදගන්න බැරි තරමටම දැනෙන වේදනාව ඒ හැම කාටයුත්තකටම බාධාවක් වෙනවා. මේ වේදනාව නිසා අලුත් දවසක් වුණත් අලුත් විදියට හිතන්න අමාරුයි.

මොකද්ද මේ වේදනාව…?

මේ තත්ත්වය අද වෙන කොට බොහෝ දෙනෙක් අතර දැක ගන්න පුළුවන් තත්ත්වයක්. මේ තත්ත්වයට හේතු කිහිපයක්ම තියෙනවා.

  • ප්ලාන්ටර් ෆැෂියා නම් වූ ව්‍යුහය ආසාදනයට පත් වීම
  • කැල්කේනියල් අස්ථියේ ඇති වන ආබාධ
  • සබ්ටේලර් සන්ධිය තුළ හටගන්නා ආතරයිටිස් තත්ත්වය
  • කැල්කේනියල් චණ්ඩරාව ඇදීමට ලක්වීමෙන් ඉරීම
  • පෝස්ට් කැල්කේනියල් බර්සා නම් වූ ව්‍යුහය ආසාදනයට ලක්වීම
  • ගර්භිණී අවස්ථාවලදී හෝමෝන වෙනස්කම් ඇති වන අවස්ථාවලදී (බොහෝ කාන්තාවන්ට මෙය ඇති වී පසුව නැති වී යයි)

රෝග ලක්ෂණ :

  • විළුඹ ප‍්‍රදේශයේ වේදනාව හා ඉදිමුම
  • ඇවිදින විට විළුඹ බිම තැබීමට අපහසු වීම
  • සිටගෙන සිටීමේදීත් ඇවිදීමේදීත් වේදනාව වැඩි වීම
  • ඇඟිල්ලකින් විළුඹ තෙරපන විට අධික වේදනාව

රෝගය ඇති වීමට බලපාන හේතුව අනුව එක් එක් රෝගියාගේ රෝග ලක්‍ෂණ වෙනස් විය හැකි අතරම මෙහි ප‍්‍රධාන රෝග ලක්ෂණ වන්නේ උදේට ඇඳෙන් බැස යාමේදී විළුඹ තබන විට ඇති වන අධික වේදනාව ටිකක් ඇවිදින විට අඩු වීමත් විවේකයක් ලබා වාඩි වී සිට සිටගැනීමේදී විළුඹේ අධික වේදනාවක් ඇති වීමත්ය. මේ තත්ත්වය සඳහා ලබා දෙන ප‍්‍රතිකාර රෝගය ඇති වීමට තුඩුදුන් හේතුව අනුව වෙනස් වනු ඇත.

ප‍්‍රතිකාර :

භෞත විකිත්සක

  • කෙටි තරංග ප‍්‍රතිකාරය
  • අල්ට‍්‍රා සවුන්ඩ් ප‍්‍රතිකාරය
  • භෞතික ව්‍යායාම

එසේම ඇවිදින විට කුෂන් හීල් පෑඩ් (Cushion Heel Pad) ලෙස හැඳින්වෙන ආධාරකය විළුඹ ප‍්‍රදේශයට පැලඳීමෙන් මෙම වේදනාව අඩු කරගත හැකි අතරම ගෙදරදී කළ හැකි ප‍්‍රතිකාරයක් ලෙස මඳ උණුසුම් ජල බඳුනකට ලුණු ස්වල්පයක් දමා විළුඹ ප‍්‍රදේශය ටික වේලාවක් ගිල්වා තබාගෙන සිටීම ද කළ හැකිය.

 
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞතචිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here