ග්‍රහයන්ටත් කියන්න බැරි පරපෝෂිතයා හරිහැටි හඳුනගන්න

HIV
දැනගතයුතු වේගවත් කරුණු

  • Human Immunodeficiency Virus ලෙසින් හැඳින්වෙන HIV වයිරසය සෘජුව පහරදෙන්නේ මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටයි.එය ක්‍රමයෙන් මිනිසාගේ ප්‍රතිශක්තිකරණය මුළුමනින්ම අඩාල කරනවා
  • HIV අවස්ථාවේ අවසාන අවධිය AIDS අවස්ථාවයි.මේ තුල විවිධ රෝගලක්ෂණ සහ රෝගී තත්වයන් ඇතිවෙනවා.වැඩිදුරටත් මේ ලිපියේ පසුවට ඒ ගැනත්  කතාකරමු.
ඇත්තටම HIV කියන්නේ මොකක්ද?

HIV කියන්නේ මම මුලින් කිව්වා වගේ Human Immunodeficiency Virus මානව ප්‍රතිශක්ති ඌණතා වයිරසය යන්නයි. අපේ සිරුර රෝගී තත්වයන්ගෙන් ආරක්ෂා කරගන්න විෂබීජ වලට විරුද්ධව සටන් කරන ප්‍රතිශක්තිකරණයට  සෘජු පහරක් තමයි මේ වයිරසය එල්ල කරන්නේ. සුදු රුධිරාණු
(T helper/CD4) මරණයට පත්කරමින් මේ වයිරසය මෙවැනිම වයිරස් 2000ක් වගේ මුදාහරිනවා. ඒ ගමන් සුදු රුධිරාණු තුල සැඟවී ජිවත් වෙමින්  ඒවාම  විනාශ කරනවා. එයින් ක්‍රමයෙන් පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණය අඩපණ වීමක් වෙනවා. ප්‍රතිකර්ම වලට නොගියොත් ඔහුට හෝ ඇයට තවදුරටත් රෝගී තත්වයන් වලට එරෙහිව සටන් කරන්න ශක්තියක් නැතිවෙනවා. HIV වලට හරිහැටි ප්‍රතිකාර නොකලොත් වසර 10-15 වගේ කාලයක් යනකොට මුළුමනින්ම තදබල ලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල වෙනවා. කෙසේ නමුත් HIV ව්‍යාප්ත වීමේ වේගය ආසාදිතයාගේ වයස,සෞඛ්‍ය තත්වය,පසුබිම මත පදනම්ව වෙනස් වෙන්න පුළුවනි.

HIV සඳහා ඇති ප්‍රතිකර්මය අපි හඳුන්වන්නේ antiretroviral treatment ලෙසයි. අපි ඒ ගැනත් දැන් කතාකරමුකෝ. ඔබ HIV ආසාදිතයෙකු නම් මේ ප්‍රතිකර්මයට යන එක තමයි  වැදගත්ම දේ. මෙහිදී මූලික වශයෙන් සිදුවන්නේ වයිරසය විනාශ කරමින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිරවද්‍ය ක්‍රියාවලියට නව ප්‍රාණයක් ලබාදීමයි. මේ ප්‍රතිකර්මය ලබාගැනීමේදී ඔබ ඒ සම්බන්ධයෙන් වෘතීමය වශයෙන් පළපුරුදු පිළිගත් සෞඛ්‍ය මධ්‍යස්ථානයකට යොමුවී එහි නේවාසිකව ප්‍රතිකාර ගැනීම හුඟක් වැදගත්. එහිදී අදාල නිලධාරීන් හට ඔබේ ප්‍රවණතාවය,අතුරු ඵල ආදිය කෙරෙහි  නිතර අවධානය යොමු කරමින් ඔබේ ප්‍රතිකර්ම වෙනස් කල යුතු වේ නම් අවශ්‍යතාවය මත ඒවා ද වෙනස් කරන්නත් හැකිවීම ඔබේ සෞඛ්‍ය තත්වය නංවාලීම සඳහා හුඟක් ලොකු පහසුවක් වෙනවා.

වර්තමානයේ වෛද්‍ය විද්‍යාවේ සීඝ්‍ර දියුණුවත් එක්ක මේ වනවිට මෙම ප්‍රතිකර්මය වඩාත් දියුණු වී තිබීම නිසා පෙති වර්ග බොහෝ ප්‍රමාණයක් ලබාගැනීමට ද එතරම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා පෙරට වඩා අඩු උත්සහයකින් හොඳ සෞඛ්‍ය තත්වයකට එළඹෙන්න හැකියාවක් මේ වෙද්දී තිබෙනවා. ඔබට ප්‍රතිකර්මය පටන්ගන්න පෙර විවිධ පරීක්ෂණ වලට ලක්වෙන්න සිදුවන්නේ අදාළ ප්‍රතිකාර පටන්ගත යුත්තේ කොයි කාලයේද යන්න තීරණය කරගන්නයි. ඒවගේම HIV ආසාදිත දරුවකුව මේ ප්‍රතිකර්මයන් සඳහා යොමුවීමට ධෛර්යවත් කිරීම අතිශයින්ම වැදගත්. කලින්ම දැනගත්තම ඉතා අඩු කාලයකින් ප්‍රතිකර්මවලට යොමුවී දීර්ඝ කාලයක් සෞඛ්යවත්ව අන් අය මෙන් ජිවත් වීමට හැකියාවක් ලැබෙනවා. ශුක්‍ර රුධිරයේ,යෝනි සහ ගුද තරල මෙන්ම මව් කිරි වලින් ද HIV තත්වය අසාදනය වනවා. දහදිය,කෙල හෝ මුත්‍ර වලින් HIV කිසිසේත්ම ආසාදනය වන්නේ නැත. එමෙන්ම HIV ආසාදිතයකු හා එකට එක්ව කා බී,වැළඳගෙන මුහුණට මුහුණ කතාකළ පමණින් HIV ආසාදනය වනවා යන්න මුළුමනින් ම මිථ්‍යාවකි. රුධිරය තම රුධිරයට අන්තර්ගත වීමෙන් පමණක් ඇතිවන මෙම තත්වය ලිංගික එක්විමකදී සහ ආසාදිත දෙමව්පියන්ගෙන් බිහිවන ළදරුවාට ආකාරයෙන් පමණක් වැළඳේ.

මදුරුවන් වැනි ලේ උරා බොන සතුන් මඟින් මෙය  ආසාදනය වෙන්න පුලුවන්ද?

මෙසේ නොවෙන්න මූලික වශයෙන් හේතු කිහිපයක් තිබෙනවා

  1. T4 ආකාරයේ ප්‍රතිදේහජනක නොමැතිවීම නිසා වයිරසය සෛල තුල තැන්පත් නොවීම.
  2. දේහ තරල වල වයිරසයට අදාළ ප්‍රතිදේහ අවම මට්ටමේ පවතින්නේ නම් HIV ආසාදනය සිදුවන්නේ නැහැ. එවැනි ශරීර තමයි මදුරුවන්,ඇඳන් මකුණන් වැනි ලේ උරා බොන සතුන් ගේ ඇත්තේ.එමනිසා HIV එසේ ආසාදනය වීම පවතින්නේ ශුන්‍ය තත්වයකයි.

HIV සහ වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන තත්වයන්ගෙන් වැලකි සිටීමේ දැනට පවතින හොඳම මාර්ගය වන්නේ ලිංගික කටයුතු වලදී පිරිමි සහ ගැහැණු කොන්ඩම භාවිතයයි. එමෙන්ම ඔබ බෙහෙත් වර්ග එන්නත් කරනවානම් එන්නත් කටුව සහ සිරින්ජය විෂබීජ හරණය කර තිබිය යුතුමයි.කිසිසේත්ම එන්නත් හුවමාරු කරන්න එපා!

ඔබ HIV ආසාදිත ගර්භනී මවක නම් ඔබේ රුධිරයේ ඇති වයිරසය ඔබේ දරුවාගේ රුධිරයට ද ඇතුල්වීමේ ප්‍රවනතාවය වැඩි මට්ටමකයි පවතින්නේ. ඒ වගේම උපත ලැබූ ළදරුවාට මව්කිරි දීමෙන් HIV අසාදනය වීම සිදුවෙනවා. HIV සඳහා වන ප්‍රතිකාර නියමිත මාත්‍රාවට  අනිවාර්යයෙන්ම ලබාගැනීම මඟින් ක්‍රමයෙන් මේ තත්වය බොහෝ සෙයින් පාලනය කර දමන්න හැකියාව තිබෙනවා.

දැන් බලමු AIDS කියන්නේ මොනවද කියල

ඒඩ්ස් කියන්නේ වයිරසයක් නෙමේ. ඇත්තටම කිව්වොත් ඒඩ්ස් කියන්නේ HIV වයිරසය නිසා හටගන්නා රෝග ලක්ෂණයක්. ඒඩ්ස් තත්වයට යම් ආසාදිතයෙක් පැමිණෙන්නේ තවදුරටත් කෙසේවත් ප්‍රතිශක්තියක් සිරුරේ නොමැති විට රෝග වලට එරෙහිව සටන් කරන්න සිරුර දුර්වල වන අවස්ථාවේදීයි. මෙය HIV තත්වයේ අවසන් අවස්ථාවයි. ආසාදනය සංකීර්ණ තත්වයට පත්වෙද්දී ප්‍රතිකර්ම අතරමඟදී නොගැනීම නිසා අසාද්‍ය තත්වයටම රෝගියා පත්වනවා. එයින් අවසානයේ සිදුවන්නේ මරණයයි.

  • AIDS යනු acquired immune deficiency syndrome ය.
  • HIV ආසාදනයේ සංකීර්ණ අවධිය හෝ අන්තය ලෙස ඒඩ්ස් සැලකෙන්නේ.
  • HIV ආසාදනය වූ අවස්ථාවේම ප්‍රතිකර්ම වලට යොමුවීම වැඩි ජනගහනයක් නිරෝගී තත්වයෙන් පසුවීමට හේතුවනවා.
  • මෙන්ම එලෙස ප්‍රතිකර්ම වලට නොයාමෙන් සිදුවන්නේ යම් ජනගහනයක් AIDS තත්වය වර්ධනය කිරීමයි.

HIV සදහා නිට්ටාවට සුවවන බෙහෙතක් දැනට නොමැති වුවත් ආයුෂ කාලය වැඩිකරගනිමින් සාමාන්‍ය ජනතාව මෙන් නිරෝගිව ජීවත්වෙන්න හැකියාවක් ප්‍රතිකර්මවලින් ලැබෙනවා.

HIV  ආසාදිතයකුගේ මානසික සෞඛ්‍යය  

මෙන්න මේ කාරණයේදී  අපේ සමාජය පසුවන්නේ  හුඟක් දුර්වල මට්ටමකයි.

මානසික සෞඛ්‍යය යනු?
මානසික සෞඛ්‍යය ඔබේ මනෝභාවයන්,හැඟීම් සහ සමාජයීය යහ පැවැත්ම සඳහා  සෘජුව බලපානවා. HIV සමඟ ජිවත්වෙද්දී මානසික සෞඛ්‍යය ඉතාම වැදගත්. ඇත්තටම HIV අපේ එදිනෙදා රාජකාරි කටයුතු හෝ ඉගෙනීම් වලට බාධාවක් නොවේ. නමුත් ඒ සඳහා අප හොඳ මානසික සුවයකින් සිටීම ඉතාම වැදගත්. ධනාත්මක චින්තනය මිනිසාට එදිනෙදා අවපීඩන,මානසික ගැටළු මෙන්ම කායික ගැටළු පවා විසඳගන්න ඇති හොඳම ශක්තියයි.

මේ තුල ඔබට හොඳින් තීරණ ගන්න,ඔබේ විභවයන් හඳුනාගන්න,කඩිසරව වැඩකරන්න වගේම පවුලේ සාමාජිකයන්ගේ වුවද මානසිකත්වය ශක්තිමත් කරන්න හැකියාවක් ලැබෙනවා. එමෙන්ම පවුල සහ සමාජය හැටියට අපේ යුතුකම මෙවන් ආසාදන තත්වයන්ගෙන් පසුවන පුද්ගලයන් සමාජයේ කාටත් පොදු මානව අයිතීන් ඇති අනික් අය හා සමාන සාමාන්‍ය පුද්ගලයන් සේ දැකීමයි. එහිදී ලිංගික ගනුදෙනු වලින් හෝ රුධිර ගනුදෙනු වලින් වැලකි සිට  ඕනෑතරම් ඔවුන් හා කටයුතු කරන්න අපට කිසිදු බාධාවක් නැහැ. ඇත්තෙන්ම අප බියවිය යුත්තේ ආසාදිතයන් බව අප දන්නා අයගෙන්  නොවේ. HIV තමාට ඇතිබව වත් නොදන්නා මෙන්ම HIV තමන්ට ආසාදනය වී ඇතිබව දැනගෙන සඟවා සිටින්නන් ගැනයි අප බියවිය යුත්තේ. එවන් අය සමාජයේ ඉදිරියට ඇවිත් ප්‍රතිකාර ලබා නොගෙන සැඟවී සිටින්නේ සමාජය ඔවුන් දෙස වපර ඇහින් බලමින් ඔවුන් සමාජයෙන් අයින් කර දමන තත්වයක් තිබෙන නිසයි. සැබවින්ම HIV සහ AIDS යනු බරපතල තත්වයන්ය. අඛණ්ඩව ප්‍රතිකර්ම වලට නොගියොත් ඉතිරිව ඇත්තේ මරණය පමණයි. එසේනම් අප සියල්ලන්ගේම වගකීම ලෙස මෙහිදී ඇත්තේ අපරික්ෂාකාරී ලිංගික කටයුතු වලින් වැලකී සිටීම පමණක් ම නොවේ. ආසාදිතයන් සමාජයෙන් කොන් නොකිරීමත්,ආසාදනය වූ බව දැනගත් පසු නිසි ප්‍රතිකාර වලට යොමුවීමත් අප ඔබ  කාගේත් වගකීම් අතර වනවා.

කේන්දර ගැලපීමට වඩා වටින්නේ ඇත්තටම රුධිර ගණ ගැලපීම සහ නිධන්ගත රුධිර රෝග ඇත්දැයි පරික්ෂා කිරීම නොවේද? කේන්දරේ ඔය කියන  ග්‍රහයන්ට ඒවා ගැන කියන්නවත් පුලුවන්ද?

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here