තරුණ පෙනුම රැකගන්න වටිනාම කරුණු ටිකක්

0
6650
woman-with-young-look

කාන්තාවකගේ තරුණ පෙනුම අන් අයගේ ආකර්ෂණයට ලක්වන්නක්. වියපත් වුවත් සුන්දර පෙනුමක් ලබා ගන්න කාන්තාවන් උත්සාහ කරන්නේ මේ නිසයි. ආකර්ෂණීයත්වය යනු පැහැපත් සමක්, සුන්දර මුහුණක්, වටිනා ආභරණ, වටිනා ඇඳුම් පැලඳුම් ආදී දේවල්වලින් පමණක් තීරණය වන දෙයක් යැයි බහුතරය විශ්වාස කරනවා.

සම සුදු පැහැ ගන්වන ආලේපනවලට අද ශ්‍රී ලංකාව තුළ මෙතරම් ඉල්ලුමක් තිබෙන්නේ ආකර්ෂණීයත්වය රැඳී ඇත්තේ සුදු පැහැති සමකයැයි බොහෝ දෙනා සිතාගෙන සිටින නිසා.නමුත් ඇත්තටම කාන්තාවකගේ ආකර්ෂණීය බව තීරණය වන්නේ කෙසේද? ඇඳුම්, පැලඳුම්, පෙනුමට අමතරව ඇය සතුව පවතින ආකල්ප, හැසිරීම් රටා හා ශක්තීන් ආදී මේ සියල්ලම ආකර්ෂණීයත්වය තීරණය කිරීමට හේතු වනවා. පහත දැක්වෙන්නේ කාන්තාවක් සතුවිය යුතු එවන් දෑ කිහිපයක්.

හිරු ආවරණ ආලේපනයක් ගල්වන්න

හිරු රශ්මිය වැඩි දිවා කාලයේදී හිරු කිරණින් සම ආරක්‍ෂා කර ගැනීමට නම් සුදුසු හිරු ආවරණ ආලේපනයක් ගැල්විය යුතුමයි. නැත්නම් සමට හානිවෙමින් පිග්මන්ටේෂන් වැනි තත්ත්වය හා සම රැලි වැටී වියපත් වීමද ඉක්මන් කරවයි.

හොඳ තත්ත්වයේ මේකප් භාවිතය

මුහුණේ සම ඉතා සංවේදීයි. මේ නිසා ඒවාට සුදුසු නිෂ්පාදන වර්ග තෝරා ගැනීමේදී දෙවරක් සිතිය යුතුයි. සමේ ආරක්‍ෂාව ගැන සිතමින් නිතරම මිල තරමක් අධික වුවත් ප්‍රමිතිගත නිෂ්පාදන තෝරා ගැනීමට වග බලා ගන්න. නැත්නම් ඔබේ මෘදු සමට හානි කර තත්ත්ව ඇතිවිය හැකියි.

දින චර්යාව වෙනස් කර ගන්න

ඔබ යොවුන් වියේ පසු වුවත් සම වියපත් වීම ගැන සැලකිලිමත් වන්න. ඔබ මැදිවියේ පසු වුවත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු වන්නේ නම් සමේ තරුණ බව එලෙසම පවත්වා ගන්න හැකිය. ඇස් යට ගල්වන ජෙල් හා දිවා කාලයේ භාවිත කරන ආලේපනවල සිරුර වියළීම වැළැක්වීමේ ද්‍රව්‍ය අඩංගු වීම වැදගත් කරුණකි. එවැනි ස්ථාන ඉක්මනින් රැලි වැටෙන නිසා සුදුසු සත්කාර තෝරා ගන්න. ඒත් සමඟම පෝෂ්‍යදායී ආහාරවලටද මුල්තැනක් ලබා දෙන්න.

සුව නින්දක් ලබන්න

රාත්‍රියේදී ලබන සුව නින්දෙදි දවස පුරා වෙහෙස වූ ඔබට විවේකයක් ලබා ගත හැකිවන අතරම ශරීරය ප්‍රබෝධයද ලබාදෙයි. යහළුවන් සමඟ විනෝදවීමට හෝ වෙනත් කාර්යයන් නිසා සුව නින්දක් ලැබීමට නොහැකි වීමටද පුළුවන. පැය 8ක සුව නින්දක් ලැබීමේදී සිරුරේ අනෙක් අවයවවලට මෙන්ම සමටද ප්‍රබෝධයක් නිරෝගී බවක් ලබාගත හැකියි.

සම හොඳින් පිරිසුදු කරන්න

සමේ ලප කැළැල් හා සිදුරු ඇත්නම් සුදුසු ක්ලෙන්සර් එකක් යොදා ගෙන සම හොඳින් පිරිසුදු කර ගන්න. නමුත් තදින් ඇතිල්ලීම හෝ රළු තුවායකින් මුහුණ පිසදැමීම නම් සුදුසු නැත. මේ නිසා සම ඉක්මනින් රැලි වැටී වියපත් බවක් ඇතිවිය හැකියි. වැඩියෙන් සේදීම සමේ ඇතිවන ස්වාභාවික තෙල් ගතිය ඉවත් කිරීමටද හේතුවිය හැකියි.

නින්දට පෙර මේකප් ඉවත් කරන්න

උදේ මේකප් ගැල් වූ පසු හවස් වන විටවත් මේවා හොඳින් සෝදා ඉවත් කර නින්දට යන්න. මේකප් ඉවත් කරන ප්‍රමිතිගත නිෂ්පාදන තෝරාගෙන මෙය සිදුකිරීම වැදගත්ය. නැතිනම් රාත්‍රි නින්දෙදි සම නැවතත් ප්‍රාණවත් වන විට එහි ගැල්වූ මේකප්වලින් මුහුණට විවිධ ආසාදන ඇතිවිය හැකි අතරම කල් ගතවන විට සම ඉක්මනින්ම වියපත් විය හැකියි.

සීනිවලින් ඈත් වන්න

දිනකට සීනි සුළු ප්‍රමාණයක් අප ශරීරයට අවශ්‍ය වන බව සැබෑවක්. නමුත් සීනි වැඩිපුර ගැනීම නිසා ඔබේ වියපත් බව මතුවී පෙනෙයි.මොකද සීනි හෙවත් දියවැඩියාව කියන රෝග තත්වය හැදුනොත් ඔබේ වයසට වඩා වයස බවක් ඔබෙන් මතු වෙලා පෙනෙන්න ගනීවි. ඒ නිසා සීනි පාලනය ඔබේ ආකර්ශනයට ප්‍රධානතම හේතුවක්.

හෘද ව්‍යායාම කරන්න

හෘදයට හිතකර ව්‍යායාම කිරීමෙන් ඔබේ මුළු සිරුරටම ප්‍රබෝධයක් ලබාගත හැකියි. දිනකට මිනිත්තු 45ක්වත් මෙම ව්‍යායාම්වල නිරත වීමෙන් හදවත මෙන්ම සමද නිරෝගීව තබා ගැනීමට හැකි බව නම් කිව යුතුමයි. මෙහිදි ලේ ගමනය ප්‍රාණවත් වී අලුත් සෛල නිපදවීම මගින් ඔබට තරුණ පෙනුමක් ලබා දෙනවා. ඒ වගේම ශක්ති සම්පන්නබවක් ලබා ගන්නත් මෙම ව්‍යායාම ඔබට උපකාරි වේවි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here