ලැප්ටොප් පරිඝණකයක් මිලට ගැනීමේදී ඔබත් මෙම කරුණු පිළිබඳව සැලකිලිමත් වන්න

0
5554
woman-buying-a-laptop

ඇත්තටම අපි යමක් මිලදී ගන්න කඩයකට ගියත් වැඩිපුර ඒ මිලදී ගන්නා දෙය පිළිබඳව එතරම් සැලකිල්ලක් දක්වන්නේ නෑ. නමුත් මොන යම් දෙයක් වුවත් මිලට ගන්නා විට ඒ ඒ භාණ්ඩය අනුව අපි ඒ දේ පිළිබඳ සැලකිලිමත් ව එය මිලදී ගත යුතුයි.  ඉතින් අද අපි Womanly.lk  වෙතින් ඔබට කියන්නෙ ඔබ ලැප්ටොප් පරිඝණකයක් මිලදී ගන්නේ නම් ඔබ මිලදී ගන්නා ලැප්ටොප් එකෙහි අනිවාර්යයෙන් ඔබ බැලිය යුතු කරුණු කිහිපයක් ගැන.  එසේනම් ඔබත් අළුතින් ලැප්ටොප් පරිඝණකයක් මිලට ගන්නවා නම් මෙම කරුණු පිළිබඳවත් සැලකිලිමත් වන්න.

පහසුවෙන් ගෙන යෑමේ හැකියාව

ඇත්තටම ඔයාල බලයි මොකක්ද මේ කියන්නෙ. ලැප්ටොප් එකක් කොහොමත් පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකියි නේද කියලා. ඔව්, ලැප්ටොප් එකක් කිව්වම අපිට ඕනම තැනක ගෙනියන්න පුළුවන් දෙයක් වුනාට  ලැප්ටොප් වලත් එක එක ප්‍රමාණයන් තියෙනවා. ඉතින් ඒ අතර ගොඩක් පහසුවෙන් එහා මෙහා ගෙනියන්න පුළුවන් ලැප්ටොප් වර්ගයක් තමයි  Notebook  වර්ගයේ ලැප්ටොප් පරිඝණක. ඉතින් ඔයා ලැප්ටොප් මිලදී ගනිද්දි බලන්න ඕන එක් දෙයක් තමයි එ් පරිඝණකයේ ප්‍රමාණය  හා ඔයාගෙ වැඩ වලට එහා මෙහා ගෙන යන්න පහසුද කියන කාරණය.

RAM එක හා  Processer එක

ඔබ කරන්නා වූ රාජකාරි අනුව ඔබ මිලදී ගන්නා ලැප්ටොප් එකෙහි  ප්‍රොසෙසර් එක හා රැම් එකෙහි  ප්‍රමාණයන් පිළිබඳව හොඳින් සැලකිලිමත් විය යුතුයි.  සාමාන්‍යයෙන් ඔබ කාර්යාලීය කටයුතු පවා නිවසට ගෙනවිත් සිදු කරන අයෙක් නම්  ලියකියවිලි ආරක්ෂිතව ඔබගේ සන්තකයේ රදවා ගත යුතුයි නම් , ඔබ ආයතනයක ඉහළ පෙලේ නිළධාරියෙක්, ගුරුවරයකු  නම් අනිවාර්යයෙන්ම ඔබ මිලදී ගන්නා ලැප්ටොප් පරිඝණකයෙහි  රැම් එකෙහි හා ප්‍රොසෙසර් එකෙහි ධාරිතාව ප්‍රබල මට්ටමක පැවතිය යුතුය.

බැටරිය හා වගකීම

ඔබ මිලදී ගන්නා ලැප්ටොප් එකෙහි බැටරිය හා එහි වගකීම පිළිබඳව සැලකිලිමත් වෙන්න. සමහර අවස්ථා වලදී  Showroom වල සිදුවන යම් යම් වංචනික ක්‍රියා නිසා ඔබ අලුත මිලදී  ගත් ලැප්ටොප් එකෙහි වුවද  අලුත් බැටරිය පවා වංචනික ලෙස වෙනත් ලැප්ටොප් පරිඝණක වලට මාරු කරන්නා වු අවස්ථා නැතුවාම නොවෙයි. ඒ නිසා ලැප්ටොප් එකක් මිලදී  ගන්නා විට එහි බැටරිය පිළිබඳව ද සැලකිලිමත් වන්න

වෙළෙඳ නාමය

ලැප්ටොප් පරිඝණකයක් මිලදී ගැනීමේදී එම ලැප්ටොප් එක ඉහල වගකීමක් සහිත වෙළෙඳ නාමයක් යටතේ තෝරා ගන්න.   Apple, Dell, Acer, Toshiba, MSI, Lenovo, HP  වැනි ඉහල වෙළෙඳ නාම යටතේ  ලැප්ටොප් එකක් තෝරා ගැනීමට ඔබත් නුවණක්කාරී වන්න.

USB කෙවෙනි

ලැප්ටොප් එකක් මිලදී ගැනීමේදී  USB 2.0, 3.0 කෙවෙනි සහිත ලැප්ටොප් මිලට ගන්න.

ලැප්ටොප් එකෙහි ස්වභාවය

ROM එක,  බැටරියේ ආයු කාලය, touch pad එක, යතුරු පුවරුව යන මෙම දේවල්  වල ස්වභාවයද සැලකිල්ලට ගෙන ලැප්ටොප් එකක්  තෝරා ගන්න.කිසිම දිනක පිටත පෙනුමට නොරැවටී මෙම සඳහන් කල සියලු දෑ ගැන හොදින් බලා නිරීක්ෂණය කොට  මිලට ගැනීමට සැලකිලිමත් වන්න.

අතේ ඇති මුදලට හොඳම දේ  මිලට ගැනීම සඳහා තොරතුරු සොයා බලන්න

ඔබ  ලැප්ටොප් පරිඝණකයක් මිලට ගැනීමට  පෙර අන්තර්ජාලය හරහා  ලැප්ටොප් පරිඝණක පිළිබඳව විස්තර සොයා දැන ගන්න.  හොඳම ආකාරයේ ලාභදායී ලෙස ලැප්ටොප් පරිඝණකයක් මිලට ගත හැකි අලෙවි ආයතන වල මිල ලයිස්තුවක්ද  ප්‍රථම නිරීක්ෂණයට ගෙන ලාභදායි වෙළෙඳ නියෝජිතයා වෙත යෑමට නුවණක්කාරී වන්න.

ඉතින් එහෙනම් අළුත ලැප්ටොප් පරිඝණකයක් මිලදී ගන්න ඔබත් සිහින දකිනවා නම් මෙම කරුණු පිළිබඳවත්  අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here