Online Shopping කරද්දී දැනගන්නම ඕනේ කරුණු 5ක්

online-shopping

Shopping නැත්නම් භාණ්ඩ මිලදී  ගැනීමට ඔබ විශේෂ කැමැත්තක් දක්වන්නේ  නම්, ඉන් ඔබ සෑහීමට පත්වෙන්නේ නම්, ලෙහෙසිම සහ වඩාත් කාර්යක්ෂම ක්‍රමය වන්නේ අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදී ගැනීමයි.ඇඳ ඇතිරිලි සිට ඉලෙක්ට්‍රොනික උපාංග දක්වාම විවිධ අඩු මිල ගණන් වලට වට්ටම් වලට එකම භාණ්ඩය විවිධ තැන්වල මිල සසඳන්නට අවුවට කර නොවී පිඩනයකින් තොරව ශොපින්ග් කරන්න අන්තර්ජාල සේවාවන් අපට ලබාදෙන්නේ පහසුවක්.කෙසේවෙතත් අන්තර්ජාලයෙන් භාණ්ඩ වෙන් කරගන්න මත්තෙන් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කිහිපයක් ගැනයි womanly.lk තුලින් අද මගේ කතාබහ වෙන් වෙන්නේ….

ප්‍රතිලාබ ප්‍රතිපත්තිය (return policy) කියවන්න

මෙය යම් දෙයක් අන්තර්ජාලයෙන් මිලට ගන්න පෙර ඔබ විසින් කල යුතු දෙයක්.ඇතැම් සමාගම් වල නැවත භාරදීම් සම්බන්ධයෙන් දැඩි කාල රාමු සහ ප්‍රතිපත්ති අනුගමනය වෙනවා.සමාගමෙහි පාරිභෝගික සේවා අංශය අමතා එලෙස වෙනස්කම් තිබේදැයි දැනගන්න.එකම සමාගමේ වුනත් විවිධ භාණ්ඩ සඳහා වන return policy එක වෙනස් වෙන්න පුළුවන්.ලීබඩු,ඇඳුම්,සුවඳ විලවුන් ආදී ලෙස…

ප්‍රවාහන ගාස්තු සහ කාල රාමු පරික්ෂා කරන්න

ඔබ භාණ්ඩ මිලදී ගන්නා ආයතන හෝ සමාගම අනුව ඕනෙම ස්ථානයකට භාණ්ඩ ප්‍රවාහනය මූලික වශයෙන් ව්‍යාපාරික දින 5 ත් 15 ත් අතර කාලයක් තුල සිදුවීම සම්මතයයි. ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ නම් උපරිම සති 6ක් ගතවෙනු ඇති. ඉක්මනින් නැව්ගත කර ලබාගන්න භාණ්ඩ අවශ්‍ය වුනත් එයට අධික වියදමක් දරන්නට සිදුවිය හැකියි.අනික් අතට ගත්කල ඇතැම් සමාගම් වල භාණ්ඩ ලබාගැනීම සඳහා වන ප්‍රවාහන ගාස්තුව යම් සම්මතයක්  ඇතුව පවත්වාගෙන යන අතර ඇතැම් භාණ්ඩ සඳහා ප්‍රවාහන ගාස්තු අයකරන්නේද නැත.ප්‍රවාහන ගාස්තු සහ අයකිරීම් සම්බන්ධයෙන් ඔබ පුර්ව දැනුවත්භාවයකින් පසුවීම ඉතා වටිනවා.

තත්ත්ව ඇගයීම් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න

මෙය කවුරුත් දන්නා rating ක්‍රමයයි.අදාළ වෙබ් අඩවියෙන් පෙර භාණ්ඩ වෙන් කරගත්,ලබාගත් පිරිස් සිය ප්‍රතිචාරය දක්වා rating 1 සිට 5 දක්වා පලකරනවා.1 යනු අවම  මට්ටමයි.5 යනු උපරිමයි.ඔවුන් දක්වා තිබෙන අදහස් පිලිබඳ ඔබ මඳක් කියවා සැලකිලිමත් වෙන්න.බහුතරයක් ගුණාත්මක බව ගැන ධනාත්මක දේවල් කියා ඇත්නම් එහිදී අදාළ වෙබ් අඩවියේ ඇති පාරිභෝගික සේවය සහ භාණ්ඩ තත්වය පිලිබඳ ඔබට යම් වැටහීමක් ලබාගන්න පුළුවන්.

නැවත වරක් පාරිභෝගික අදහස් කොටස පරික්ෂා කරන්න

online-shopping-rating

මෙහිදී විශේෂයෙන් මා කියන්න හදන්නේ ව්‍යාජ ප්‍රතිචාර හෙවත් fake online reviews ගැනයි.ඇතැම් සමාගම් සහ වෙබ් අඩවි සිය වෙබ් අඩවිය අව්‍යාජ බව පෙන්වන්නට බොරු ප්‍රතිචාරයන් පලකරන්න පෙළඹෙනවා.යම් කෙටි කාලයක් තුලදී පෝස්ට් ගොඩක් දකින්න ලැබෙනවා නම්,අනන්‍යතාවයක් තහවුරු නොවන ලෙස පාරිභෝගිකයන් සිය ප්‍රතිචාරය දක්වා තිබෙනවානම්,very nice,thanks ලෙස පමණක් කෙටි ප්‍රතිචාර බොහොමයක් දකින්න ලැබෙනවා නම් ටිකක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.අවංක පාරිභෝගිකයෙක් සිය අදහස හොඳ හෝ නරක වේවා බොහෝ දුරට එලෙස කෙටි ප්‍රතිචාර දක්වන්න පෙළඹෙනවා අඩුයි.

ඔබට අවශ්‍ය දේ එයමද කියා තහවුරු කරගන්න

ඔබට අවශ්‍ය දේ අදාල භාණ්ඩයෙන් කරගැනීමේ හැකියාව තිබෙනවද යන්න පිළිබඳව නිෂ්පාදනය සම්බන්ධයෙන් ඇති භාණ්ඩ විස්තරය දෙස සැලකිල්ලෙන් බලා තහවුරු කරගැනීම අවශ්‍යම දෙයක්.ප්‍රමාණය ගැන…උදාහරණයක් ලෙස ඔබ වෙන්කරගන්න යන්නේ අත්බෑගයක් නම් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා අත්බෑගය ලොකුද පොඩිද යන්න dimension කොටස හරහා ඔබට දල අදහසක් ගන්න පුළුවනි.දැව භාණ්ඩයක් නම් එය නිවසේ දොරෙන් ඇතුලට ගන්න පහසුයිද යන්නත් මේ භාණ්ඩ විස්තරය කියන කොටසින් දැනගන්න පුළුවන්කමක් තියෙනවා.භාණ්ඩය  වෙන් කරන්න කලින් ඔබ තෝරා ඇත්තේ නිවැරදි ප්‍රමාණය,භාණ්ඩ ගණනද?,හරි වර්ණයද?හරි වර්ගයද කියන දේවල් ගැන දෙවරක් පරික්ෂා කර බලන්න.අදාළ භාණ්ඩය ආපහු භාරදෙන්න කරදර වෙනවට වඩා මේ තත්වයන් ගැන පිරික්සා බැලීම ඵලදායී වනවා.භාණ්ඩය වෙන් කරන්න කලින් අදාළ භාණ්ඩය සඳහා විශේෂ වට්ටම් කූපනයක් තිබෙනවද බලන්න.ෆේස්බුක් වෙබ් අඩවියේ අදාළ භාණ්ඩය එක් වරක්  ශෙයා කිරීමෙන් වට්ටමක් ලැබෙන අවස්ථාද තිබෙනවා…කෙසේ වෙතත් ඒ ගැන ඔබ මඳක් සැලකිලිමත් වෙන්න.මන්ද ඒ හරහා ඔබේ පුද්ගලික තොරතුරු අදාල පාර්ශ්වයට රහසේම ගමන් කරන්නත් හැකියාව තියෙන නිසා අදාළ වෙබ් අඩවිය තුල rating මෙන්ම යාවත්කාලින කිරීම් නිවැරදි ලෙසින් සිදුවෙනවදැයි බලන්න.

ප්‍රවේසමෙන් කලොත් online shopping කියන්නේ ඇත්තටම පහසු දෙයක් තමයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here