පියවර 3කින් ජීවිතයට ඉලක්කයක්

0
3784
Harshana_Serasinghe_Womanly_2016_06_013

ජීවිත ගමනේ ඉදිරියට යන අපි කාටත් ඉලක්කයක් තිබිය යුතුයි. නැත්නම් ඔබ, අපි ජීවිතය අයාලේ ගෙවනවා මිස තමන්ට, රටට හෝ ලෝකයට  වැඩක් වන දෙයක් කිරීමට බලා නොගනී. සෑම වසරකම මුල්කාලයේදී ජීවිතයේදී මුහුණ දෙන ප්‍රශ්න නිසා වැටුණු අය නැවතත් ගොඩ යෑමට වගේම, තමන්ගේ ජීවිතය අළුතින් ආරම්භකිරීමට කැමති අය ඉලක්ක සාදාගනිති. එහෙත් වසරේ අර්ධයක් ගත වන්නටත් පෙර ජනවාරි මාසයේ මුල් සතියේදීම ඒ ඉලක්ක ඒ ගොඩක් අයට අමතක වී යයි.

මීට හේතුව නම් ගොඩක් අය ඉලක්කයක් ලෙස යම් කිසි දෙයක් හිතුවත් ඒ ඉලක්කයට ළඟාවන ගමන යන්නේ කෙසේද යන්න සැලසුම් කරනොගැනීමයි. මේ නිසා සමහරුන්ට එම ඉලක්කය ගැන සිතීමද තරමක හිසරදයක් ගෙනදෙයි. ඉන් අනතුරුව නැවතත් ඔබ ඔබේ පරණ ජීවිතයටම ගමන් කරයි.

අද ලිපියෙන් මම කතාකරන්නට යන්නේ ඔබේ ජීවිතයට නිවැරදී ඉලක්කයක් සාදාගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ඉතින් අපි පටන් ගමු නේද?

1. ඔබේ සිහිනය කුමක්ද යන්න තීරණය කරන්න

ඔබට මේ වසර හෝ මේ දින වකවානුව අවසානයේ කුමන තත්වයක සිටිය යුතුද යන්න ඔබ තීරණය කරන්න.

උදාහරණයක් ලෙස ඔබ දැනට යම් කිසි ව්‍යාපාරයක නිරත වන අයෙක් නම් මේ අවුරුද්ද අවසන් වන විට ඔබට ඔබේ ව්‍යාපාරයේ ලාභය දැනට පවතින අගයට වඩා දහගුණයකින් වැඩි කරගැනීම ඔබේ සිහිනය ලෙස තීරණය කර ගත හැකිය.

ඉහත උදාහරණයේ ආකාරයට ඔබත් ඔබේ සිහිනය තීරණය කරන්න.

2. ඉලක්කය ඔළුවට දාගන්න

ඉහත ආකාරයට සිහිනයක් තීරණය කරගත්තේ නම් එය ඉලක්කයක් ලෙස නිතරම මතකයේ තබාගැනීම මීළඟ පියවරයි. එනම් ඔබ ඔබේ මව, පියා සහ ඔබ ආදරය කරන අයගැන සෑම වේලාවක සිතනවා මෙන් මේ සිහිනය නැතිනම් ඉලක්කය පිළිබඳවද සෑම වේලාවකම සිතිය යුතුය.

සරළවම කිව්වහොත් ඔබ ඔබේ ඉලක්කයට මවට, පියාට ආදරය කරනවා මෙන් සෑම වේලාවකම ඉලක්කයටද ආදරය කරන්න. සෑම වේලාවකම ඉලක්කය ඔබේ මනසින් ගිලිහීමට ඉඩ නොදෙන්න. ඉලක්කය සම්පූර්ණ කළ විට ඔබ සිටිය යුතු තැන ගැන සිහින දකින්න.

3. ඉලක්කයට යන ගමන් මග පියවරවලට බෙදාගන්න

ඉලක්කය ඔළුවට දාගෙන ඉවර අය මේ අදියර ක්‍රියාත්මක කරන්න. මේ අදියර පැහැදිලි කිරීමට අපි ඉහත උදාහරණයම ගනිමු. ඔබට ඔබේ ව්‍යාපාරයේ ආදායම දහගුණයකින් වැඩිකරගැනීමට අවශ්‍ය නම් ඔබ කළ යුතු දේවල් කිහිපයක් ඇත.

  • ඔබ සේවය සපයන පාරිභෝගිකයන් සංඛ්‍යාව වැඩිකරගත යුතුයි
  • වෙළඳ දැන්වීම් වැනි ප්‍රවර්ධන කටයුතු සිදු කළ යුතුයි
  • පාරිභෝගිකයින් සමඟ වෙනදාට වඩා සුහද විය යුතුයි.

මෙවැනි පියවර රාශියක් සිහියට නගා ගන්න. ඔබට ඔබේ ඉලක්කයට යෑමට අවශ්‍ය පියවර හඳුනාගැනීමට අපහසු නම් ඒ පිළිබඳව ඔබේ යහළුවෙක්ගෙන්, එම ඉලක්කය කලින් සපුරාගත් අයෙක් ගෙන් හෝ අන්තර්ජාලයෙන් කරුණු විමසන්න.

ඉන් පසු එම පියවර ලැයිස්තුවක් ආකාරයට ලියාගන්න. එක්වරම සිහියට නැගෙන්නේ නැතිනම් සතියක පමණ කාලයක් ඒ සඳහා යොදාගන්න.

අනතුරුව ඔබ පිළියෙල කර ලැයිස්තුවේ සෑම පියවරක්ම මාස වලට බෙදාගන්න. එනම් ඔබ ජනවාරි මාසය තුළ පාරිභෝගිකයන් ගණන වැඩිකරගන්නවා, පෙබරවාරි මාසය තුළ වෙළඳ ප්‍රවර්ධන කරනවා යැයි එම පියවර මාස වලට බෙදාගන්න.

ඔබට පියවර 12කට වඩා ඇතිනම් එක් මාසයකට පියවර දෙක තුනක් වුවද බෙදා ගත හැකිය. උදාහරණයක් ලෙස පහසු පියවර 2ක් සමඟ අමාරු පියවර එකක් අයුරින් මාස වලට බෙදාගත හැකිය.

ඉලක්කය සපුරාගැනීමට කටයුතු කරන්න

සුභ පැතුම්! ඔබ සම්පූර්ණ ඉලක්කයක් සාදාගෙන අවසානයි. දැන් වේලාව පැමිණ ඇත්තේ ඉලක්කය සපුරාගැනීමට කටයුතු කිරීමටයි.

ඔබේ ඉලක්කයේ සෑම අදියරක්ම අභියෝගයක් ලෙස සිහියට නගාගන්න. එවිට සෑම මසක්ම අවසානයේ ඔබට එම පියවර හෝ පියවරයන් සාර්ථකව අවසන් කර වසර අවසානයේ ඔබේ ඉලක්කයට පහසුවෙන් ළගා විය හැකිවේ. ඔබට සුබ දවසක්!

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here