ගබ්සාව නීතිගත කල යුතුද

0
5507
abortion

අද වන විට බොහෝ කාන්තාවන්, කුඩා දරුදැරියන් පවා තම පියාගෙන්, සහෝදරයන්ගෙන්, සමාජයේ නොයෙකුත් පිරිසගෙන් දුෂණයට ලක් වේ. වයස අවුරුදු දහතුනේදී පමණ දරුවෙක් දුෂණයට ලක් වී ගැබ්බර වුවහොත් ඇයට කොතරම් අභියෝග වලට මුහුණ දීමට සිදු වේවිද නමුදු එවැනි සිදුවීම් වලට මුහුණ දී අන්ත අසරණ තත්වයට පත් වී සිටින කාන්තාවන් අප අතර අන්නත්වත් සිටි. පියෙක් නොමැති දරුවෙක් මේ ලෝකයට බිහි කිරීම සහ එවැනි දරුවෙක් සමග තනිව ජිවත් වීම ගැහැනියකට කොතරම් අභියෝගයක්ද මේ නිසාම මෙවැනි බොහෝ කාන්තාවන් ගණිකා  පිවිසෙන අතර ඇතැම් පිරිස් එවැනි දරුවන් අනියම් මාර්ග වලින් ගබ්සා කර ගනිති.

විවාහයට පෙර මෙන්ම විවාහයට පසුවද කාන්තාවන් ගබ්සාව වෙත යොමු වන අතර මේ සදහා විවිධ හේතු බලපානු ලැබේ. බොහෝ කාන්තාවන් ආගමික ජීවිත කෙරෙහි තබා ඇති උසස් අගයන් සමග ගැටීම ඇති වුවද සමාජ මානසික බලපෑම් මත ගබ්සාවේ පිහිට පැතීමට සිදු වී ඇත. කාන්තාව අවිවාහක නම් නින්ද අපහාස ඇතිවීම, ළමයා ඇතිදැඩි කිරීමට සහ අධ්‍යාපනය ලබා දීමට ඇති අපහසුතාවය මත ගබ්සාව වෙත යොමු වී ඇත. එමෙන්ම විස්වාසනියත්වය ආරක්ෂාව සහ පහසුවෙන් ලබා ගැනීම් මෙන්ම සමහර උපත් පාලන ක්‍රම වලට වඩා හොද විකල්පයක් ලෙස සිතා කාන්තාවන් ගබ්සාව වෙත යොමු වන අතර විවාහය කල් පැවැත්ම හේතුවෙන්ද ගබ්සාවේ වර්ධනයක් සිදු වන බව නුතනයේ සොයා ගෙන ඇත.

සමස්තයක් වශයෙන් බලන විට ලාංකීය ජනතාව උපත් පාලන ක්‍රම වලට යොමු වීමට ස්‌වභාවයෙන්ම අකමැත්තක් දක්වයි. ඔවුන්ට අවැසි වන්නේ විධිමත් පවුල් සැලසුම් ක්‍රමයක් නොව අවිධිමත් ගබ්සා ක්‍රමයයි. එහෙයින් ගබ්සාව වෙත යොමු වුවද ගබ්සාව නීතියෙන් තහනම්ය. ශ්‍රී ලංකාවේ ගබ්සා නීතිය අතරමැදි තත්වයක් පවතී. රටවල් 30ක පමණ ක්‍රියාත්මක වන ගැබ්භාවය ඉදිරියට පවත්වාගෙන යෑමෙන් ගැබ්නියගේ ජිවිතයට අනතුරක් සිදුවීමට අවධානම් තත්වයන් පවතින බව වෛද්‍යවරුන්  නිගමන කල අවස්ථා වලදී පමණක් ගබ්සාවට නීතිමය ඉඩ ප්‍රස්ථාව ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වේ. එසේ නොවන අවස්තාවක ගබ්සාව නීතිවිරෝධිය. එසේ වුවද ලංකාවේ ඉතාමත් වේගයෙන් ගබ්සා කිරීම් සිදු වනු ඇත. මෙකි නීති විරෝධී ගබ්සා සියල්ල සිදුවන්නේ රහසිගතවය. යම් ප්‍රමිතියකට අනුකුලව සිදු කෙරෙන ගබ්සාවන් සදහා විශාල පිරිවැයක් දැරීමට කාන්තාවන්ට සිදු වේ. ප්‍රමිතිය සහ නියම සායනික තත්වයෙන් තොර ගබ්සා මධ්‍යස්ථානයේදී ඉතාමත් අඩු මුදලකින් ගබ්සාව සිදු කර ගත හැකිය. බොහෝ දුරට අඩු මුදලට සිදු කෙරෙන ගබ්සා මධ්‍යස්ථාන වලට යොමු වන්නේ දුප්පත් කාන්තාවන්ය. මෙකි මධ්‍යස්ථාන පවත්වා ගෙන යෑමට වයිදය   තනිව කල නොහැකිය. මෙකි කාර්යයන් සම්බන්ධතා ජාලයන් පවතී.

බොහෝවිට ගබ්සාව බදුන්වන කාන්තාවන් පවා එම වෛද්‍යවරයා නොදකී. කාන්තාවන් නිර්වින්දනයෙන් පසුව වෛද්‍යවරයාගේ භූමිකාව සිදු වීම ඊට හේතුවයි. නියම සායනික තත්ත්වයෙන් තොර නිසා කාන්තාවන් මරණයට පත් වේ. ගබ්සකරණයේ යෙදෙන ගබ්සාකරුවන් කාන්තාවන්ට ලිංගික අතවර කිරීම, මුදල් අඩු වූ විට සිරකර තබා ගැනීම් හෝ අයුතු යෝජනා කිරීම් සිදු වන බවට මාධ්‍ය මගින් විටෙන් විට තොරතුරු ලැබේ.

මේ හේතුන් නිසාම ඇතැම් පිරිස්ගේ මතය වන්නේ ගබ්සාව නීතිගත කිරීමෙන් මෙම විනාශය වැළක්විය හැකි බවයි. නමුදු එය විවාදසම්පන්නය. නෙදර්ලන්තය වැනි රටවලද ගබ්සාව නීතිගත කොට ඇත. එහෙත් එහි පවතින්නේ ලොව අඩුම ගබ්සා අනුපාතයකි. එයට හේතුව ලිංගික අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනය සිටම ලබා දීමයි. මෙවෙනි පසුබිමක් යටතේ තරුණ තරුණියන් ඉතා ඉක්මනින් ලිංගික ඇසුරකට යොමු වේ යැයි කල්පනා කලද එම රටේ තරුණ පිරිස් අතර ඇත්තේ ගොඩ නැගුණු විශ්වාසන්ත සම්බන්ධතාය.

යුරෝපිය රටවල මෙන් නොව අවජාතක දරුවන්ට අප සමාජයේ ඇති තත්ත්වය ඉතාම පහත මට්ටමකි. උපදින දරුවන් සියලුදෙනා දරුවන් මිස සුජාත අවජාතක ලෙස වර්ග කිරීම සිදු නොකළ යුතුය. පිරිමින් විසින් කාන්තාවන් දැරියන් දෙස ගරුත්වයෙන් බැලීමේ වැදගත්කම පෙන්වා දීමට මව සහෝදරියක් උපකාර කල යුතුය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here