හොඳ නින්දක් ලබන්න කැමතියිද? එහෙනම් ඇඳට යන්න මිනිත්තු 30කට කලින් මේ දේවල් කරලා බලන්නකෝ ….

girl-sleeping

අපේ  ජිවිතයට  හොඳ හැඩයක් දෙන්න නින්ද කියන දේ හුඟක්ම වැදගත්.හොඳ නින්දක් ලැබෙන්නේ  නැතිවුනාම තෙහෙට්ටුව, මතකය ගිලිහීම, අවධානය අඩුවීම, ශාරීරික දුබලතා ඇතිවෙන්න පුළුවන්. අපේ කාර්යබහුල ජීවිතෙත් එක්ක ඇත්තටම අප බලාපොරොත්තුවෙන විධියට වැඩි වෙලාවක් නිදාගන්න ලැබෙන්නේ නැතිවෙන්නත් පුළුවන්.ඒත් නිදාගන්න ඇඳට යන්න විනාඩි 30 ක ට වත් කලින් මෙන්න මේ පුංචි දේවල් ටික කරලා බලන්න.ලැබෙන පුංචි වේලාවෙන් වුණත් හොඳ නින්දක් ලබාගන්න ඔයාට පුළුවන් වේවි…

ඇඟ සෝදා  පිරිසිදු වෙන්න…

මේකට වයස් භේදයක් නෑ.ඒත් මතක තියාගන්න. රෑ නිසා නාන්න නම්  යන්න එපා.සාමාන්‍යයෙන් කොණ්ඩය සේදුවම වේලෙන්න පැය බාගෙකට වැඩිය යනවා.ඊටත් වඩා වැදගත් දෙය තමයි එලෙස රාත්‍රියට නැවම සෙම්ප්‍රතිශ්‍යා වැනි තත්වයන් ඇතිවෙන්න පුළුවන් වීම..උණු වතුරෙන් සිරුර පිරිසිදු කරගන්නවානම් වඩා හොඳයි. ඒත් එහිදී වුණත් හිසකෙස් සෝදාහරින එක කොහෙත්ම හොඳ දෙයක් නෙමේ.පොඩි වොෂ් එකක් හරි ගන්න එක ඔබේ ශරීරය ප්‍රබෝධවත් කරනවා.ඒවගේම සිරුර අභ්‍යන්තරයට නව පණක් ලැබෙනවා.මේ නිසා හොඳින් නින්ද යනවා වගේම ඔබේ මනසේ ව්‍යාකුලතා වුණත් නැතිවී ඔබව නැවුම් පුද්ගලයකු බවට හරවනවා.
නිදාගන්න කලින් සැප පහසුවෙන් සිටින්න…

රාත්‍රියේ නින්දට යන්න කලින් හොඳට ශරීරය සෝදා පිරිසිදු කරගත්තට පසුව  ඔබට පහසු ඇඳුමක් ඇඳගන්න එක බොහොම වැදගත් දෙයක් ලෙස  විද්‍යාත්මකව පවා   සනාථ කරලා තියෙනව.සිනිඳු, සැහැල්ලු රෙදි වලින් නිමවූ ඇඳුමක් වඩා හොඳයි. රාත්‍රියේදී ඔබ සිටින්නේ එකතැන.නින්දක. එනිසා ශරීරය තුල ක්‍රියාවලීන් අක්‍රමවත් වෙන හේතුකාරක ඇතිවෙන්න පුළුවන්.ඔබ තද ඇඳුම් ඇඳ සිටීමෙන් ඔබේ සමට වුවත් හුස්ම ගැනීම අපහසු වෙනවා. මා සැබෑවටම මෙයින් අදහස් කරන්නේ සම පිරිසිදු වෙන්න නම් හොඳ රුධිර සංසරණයක් සිදුවිය යුතුයි. දවල් කාලයේදී ඔබ වැඩ කරනවා.ක්‍රියාකාරී පුද්ගලයෙකු වෙන නිසා සිරුර අභ්‍යන්තර ක්‍රියාවලියට එය පහසු උත්තේජකයක් වන නිසා ගැටළුවක් නැහැ. එහෙත් රාත්‍රියේ ඔබ එසේ ක්‍රියාශීලි නොවන නිසා නින්ද හරහා තමයි ඔබේ සිරුරේ අභ්‍යන්තර ක්‍රියාවලිය වඩා ක්‍රියාශීලි වන්නේ.ඒවගේම නිදාගන්න කලින් මොයිස්චරයිසින් ලෝෂන් එකක් ආලේප කරන්න.ඔබේ සමට ගැලපෙන සහ සාමාන්‍යයෙන් ඔබ ආලේප කරන ක්‍රීම් වර්ගය වුවත් මෙහිදී භාවිතයට ගන්නත් පුළුවන්.මෙලෙස අලෙපනයෙන් සමෙහි ඇතිවන සුවඳ නිසා මොළයට එය උත්තේජකයක් ලෙස ක්‍රියා කරනවා.ඒවගේම, ඔබේ හිසකේ හොඳින්  පීරන්න.හිසකෙස් පිරීමෙන් ඔබේ හිස්කබලේ සිදුවන රුධිර සංසරණය වඩා ක්‍රමවත් වන අතර,හිසකෙස් ශක්තිමත් කර වඩා සෞඛ්‍ය සම්පන්න කරනවා.

තෙල් වලින් හිසකේ හොඳින් පිරිමදින්න නැත්නම් massage කරන්න…

ආමන්ඩ්, ලැවෙන්ඩර්, පොල්තෙල් වැනි සුවඳවත් ගුණදායි  තෙල් වර්ගයකින් හිසකේ හොඳින් පිරිමදින්න.ඔබේ හිසකේ වගේම කුඩා දරුවන්ගේ හිසකෙස් පවා මෙලෙස පිරිමැදීමෙන් හොඳ පෝෂණයක් හිස්කබලට ලැබෙනවා.මෙය නිදාගන්න පැය බාගයකට පෙරවත් කල යුතු දෙයක්.ඉන්පසු ඔබට ඊළඟ දින උදැසන ස්නානයෙන් තෙල් සෝදාහරින්න පුළුවන්.කුඩා දරුවන්ගේ නම් කුඩා දරුවන් ස්නානය කරවන ඔබ කැමති සහ පහසු වෙලාවක් එනතුරු තෙල්ගලවා තබන්නත් හැකියි.මෙලෙස තෙල් ගලවා පිරිමැදීමෙන් ඔබට සිනිඳු,පහසුවෙන් හැසිරවිය හැකි ශක්තිමත් කෙස් කළඹක් ලබාගන්නත් හැකියි.

භාවනාව..

ඔබේ මනස සහ සිරුර එක්තැන් කරගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි භාවනාව කියන්නේ.භාවනා ක්‍රම ඔබ දන්නේ නම් ඇඳට යන්න මිනිත්තු 30ක් හෝ 40 ක ට පෙර යම් භාවනා ක්‍රමයක් අනුගමනය කරන්න පුරුදුවෙන්න.එය ඔබ  සිත ගත දෙකම තැන්පත් කොට හොඳ ගැඹුරු නින්දක් ඔබට ලබාදෙන්න සමත්වෙනවා.විවිධ භාවනා ක්‍රම සහ යෝගා ක්‍රම අද අපට දකින්න පුළුවන්.සරලම දෙය තමයි,දෑස් පියාගෙන ඔබ ගන්නා සහ පිටකරන හුස්ම කෙරෙහිඔබේ සම්පුර්ණ අවධානය යොමුකරන්න.සන්සුන් වී අවධානය  ආශ්වාස ප්‍රශ්වාස වෙත යොමුකරන්න මුලදී මඳක් අපහසු කාරණයක්.එහෙත් ටික දිනක් එක දිගට මෙය පුහුණු කිරීමෙන් ඔබට නින්දේදී පමණක් නොවේ එදිනෙදා වැඩ කටයුතු වලදීත් හොඳ පහසුවක් දැනේවි.

ඇඳ සකස්කරගන්න…

හොඳින් පිළිවෙලට සැකසු ඇඳක් හොඳ නින්දකට ඔබට කරන සුන්දර ඇරයුමක් වගෙයි.පිරිසිදු ඇඳ ඇතිරිලි,කොට්ට ආදියෙන් ඇඳ සකස්කරගන්න.ඇත්තටම ඇඳ ඇතිරිලි සහ කොට්ට උර හොඳින් සෝදා වේලා ගැනීම දිනපතා කිරීම වැදගත්ම දෙයක්.විනාඩි කිහිපයක් අරන් ඇඳ හොඳින් පිළිවෙලට සකස්කරගන්න.

සංගීතය

නිදාගන්න මිනිත්තු 30 ක ට කලින් හොඳ සෞම්‍ය සංගීතයකට ඇහුම්කන් දෙන්න.මා පුරුදුවී සිටින්නේ ශාස්ත්‍රීය ඉන්දියානු චිත්‍රපට ගීත සහ ඉංග්‍රීසි සෞම්‍ය සංගීතයට.ලයිට් නිවා මඳක් වෙලා ඇඳට වී එලෙස ඔබේ ප්‍රියතම ගීත වලට සවන්දෙන්න, සංගීතයකට ඇහුම්කන් දෙන්න.ඔබට හොඳ නින්දක් ලැබේවි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here