අන්තර්ජාලයේ අසැබි video පට. සොයුරියනි මේ ඔබේ අවධානය පිණිසයි !

0
14711

පසුගිය දවස් කිහිපයේ සමාජ ජාල වෙබ් අඩවිවල වඩාත් කතාබහට ලක් වුන මාතෘකාවක් තමා අසැබි වීඩියෝ පට. ලංකාව කියන්නේ සෙක්ස් කියන වචනය ගූගල්හි වඩාත් සොයපු රට ලෙස නම් දරද්දී අපේ රට කොතරම් පිරිහීමකට ලක් වෙලාද යන්න සිතා ගන්න ඔබට පුළුවන් ඇති. අපගේ අධ්‍යාපන ක්‍රමය යටතේ ලිංගික අධ්‍යාපනයක් දරුවන්ට නොලැබේ. මෙය නිසාම පාසල් යන වයසේ දරුවන් මෙවැනි නිල් චිත්‍රපට නැරඹීම සඳහා යොමු වෙන බව අපට සිතාගත හැක. වඩාත් භයානකම කරුණ වෙනුයේ දිනපතා පුවත්පතක් බැලූ විට ළමා හා කාන්තා අපචාර ඉතා බහුල වීමයි.

අසැබි වීඩියෝ පට පිලිබඳ පුවත් රට පුරා කතා බහට ලක් වුන මාතෘකාවක් වෙද්දී බොහෝ මිනිසුන් මෙයට වැරදිකාරයා ලෙස හංවඩු ගසන්නේ මෙවැනි අසැබි වීඩියෝ පට වල සිටිනා කාන්තාවන්. තනි අතින් අත්පුඩි ගැසීමට නොහැකි බව සිත තබාගෙන ඔබත් මොහොතක් සිතන්න. ඇත්තෙන්ම කාන්තාව පමණක් මෙයට වැරදි ද?

බොහෝ වෙනත් රටවල ලංකාවේ චිත්‍රපට කර්මාන්තයටත් වඩා දියුණු වූ අසැබි වීඩියෝ පට නිර්මාණ කර්මාන්තයන් ඇත. ඒවාටම වෙනමම නළු නිලියන්ද ඇත. නමුත් අප රටේ එය නීතියෙන් තහනම් ය.  ඒ නිසාම බොහෝ විට මෙවැනි වීඩියෝ පට ආදරයේ නාමයෙන් අතින් අත යයි. මා මේ කියන්නට සැරසෙන්නේ එය සම්බන්ධයෙන්.

තරුණ වියෙහි සිටිනා ඇතැම් ගැහැණු දරුවන් ආදරයේ නාමයෙන් මෙවැනි නිල් චිත්‍රපට වල ගොදුරක් වේ. තමන්ගේ පෙම්වතා මහ මෙරක් තරම් විශ්වාස කරන අහිංසක කෙල්ලන් පෙම්වතා ඉල්ලන ඕනෑම දෙයක් ලබා දීමට සුදානම්. ඇත්තටම එය ගැහැණු ළමයින්ගේ මෝඩකමයි. පෙම්වතුන්ගේ දිනයට නැතිනම් ඔහු ඉල්ලන ඕනෑම දිනකට පෙම්වතා කියන ඕනෑම තැනකට යන්න කැමැතිවන විට වංචාකාර පෙම්වතුන් එය ඉල්ලමක් කරගෙන අහිංසක කෙල්ලන් හෝටල් කාමර වලට රැගෙන යයි. මෙය කියවන ඔබ සිතන්නට පුළුවන් ඉතින් ඒ ගෑණු ළමයි කැමැත්තෙන් යනවානම් අපිට ප්‍රශ්නයක් නැහැ නේද කියා. එහෙත් ගැහැණු ළමයින් බොහොමයක් හෝටල් කාමරයකට පිය තබන්නට එකඟ වෙන්නේ පෙම්වතාට ඇති අසීමිත ආදරයෙන් අන්ධ වී. සමාජයේ අහන්න දකින්න ලැබෙන මෙවැනි සිද්ධීන් ගැන ඔවුන්ද දැනුවත්. එහෙත් ඔවුන් කිසිදාක සිතන්නේ නැහැ තම පෙම්වතා හෝටල් කාමරයේ සිදුවන දේ වීඩියෝ කරන බව සහ ඔහු එය හිත මිතුරන් අතරේ බෙදාහරින බව. අම්මා තාත්තා හැරෙන්නට මෙලොව ඔබට වඩාත් ආදරය කරන කෙනෙක් සිටීද ඒ ඔබේ සැමියා මිස ඔබේ පෙම්වතා නොවෙයි.

මෙය කියවන ඔබ විවාහක කාන්තාවක් නම් කිසිදිනක තම ස්වාමි පුරුෂයා හැරෙන්නට කිසිම පිරිමියෙකු සමඟ මෙවැනි ලෙස හැසිරෙන්න එපා. අවසානයේ ඔබේ විවාහ ජීවිතය දෙදරා යන්නටත් එය හේතුවක් වේවි.

තරුණ වියේ ගැහැණු දරුවන් සිටින මවක් නම් ඔබ දරුවන්ගේ ගමන් බිමන්, අමතර පන්ති ගැන සහ මිතුරු මිතුරියන් ගැන වඩාත් විමසිලිමත් වන්න. මන්ද යත් ඉරිදා සෙනසුරාදා දිනවල ඔබ නගරයට යනවා නම් බොහෝවිට දක්නට ලැබෙන්නේ පෙම්වතුන් සමඟින් මුහුදු වෙරළේ, බස් නැවතුම් පොළවල් සහ සිනමා ශාලාවල සිටිනා පොත් මිටියත් තුරුළු කරගත් කුඩා ගැහැණු ළමයින්.

තවත් දෙයක් ඔබ කුමන වයසක කෙනෙක් වුවත් තැනට ඔබින ලෙස අඳින්න පළදින්න. සිරුරේ බොහෝ කොටස් නිරාවරණය වන ලෙස ඇඳුම් ඇඳීම අද විලාසිතාවක්. කොටට හිරට මෙන්ම අනවශ්‍ය ලෙස සිරුර නිරාවරණය වන ඇඳුම් ඇඳ  පාරේ යන ඔබ දෙස තරුණයන් බලන්නේ ආදරයකින් නම් නොවේ. එසේ ගමන් බිමන් යන කාන්තාවන්ට මඟ තොටේදී සිදුවන කරදර බොහොමයි. ඉතින් ඔබම නොවේද එවැනි කරදර වලට අත වනන්නේ?

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here