ඔබගේ කසාද ජීවිතය ඔබගේ චිත්ත ස්වභාවය වෙනස් කරන ආකාර 8ක්

0
4672
ඔබගේ කසාද ජීවිතය ඔබගේ චිත්ත ස්වභාවය වෙනස් කරන ආකාර 8ක්

ඔබ විවාහ ගිවිස ගන්නා දා තෙක් කසාදය යනු සෛද්ධාන්තික සංකල්පයක් පමණකි. ඔබ කෙතරම් පෙර සූදානමකින් පසු වූවත්, අනාගතයේදි ඔබට මුහුණ දෙන්නට සිදුවන අනපේක්ෂිත වෙනස්වීම් වලට ඔබ ලැහැස්ති විය යුතුය.
පහත දැක්වෙන්නේ කසාද ජීවිතය ඔබගේ චිත්ත ස්වභාවය වෙනස් කරන ආකාර කිහිපයකි.

1.ඔබ නීත්‍යානුකූලව එකිනෙකා හා බැඳී ඇත
ඔබ විවාහ ගිවිස ගන්නා දා පටන් එකිනෙකා හා නීත්‍යානුකූලව බැඳී සිටියි. දැන් ඔබට මිස්ටර් හා මිසිස්….ලෙස සමාජයට එකතු වේ.
මෙතෙක් කල් තමා පිලිබඳ පමණක් සිතූ පුද්ගලයා දැන් තම සහකරු වෙනුවෙන්ද වගකීමක් දැරිය යුතුය. ඔබ ජීවිතයේ ගන්නා සියලුම වැදගත් තීරණයන්හි දි ඔහුත්/ඇයත් හවුල්කාරයෙක් වේ. ඔබ ජීවත් වන ස්ථානය, ඔබ අලුතින් මිලදී ගන්නට යන වාහනය, ස්මාට් ෆෝනය වැනි තීරණයන් හිදී ඔබේ සහකරුගේ මතයද සලකා බලන්නට ඔබට සිදුවේ.

2.ඔබ ආර්ථිකමය වශයෙන්ද එකට බැඳී ඇත
“ආර්ථිකය” කසාද බඳින්නට පෙර බොහෝ යුවල් නිතරම කතා කරන මාතෘකාවකි. මෙය දික්කසාදයකට මූලික වන තෙවන ප්‍රධාන හේතුවකි. Divorce Financial Analysis හි කරන ලද විශ්ලේෂණයකට අනුව 22% දික්කසාද සිදුවන්නේ ආර්ථිකමය හේතුන් නිසාය.

ඔබ ආර්ථිකමය වශයෙන් එකට බැඳී ඇති හෙයින්, ඔබේ වියහියදම් වල ද වෙනස්කම් සිදුවේ. ඔබ කසාද බඳින්නට පෙර යමක් මිලදී ගන්නට දෙවරක් නොසිතුවත්, විවාහ වීමෙන් පසු යම් භාණ්ඩයක් මිලදී ගන්නවාද නැද්ද යන්න රාත්‍රීය පුරා සිතන්නට සිදුවන අවස්ථා ඇත.

3.ඔහුගේ පවුල ඔබේ පවුල වැනිය
ඔබ කසාද බඳින විට තවත් බැඳීම් කිහිපයකට ප්‍රවේශ වන්නට සිදු වේ. ඔබගේ සහකරු ඔහුගේ පවුලට කෙතරම් සමීප ද යන්න වැදගත් නොවූවත්, ඔවුන් ඉදිරියේ ඔබ හැසිරිය යුත්තේ ඔවුන්ට අපේක්ෂා කරන අන්දමකිනි. නිවාඩුව බෙදා හදා ගැනීම, මාරුවෙන් මාරුවට දරුවන්ව රැක බලා ගැනීම වැනි වගකීම් වලින් මෙය සමන්විත විය හැක. පවුල් කෙරෙහි ඔබ තුල ඇති ආකල්ප කසාද ජීවිතයෙන් පසු සම්පූර්ණයෙන්ම වෙනස් කර ගන්නට සූදානම් වන්න.

4.ඔහු වෙනුවෙන් මා මගේ සෞඛ්‍යය කෙරෙහි වැඩි අවධානයක් යොමු කල යුතුය
නොවරදවා දවසකට දෙවරක් දත් මැදීම පටන් ජිම් එකකට ගොස් කාය වර්ධනය ව්‍යායාම් වල යෙදෙමින් තම සෞඛ්‍ය පිලිබඳ ඔබ වැඩි අවධානයක් යොමු කල යුතු වේ. මින් ඔබ මෝස්තර නිරූපන ශිලිපියකු ලෙස තමාගේ ශරීරය පිලිබඳ පමණට වඩා සිතිය යුතුයි යන්න අදහස් නොවේ. ඔබ ඔහු සමඟ එකට ජීවත් වනවා නම් සෞඛ්‍යමත් ජීවිතයක් වෙනුවෙන් කටයුතු කල යුතුය.

වෛද්‍ය පරික්ෂා වලට විධිමත් ලෙස සහභාගි වීම හා තම සහකරුටද එසේ කරන ලෙස අවවාද කිරීම ඔබට ඔබගේ විවාහ ජීවිතයේ සාර්ථකත්වය සඳහා ඉටු කල හැකි කර්තව්‍යයන් දෙකකි.

5.ලිංගික සංසර්ගයේදි විවිධ දෑ අත්හදා බලන්නට නොපැකිලෙන්න
විවාහට අවසන් වී ගතවන මුල් දින කිහිපයකදී ලිංගික සංසර්ගයේ යෙදීම දෙදෙනාටම තරමක් අපහසු කාර්යයක් වූවත් කල ගතවනවාත් සමඟ දෙපල එකිනෙකා පිලිබඳ නිසි අවබෝධයකින් පසුවේ. මෙම අවස්ථාවෙන් පසුව ඔබ දෙපලටම විවිධ දෑ අත් හදා බලන්නට හැකියාවක් ඇත. විවාහ ජීවිතයට පෙර තිබූ මානසික බැඳීම කසාද ජීවිතයේදි ත්‍රීව වේ.
වැඩි විස්තර සඳහා “දරුවන්ට පෙර තම සැමියාට ප්‍රමුඛත්වය දිය යුත්තේ මන්ද?” යන ලිපිය කියවන්න.

6.ඔහු ඔබව තනිකර දමා යන්නැති බව ඔබ හොඳාකාරයෙන් දනී
ඔබ නීත්‍යානුකූලව විවාහ ගිවිස ගත් දා පටන් දෙදෙනා අතර කිසිදු ලැජ්ජාවක් නොතිබිය යුතුය. ඔබ නීතියෙන් එකිනෙකා හා අත්වැල් බැඳ ගත්තේ ඉදිරි ජීවිතය එකට ප්‍රීතිමත්ව ගත කිරීමේ බලාපොරොත්තුව සමඟිනි. එම නිසා දෙදෙනා අතර විහිළු තහළු කර විනෝද වීමටත් තමාගේ නිර්ව්‍යාජ හැන්ගීම් හා හැසිරීම ප්‍රකාශ කිරීමත් ඔබ පසුබට විය යුතු නැත.

7.ඔවුන්ගේ සාර්ථකත්වය ඔබේ සාර්ථකත්වයයි
ඔබ දෙදෙනාම සාර්ථකත්වයේ ප්‍රතිඵල මෙන්ම අසාර්ථක අවස්ථාවන් හි දුක එකට බෙදා ගන්නා යුවලක් විය යුතුය. විවාහයෙන් පසු ඔහුගේ සාර්ථකත්වය ඔහු පමණක් භුක්ති විඳින්නේ නැත. කසාද ජීවිතයට පෙර ඔබගේ බෝනසය දෙදෙනා බෙදා ගෙන විනෝද වන්නට ඇත. නමුත් දැන් බෝනසයක් ඔබ දෙපලගේ ජීවිතය හා අනාගත කෙරෙහි දැඩි වෙනසක් ඇති කරයි. දුක හා සැප එක සේ බෙදා ගත හොත් ඔබ දෙදෙනාටම සාර්ථකත්වය හා අසාර්ථකත්වය දෙස වෙනස් දෘෂ්ටි කෝණයකින් බැලිය හැක.

8.තමා තනියෙන් සිටින කාලය ඔබ වඩාත් අගය කිරීමට පටන් ගනියි
ඔබ තනිව ගත කරන කාලය වඩාත් අගය කරන්න ඔබ පටන් ගනියි. දිවා රෑ පුරා තම සහකරු සමඟ ගත කරන ඔබට යම් තනි වේලාවක් ලැබුණු විට ඔබ ඉන් උපරිම ඵලදායිතාව ලැබෙන අයුරින් ගත කිරීමට පෙළඹේ. ඔබ යුවලක් ලෙස ඉදිරියට යන අතරේම තමාගේ ස්වයං අභිවෘද්ධිය සඳහාද කටයුතු කරන්න. ඉඳ හිට විනෝද වන්නට නොපැකිලෙන්න.
කසාද ජීවිතය ඔබේ ජිවිතයේ විශාල වෙනස්කම් රැසක් සිදු කරයි. මෙහි ඇති වැදගත්ම අභියෝගය වන්නේ ඔබ වටා සිටින පුද්ගලයින් හා සිදුවන වෙනස්කම් වලට ඔබ දැක්විය යුතු ආකල්පය වෙනස් කිරීමයි. ධනාත්මකව ඊට මුහුණ දෙන්න. ඔබ ඉදිරියේ විවෘත වන මංපෙත් කරා පිය නැගීමෙන් අලුත් දේ ජීවිතයට එකතු කර ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here