සෙල්ෆි නිසා වැනසෙන ජිවිත

0
4415
selfie_girls

අද වෙනකොට නම් සෙල්ෆි කියන එක තරුණ කෙල්ලෝ කොල්ලන්ගේ ජිවිතයේ එක් කොටසක්වෙලා. කොහේ හරි ගමනක් ගිහින් සෙල්ෆියක් ගහන්න බැරි වුණා නම් එක ලොකු අඩුවක් විදියට දැනෙන්න පුළුවන්. සෙල්ෆි ගහන්න පුළුවන් සෙල්ෆි ස්ට්‍රික් එකකුත් දැන් ඇවිත් තියෙන්නේ. ඉස්සර නම් පින්තුර ගන්නකොට පින්තුර ගන්න කෙනා පින්තුරයේ නෑ. නමුත් දැන් එය වෙනස් වෙලා තිබෙනවා. group selfi නිසා හැමෝම එකතු වෙලා ෆොටෝ ගහලා, ෆේස්බුක් අප්ලෝඩ් කරලා තමන්ට ලැබෙන comments, likes ගණන් කර කර ඉන්නවා.

Feeling happy, feeling sad ආදී ලෙස status දමමින් කටත් පොඩ්ඩක් ඇද කර ගනිමින් සෙල්ෆි ගහනවා. සෙල්ෆි ගැනීම වරදක් නැත. නමුදු මේ සෙල්ෆි නිසා අද වෙනකොට වැනසෙන ජිවිත අපමණය. පහු ගිය කාලය තුළ මාධ්‍ය මගින් සෙල්ෆි නිසා මරණයට පත් වූ තරුණ තරුණියන් ගැන වාර්තා කලා. සෙල්ෆි ගන්න යන විට තමන් ඉන්නේ කොතනද, අවධානම් ස්ථානයක්ද යන්නවත් බොහෝ අයට සිහියක් නෑ. මේ නිසාම අද වෙනකොට නම් සෙල්ෆි නිසා මරණයට පත් වෙන පිරිස් වර්ධනය වෙමින් තිබෙනවා.

අද වෙනකොට නම් සාමාන්‍ය පින්තුරයට වඩා සෙල්ෆි ෆොටෝ වලට යම් වැදගත්භාවයක් ලැබිලා තිබෙනවා. මේ මතය දුරකතන සමාගම් විසින් මිනිසුන් අතර ඇති කල දෙයක්. මේ සමගම බොහෝ අය පරණ දුරකතන පැත්තකට දාලා අලුත් ෆෝන් අතට ගත්තා. ඔබ දන්නවද ඔබේ භාවිතා කරන දුරකථනය නිසා දුරකතන සමාගම් කොතරම් ලාබයක් ලබනවාද කියා. ඔවුන්ට ලැබෙන ලාබය වැඩි වෙන්න වැඩි වෙන්න සමාජයට සිදු වන හානියත් වැඩි වෙන්න පටන් ගන්නවා. යම් සමාගමක් සියයට තුන්සිය ඉක්මවා ලාබ ලබයි නම් ඔවුන් අනිවාර්යෙන්ම මනුශ්‍ය ඝාතකයින් බව කාල් මාක්ස් වරක් ප්‍රකාශකොට ඇත. අද ඒ බව ඔප්පු වෙලා තිබෙනවා. ඔබ නොදැනුවත්වම ඔබේ දුරකතනය ඔබව බිල්ලට ගන්නවා.

පහුගිය වකවානුවේ ආජන්ටිනාවේ ඉතාමත් ඛේදනිය සිදුවීමක් වාර්තා වුණා. තර්ජනයක්ට ලක් වෙලා සිටි ඩොල්පින් පැටියෙකු දැක එම ස්ථානයේ සිටි හැමෝම එකතු වී එම පැටියාගේ සෙල්ෆි ගහන්න පටන්ගෙන තිබෙනවා. වෙරලාසන්නව පිහිනමින් සිටි මේ පැටියා ගෙනවිත් එකිනෙකා සමග සෙල්ෆි ගස විනෝද වී පසුව එම අසරණ සතා ජලයට පවා නොදමා මඩේ අත්හැර ගොස් තිබෙනවා. අවසානයේ මේ අහිංසක සතා මිය ගොස් තිබෙනවා.

සෙල්ෆි වැනි තප්පර දෙක තුනක බොළද ආසාවක් නිසා ඉතාමත් පහත් ක්‍රියාවල මිනිස්සු නිරත වේ. මිනිසුන් යනු ආශාවන් පිටුපස හබා යන පිරිසකි. එමෙන්ම ඇතැමුන්ට තිබෙන ප්‍රදර්ශණ කාමය නිසා තම පුද්ගලිකත්වය පවා ලෝකයට එලි කරනවා. ඔබ ඔබේ පවුල, පෙම්වතා, යහළුවන්,ස්වාමියා සමග සතුටින් සිටිනවා විය හැකිය. නමුදු එය ලෝකයට අනාවරණය කල යුතු නැත. ඔබ අන්තර්ජාලයට යමක් එකතු කරනවානම් එය දහස්වාරයක් සිතන්න. අන්තර්ජලයක් යමක් එකතු කල විට නැවත එය ඔබ එය මකා දැම්මත් එය කොහේ හරි තැන්පත් වෙලා තිබෙනවා.

තාක්ෂණයේ කිසිම වරදක් නැත. වරද ඇත්තේ ඔබ සතුය. සෙල්ෆියකට තම ජීවිතය ලඝු කරන්න තරම් ඔබ අනුණුවන වන්නේ මන්ද. සෙල්ෆියකට වඩා ඔබේ ජීවිතය වටිනා බව තේරුම් ගන්න. ඔබ සෙල්ෆි නිසා ඔබේ ජීවිතය විනාස කර ගන්න විට දුරකථන සමාගම් ඉහලින්ම වැජඹෙනවා. සෙල්ෆි යනු ජිවීතය නොවේ. සෙල්ෆි ෆොටෝ ඔබ අන්තර්ජාලයට එක් කොට සතුටක් ලබනවා ඇත. එසේ වුවද එය සිහියෙන් අවබෝධයෙන් සිදු කරන්න. තාක්ෂණයේ දියුණුව අපට වැළක්විය නොහැකිය. අපද තාක්ෂනය භාවිතා කල යුතුය. තාක්ෂණය භාවිතා කලද එය හසුරුවන ආකාරය පිලිබදව දැනුවත්භාවයක් තිබිය යුතුය. තමන්ගේ ආරක්ෂාවත් සලසා ගෙන සිහියෙන් යුතුව සෙල්ෆි ගැනීමේ වරදක් නැත. නමුදු සෙල්ෆි හරහා ඔබේ අනන්‍යතාවය සහ පුද්ගලිකත්වය ලෝකයකට අනාවරණය නොකිරීමට වග බලා ගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here