සැබෑ ආදරය කැපකිරීම් හා අත්හැරීම් තුලද හමුවිය හැකිය

0
6717
Shot of young woman being carried by her boyfriend in grass field. Couple having fun on their summer holiday.

ආදරය….  නියමිත වූ නිර්වචනයක් නොමැති සියලුම දෙනා අතර ඇති විය හැකි බැඳීමකි. ආදරය ඇති තැන රාගය, ලෝභය, ආශාව හා ඊර්ෂ්‍යාව හට ගැනීම   සිදු වන අතර, ආදරය යනු ආත්මාර්ථකාමී හැඟීම් හා අරමුණු  පෙරදැරි කරගත් ක්ලේෂ සිතුවිල්ලකි. ආදරයෙහි සීමාවන් නොමැත. සියළු සත්වයන් හට ආදරය කිරීමට සියලු දෙනාට හැකිය. මමය මාගේය යන හැඟීම  පෙරටු කර ගත් ආදරය තුල ඊර්ෂ්‍යාව හා සැකය හට ගැනීමට වැඩි වේලාවක් යන්නේද නැත. එක් එක් පුද්ගලයාගේ  රුචි අරුචිකම් අනුව හා සිතුවිලි අනුව ආදරයේ කාල සීමාව තීරණය වේ.
තමා ආදරය කරන තැනැත්තා හෝ තැනැත්තිය තමන්ට අවශ්‍ය ලෙසම පාලනය කිරීමට නොහැකි වේද, ආදරය දෙදරා යාමේ පළමු පියවර එතැනින් ආරම්භ වන්නේය.  මමය මගේය, යන හැඟීම හා අයිති කර ගැනීමේ දැඩි සිතුවිල්ල නොමැති තැන  සැබෑ ආදරය රැදී පවතී.  එමෙන්ම විශ්වාසය, ආරක්ෂාව, එකිනෙකාට ඇති ගෞරවය සැබෑ ආදරයේ ලක්ෂණ වන අතර. කැප කිරීම් හා අත් හැරීම් ද ඒ තුල වෙති.

යම් සෙයින් දෙදෙනාගේ නොගැලපීම් හමුවේ ඇති වන සැකය, අවිශ්වාසය තුල බොහෝ පෙම්වතුන් විරසක සිතුවිලි ඇති කර ගනිති. එහිදී  තම පෙම්වතිය, පෙම්වතා නොලැබී ගිය විට ඔවුනොවුන් කෙරෙහි ඔවුනොවුන්ගේ සිත් තුල  ද්වේශය හට ගනී. මෙහිදී එකිනෙකා එකිනෙකා මතම වැරදි පටවා ගන්නා යුගයක් අද වන විට නිර්මාණය වී ඇත. තම ආදරය තමාගේම කර ගැනීම සිදු නොවූ කළ ඇතැම් පෙම්වතුන් තම පෙම්වතියට, පෙම්වතාට නැති චෝදනාවන් පටවා ලෝකයා ඉදිරියේ ඔවුන්  වැරදිකරුවන් බවට පත් කරති. එමඟින් එකිනෙකා කෙරෙහි සිත් තුල තිබූ ආදරය පරදවා තරහක්, වෛරයක් ඔවුන්ගේ සිත් තුල හට ගැනීමට වැඩි වේලාවක් ගත වන්නේ නැත.
බොහෝ දෙනා පවසා සිටින්නේ සැබවින්ම ආදරය කලා නම්  කිසිම දිනක තම පෙම්වතියට,පෙම්වතාට වෛර කළ නොහැකි යැයි කියාය. නමුත් අද වන විට බොහෝ පෙම්වතුන් තම ආදරය සමඟ බැදි මතකයන් අමතක කර දැමීමට වෛරය පෙරටු කර ගන්නා ස්වාභාවයක් ඇත.  එකිනෙකාගේ සිතුවිලි,ගති පැවතුම් එකිනෙකා තේරුම් නොගත් තැන ඔවුනොවුන්ටම ඔවුන්ව එපා වී යන අතර, එතනින් එහාට ඔවුන් තරහාකාරයින් බවට පත් වෙති. ආදරය කළ තරමටත් වඩා වැඩියෙන් විරසක වූ විට වෛර කරන්නට පටන් ගනිති. ඇත්තටම එසේ වන්නේ ඔවුන්ට ඔවුන්ව ඔවුන්ගේම කර ගැනීමට නොහැකි වූ වේදනාවෙන්මද?

ආත්මාර්ථකාමී බව හා තෘෂ්ණාවෙන් තොර ආදරය යනු එකිනෙකා කෙරෙහි ඇති දැඩි විශ්වාසය හා ගෞරවයයි. තමා පෙම් කළ යුවතිය හෝ පුරුෂයා යම් හෙයින් තමන්ව හැර ගියේද, ඔහු හෝ ඇය තමාට සැබවින්ම ආදරය නොකරනවා විය හැකිය. තමන්ට ආදරය නොමැති කෙනෙක් වෙනුවෙන් යම් සෙයින් තම ජීවිතය විනාශ කර ගැනීමට සිතීමද මෝඩකමකි. එමෙන්ම සැබවින් ආදරය කරන කෙනෙක් වී ද, ඔහු හෝ ඇය කිසිම දිනක තමාගේ අභිමතය පරිදි අනෙකාව පාලනය නොකරන අතර, අවංකව ආදරය කිරීම, හොර බොරු වංචා නොකිරීම හා ආරක්ෂාව ලබා දීම ඔවුන් සතු සැබෑ ආදරයේ ගති ලක්ෂණය.

එසේම බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයට අනුව සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු අතර, ආදරය පමණක් සදාකල් ලොව නොපවතින යමකි. එසේ හෙයින් තමාට අයිති නැති ආදරයක් නිසාවෙන් වෛරී චේතනා පෙරටු කොට ගෙන ආශා පොදි බදිමින් අකුසල් එක් කොට නොගෙන   නිවැරැදි සිහිය පවත්වා ගනිමින්  තන්හාව ආශාව අත් හරිමින් ද්වේශය පාලනය කර ගනිමින් කටයුතු කිරීම තුලින් ඔබ බලාපොරොත්තු වන්නා වූ වෛරයෙන් තොර සැබෑ ආදරය ඔබටම හිමි කර ගැනීමට හැකිය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here