දරු ප්‍රසූතියෙන් පසුව ඔබත් මෙම දේවල් වලට හුරු වන්න

0
9074
mom and baby

ගැබිනි මවක් ව සිටින කාලයේදී  දරු ප්‍රසූතියට සැරසෙන මවක් ඉතාම කල්පනාකාරීව තම ප්‍රසුතියට සූදානම් වනවා වගේම තමයි දරු ප්‍රසූතියෙන් පසුවත් ඔබ මවක් ලෙස කල්පනාකාරීව ඉදිරි මාස කිහිපයක්ම කටයුතු කල යුතුයි. මොකද ඔබ දරු ප්‍රසූතිය සිදු කලත් අවධානම් තත්වයෙන් මිදෙන්න නම් අඩුම තරමෙ ප්‍රසූතියෙන් මාස පහක් වත් යනකන් ප්‍රවේශම් විය යුතු වෙනවා.
ඇත්තටම කිරි කැටියෙකු ඉන්න මවක් ලෙස ඔබට ප්‍රසුතියෙන් පසු රාජකාරි වැඩි වෙන්න පුළුවන්. ඔබට ඔබ වෙනුවෙනුත් කාලයක් හොයා ගන්න නොහැකි වේවි. නමුත් මතක තබා ගත යුතු වන්නේ ඔබගේ ක්‍රියාකාරකම් අනුව ඔබත් ඔබගේ බිළිඳු දරුවාගේත් ආරක්ෂාව හා සෞඛ්‍ය තත්වය තීරණය වන බවය.

දරු ප්‍රසූතියෙන් පසුව ඔබත් මෙම දේවල්  වලට හුරු වන්න.

ආහාර

දරු ප්‍රසූතියෙන් පසු කාලය ඔබ ඔබගේ දරුවා වෙනුවෙන් මව් කිරි දීමට වැඩි වැඩියෙන් පෙළඹෙන කාලයයි. එහිදී ඔබ ශාරීරික ලෙස නීරෝගී මවක් විය යුතුය. මෙම දරු ප්‍රසූතියෙන් පසු කාලය තුල කිරි මවක් ලෙස ඔබ පෝෂදායි ආහාර පාන ලබාගත යුතු අතර ඔබගේ කිරි නිපද වීමේ ප්‍රවණතාවද ඔබ ලබා ගන්නා ආහාර වල බලපෑම මත සිදු වේ.
එළවළු , පළතුරු , කිරි, බිත්තර, මස් , මාළු වර්ග නිසි ලෙස ලබා ගත යුතු අතර එහිදි කිසිම විටකත් ඌෂ්ණාධික ආහාර පාන ලබා ගැනීමෙන් වැළකී සිටිය යුතුය. මන්දයත් කිරි මවක් ලෙස ඔබ ඌෂ්ණාධික ආහාර ලබා ගැනීමේදි එය ඔබගේ බිළිදාටද බලපාන බැවිනි.

ආරක්ෂාව

දරු ප්‍රසූතියෙන් පසු මවක් ලෙස ඔබ මාස තුන හතරක් යන තෙක් වත් ආරක්ෂා විය යුතුය. බර ඉසිලීම, එක තැන පැය කිහිපයක් රැදී සිටින වැඩ වල නිරත නොවීම සිදු කල යුතුය. රෙදි සේදීමේදි පවා ඔබ ප්‍රවේශම් විය යුතුය. එමෙන්ම  දිනකට පැය භාගයක් වත් ඇවිදීමට හුරු වීම තුලින් වේදනාවන් මඟ හරවා ගැනීමට ඔබට පුළුවන.
තවද නිවසේ සිටම පහසුවෙන් සිදු කල හැකි ව්‍යායාම් වලට හුරු වී ඔබ ඔබගේ වේදනාවන් මඟ හරවා ගන්න. ගෙදර, දොර පිහිදාන වගේ එහාට මෙහාට යන්න පුළුවන් වැඩ වලට හුරු වන්න.

දරු ප්‍රසූතියෙන් පසුව ඔබ හොදින් වතුර පානය කරන්න හුරු වෙන්න. එමගින් ඔබගේ පරිවෘත්තිය ක්‍රියාවලිය වැඩිකර බර අඩු කර ගැනීමට ඔබට පුළුවන.

පිරිසිදුබව

කිරි මවක් ලෙස ඔබ හොඳින් පිරිසිදුව සිටිය යුතුය. දරුවාට කිරි දීමට සැරසෙන සෑම විටම පියයුරු සෝදා හොදින් පිහිදා දරුවාට කිරි දෙන්න. එමෙන්ම දිනපතා ඇඟ සොදා පිරිසිදු වීම වැදගත්. ඔබ නාන විට උදෑසන නා හොදින් කොණ්ඩය වේලා ගත් පසු දරුවාට කිරි ලබා දෙන්න. තෙත කොණ්ඩය පිටින් කිසි විටකත් දරුවාට කිරි දෙන්න යන්න එපා.

නින්ද

කිරි මවක් ලෙස ඔබට නින්ද කියන්නෙ ඉතා වැදගත් දෙයක්. දරුවාට කිරි දීමට ඔබට පෝෂණය වගේ මානසික තත්වයක් නිසි අයුරින් පවත්වා ගත යුතුයි. දිනකට පැය හයක වත් නින්දක් ලබා ගැනීම වැදගත් වෙනවා. දරුවා නිදාගත් විට ඔබත් දරුවා සමඟ විවේකීව නිදා ගන්න. එය ඔබගේ සෞඛ්‍ය තත්වයටත් වැදගත්.

දරුවාගේ ආරක්ෂාව

දරු ප්‍රසූතියෙන් පසු  ඔබ බොහෝ සෙයින් සැලකිලිමත් විය යුත්තේ දරුවා පිළිබඳවය. නිතරම දරුවා පිළිබඳව සෝදිසියෙන් සිටීමට හුරු වන්න. කිසිවිටකත් දරුවා තනිකර දමා එහා මෙහා නොයන්න. ඔබගේ කටයුතු සදහා යන විට වැඩිහිටියෙකු දරුවා ළඟ රඳවා තැබීමට කටයුතු  කරන්න. අන් අය ඉදිරියේ දරුවාට කිරි ලබා නොදී සිටීමට වග බලා ගන්න.
මාස තුනක් ගත වන තුරු දරුවා පිටත අරගෙන යෑමෙන් වැලකීම ඉතා වැදගත්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here