පරම්පරාගත ආභරණ වෙනුවෙන් කාන්තාවන් දක්වන ආකල්ප

0
3049
diana_and_juwallary

ආභරණ පිලිබඳව කාන්තාවන් තුළ තිබෙන්නේ විශේෂ රුචිකත්වයක්. එයිනුත් සමාජ පංතිය කෙසේ වුනත් පරම්පරාගත ආභරණ වෙනුවෙන් දක්වන ඇල්ම වෙනුවෙන් දක්වන ඇල්ම සෑම කාන්තාවකටම පොදු තත්වයක්. ඩයනා හෙවත් එංගලන්තයේ රෝස කුසුම වඩාත් ප්‍රිය කරනු ලැබුවේ නිල් මැණික් අල්ලන ලද ආභරණ වලටයි. ඇය ගල් අල්ලා නිම කරන ලද ආභරණ වෙනුවෙන් වඩාත් කැමැත්තක් දැක්වූවා.

jwl-2

මේ ආභරණ ඇයට ලැබුනේ පරම්පරාවෙන් බව ඩයනාගේ ඥාති සහෝදරියන් සඳහන් කරනු ලැබුවා. දැනට මෙම භාණ්ඩ කෞතුක ලෙසින් ආරක්ෂා කළත් කේට් කුමරිය ඒ වෙනුවෙන් වඩාත් කැමැත්තකින් සිටින බව මෙම ඥාති සහෝදරිය සඳහන් කරයි.

ඩයනා කුමරිය ඔටුනු වෙනුවෙන් එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. එහෙත් ඔවුන්ගේ පරම්පරාගත අයිතියක්ව පැවැති “ස්පෙන්සර් ඔටුන්න” පිලිබඳව ඇය දැක්වූයේ විහේෂ ඇල්මක්. මේ ඔටුන්න පැළඳීමට නම් එහි ගරුත්වයට ගැලපෙන අන්දමින් විවාහය සිද්ධ වීම අනිවාර්ය සම්ප්‍රදායක් විය. ඇගේ සහෝදරිය වූ ජේන් සහ සාරා ඔවුන්ගේ විවාහ මංගල්‍යයන් වෙනුවෙන් මෙම ස්පෙන්සර් කිරුල දැරීමට වාසනාවන්තියන් වූහ.ඩයනාටද ඒම අවස්ථාව අහිමි වූයේ නැත. ඇයගේ විවාහ මංගල්‍ය්‍ය උත්සවයේදී මෙම කිරුල දැරීමට ඩයනා වාසනාවන්ත වූවාය.

රිදියෙන් නිම කරන ලද මෙම ඔටුන්න දියමන්තියෙන් හැඩ ගන්වා ඇති අතර ලියවැල්, තරු, සහ ටියුලිප් මල් අතර හදවතක කැටයමක්ද මෙම ඔටුන්නේ තබා ඇත.ඩයනාගේ ප්‍රියතම ආභරණ අතරට රතුකැට සහ දියමන්ති ඔබ්බවන ලද මාලය ඇයගේ රූප සුන්දරත්වය තව තවත් වැඩි කිරීමට සමත් විය. ඇගේ රතු ගවුමට මෙම පළදනාවන් පැළඳ “For  your eyes only” මංගල දර්ශනයන්ට සහභාගී වූවාය.

daiana_1

ඩයනාට රජ පවුලෙන් ලැබුන ආභරණ අතරට වින්ඩ්සර් කිරුල වඩාත් සුවිශේෂී ආභරණයක් වේ. එය මේරි රැජිනගේ කාලයේ පටන් පැවැතෙන පාරම්පරික ආභරණයක් වූ අතර එය දියමන්තිවලින් නිර්මිතය. එය අධික බරක් සහිතය. ආරුක්කු 9 ක් සහිත මෙහි බෝ එකක් ඇත. 1981 වසරේ ඩයනා සහ චාල්ස් විවාහ මංගල්‍යයේදී තෑග්ගක් ලෙසින් මෙය පිරනමා ඇත. 1996 වසරේදී චාල්ස් සමග වූ විවාහයෙන් ඇය මෙම ආභරණ රාජකීය පවුලට භාර දී ඇත.

1947 වසරේ දෙවැනි එලිසබෙත් රැජිනට “දමරොන් කොන්ස්ටන්ටයින්” සමාගම විසින් ත්‍යාග ලෙසින් ලබා දෙන ලද අත්ඔරලෝසුවත් ඩයනාගේ පළඳනාවන් අතර වැදගත්ය.කොලින්වුඩ් සමාගම විසින් නිර්මානය කරන ලද ආභරණ අතර දියමන්ති මාලය සහ කරාබු ඩයනා සිත්ගත් ආභරණ අතරට එක්ව ඇත.

royal-jewels

අපේ ජනසමාජයේ වුනත් පරම්පරාගත ආභරණ වෙනුවෙන් විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ නිසාම බොහෝ පවුල් අතර විවිධ ගැටුම් පවා ඇති වෙනවා. පරම්පරාගත ආභරණ ගැන සමාජගත අදහස් කීපයක් තිබෙනවා.

  • වටිනාකම ඉහලයි.
  • පරම්පරාගත නම්බුව.
  • පරම්පරාවේ සිහිවටනයක් වීම.

මෙවැනි ආකල්ප නිසා බොහෝ පවුල්වල පරම්පරාගත ආභරණ නිසා විවිධ ආරවුල් ඇති වෙන්නෙත් ඒ නිසයි. ඒ වුනත් මේ අන්දමින් ගැටුමක් ඇති නොවන විදිහට කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා.ඉතාම මධ්‍යස්ථව හා සාධාරණ විදිහට මගින් මෙම ගැටුම් මගහරවා ගත හැකියි. ඒ නිසා කාන්තාවක් විදිහට ඔබ ඉකාම බුද්ධිමත් හැසිරීමක් ගොඩ නගා ගැනීම වැදගත්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here