සම්මුඛ සාකාච්ඡාවක දී නිතර ඇසෙන ප්‍රශ්න මෙන්න.

0
9007
interviw_questions

ඔබට මොන තරම් සහතික තිබුනත් කොයි තරම් දක්ෂ වුවත් සම්මුඛ සාකච්ඡාවක දී අසන ලබන ප්‍රශ්න වලට මනා ලෙස පිළිතුරු දීමට නොහැකි වුවහොත් ඔබේ සහතික වලට දක්ෂතා වලට කිසිම වටිනාකමක් ලැබෙන්නේ නැත. ඒ නිසාමයි සම්මුඛ සාකච්ඡාවක දී නිතර අසන ප්‍රශ්න කිහිපයක් ඔබට කියන්න හිතුවේ. රැකියා සම්මුඛ සාකච්ඡාවක දී ඔබේ අධ්‍යාපනික, මානසික ස්වභාවය අනාවරණය කර ගැනීම සදහා පැවැත්වෙන සාකච්ඡාවකි. ආයතනය, තනතුර, අයදුම්කරුවාගේ ස්වභාවය ආදී කවරක් වෙනස් වුවද මේ හමුවේ මුලික අරමුණ එයයි. මේ නිසාම සම්මුඛ සාකච්ඡාවකදී නිතර ඇසෙන ප්‍රශ්න කිහිපයකි.

01 ඔබ ඇයි මේ රැකියාව තෝරා ගත්තේ?

02 මේ රැකියාව ඔබට කරන්න පුළුවන් කියලා හිතන්නේ ඇයි?

මේ ප්‍රශ්න දෙක නම් බොහෝ සම්මුඛ සාකච්ඡා වල දී නිතරම අසනු ලබයි. මේ හරහා ඔබේ දක්ෂතා හදුනා ගනී. ඔබේ උනන්දුව මේ හරහා ප්‍රකාශ වේ. බොහෝ අය මෙවැනි ප්‍රශ්න වල දී පිළිතුරු දෙන්නේ මම මේ Field එකට කැමතියි වැනි ඉතා කෙටි පිළිතුරුයි. මෙය ප්‍රමාණවත් නොවේ. ඊට වඩා පුළුල් පිළිතුරක් ලබා දීම වැදගත්ය.

03 ඔබේ අනාගත ඉලක්ක මොනවද

මෙය ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. ඔබේ අනාගත ඉලක්ක ඔබ ඉල්ලුම කරන රැකියාවට සම්බන්ද වීම වඩාත් හොදය. ඔබට මේ සදහා සැලැස්මක් තිබීම අවශ්‍යය. කටට එන දෙය කියන්න යන්න එපා.

04 ඔබේ ගුණාංග ශක්තින්/ මොනවද

මෙය ඔබේ දක්ෂතා ප්‍රකාශ කිරීමට තිබෙන හොදම අවස්ථාවකි. ඒ නිසා මනා ලෙස ප්‍රයෝජන ගෙන පිළිතුරු ලබා දෙන්න.මම වැඩක් කරනවානම් හරියටම කරනවා. පිළිවෙලට වැඩ තියෙන්න ඕනෑ. මට අනිත් අයත් සමග ඉතාමත් සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවනි. මෙහිදී බොරු කියන්න යන්න එපා. ඔබ ඉතාමත් පිළිවෙලට, වෙලාවට වැඩ කරනවා ආදී ලෙස පවසා ඔබ සම්මුඛ සාකච්ඡාවට වෙලාවට නොපැමිණ සහතික පවා අපිළිවෙලට තබා ගෙන සම්මුඛ සාකච්ඡාවට සහභාගී වුවහොත් ඔබ බොරුකාරයෙකු බවට පත් වනු ඇත. එසේ සිදු වුවහොත් ඉන් පසු ඔබ කියන කිසි දෙයක් ඔවුන් පිලි ගන්නේ නැත.

05 ඔබේ දුර්වලතා මොනවද

මෙය තරමක් බැරෑරුම් ප්‍රශ්නයකි. මෙහි දී ඕනෑවට වඩා අවංක වෙන්න එපා. හදිස්සියේ හරි මෙසේ අවංකව ඔබේ දුර්වලතා පැවසුවහොත් ” මට ඉක්මනින්ම තරහා යනවා, ගොඩක් වෙලා එක තැන ඉන්න අමාරුයි, මෙය ඉතාමත් බරපතල පිළිතුරකි. මෙහි දී කියන්න පුළුවනි මම රැකියාවට ඕනෑවට වඩා බැදීමෙන් වැඩ කරනවා. ඒ නිසා අනෙක් දේවල් මග හැරෙන අවස්ථා වැඩියි. දෙයක් පටන් ගත්තොත් නින්ද පිලිබදවවත් එතරම් සැලකිල්ලක් නෑ. මේ නිසා මට හැමෝම කියනවා තමන් ගැන ඊට වඩා හිතන්න කියලා.

මිට අමතරව,

06 යම් ආයතනයක වැඩ කරන කෙනෙකුගේ ඉහල යෑම රදා පවතින්නේ කවර කරුණක් මතද

07 ඔබේ පැරණි රැකියාවෙන් ඉවත් වුණේ ඇයි

මෙහි දී තරමක් පරිස්සම් විය යුතුය. කලබල නොවිය යුතුය. අවාසිදායක පිළිතුරක් ලබා දෙන්න එපා. පෙර ආයතනයේ සිටි ආයතනයේ ප්‍රධානියාට අඩුපාඩු කියන්න යන්න එපා. නිවාඩු නෑ. ලොක්කන්ට කිසිම දැනුමක් නෑ. උසස්වීම නෑ. උසස්වීම් ලබා දෙන්නේ පන්දම් ලබා දෙන අයට විතරයි. මේ ආකරයට් කිසි විදියකින් ප්‍රකාශ කරන්න යන්න එපා. ඔබ එසේ ප්‍රකාශ කළහොත් සිතන්නේ ඔබද ඒ ආයතනයට ගොස් පසුකාලීනව විවේචනය කල හැකි බව ඔවුන් සිතනවා. එවිට ඔවුන් ඔබ වැනි පුද්ගලයෙක් ඔවුන්ගේ ආයතනයට සුදුසු නැතැයි තීරණය කළ හැකිය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here