නිවසේදීම නිය ආලේපන ජෙල් හා පොලිශ් ඉවත් කර ගන්නේ කෙසේද?

0
5049
නිවසේදීම නිය ආලේපන ජෙල් හා පොලිශ් ඉවත් කර ගන්නේ කෙසේද?

ජෙල් පොලිෂ් නිය ආලේපන වල ප්‍රතිලාභ රාශියක් ඇත. දිදුලන, සුන්දර නියපොතු සති දෙකක් පුරාවට පවත්වා ගැනීම බොහෝ ගැහැණු ලමයින්ට සිහිනයකි. දවස පුරා කීබෝඩ් එකේ  කිරීම මාගේ රාජකාරියේ කොටසකි. මීට අමතරව ඉඳුල් භාජන හා ඇඳුම් සේදීමේ කටයුතු වල මා නිතරම නියැලෙන බැවින් ලස්සන නිය රටා තබා ගැනීම බෙහෙවින් අසීරු වේ. මේ නිසා මම ජෙල් පොලිෂ් භාවිතා කරමි. මෙහි ප්‍රතිලාභ රැසක් ඇතත් ඒවා ඉවත් කිරීම අපහසු වේ. මා විසින් සිදු කල පරීක්ෂණයකින් නිවසේදීම මෙම ජෙල් පොලිෂ් ඉවත් කර ගත හැකි ක්‍රම වේද 3ක් මම සොයා ගත්තෙමි.

1.වතුර සහ ඇසිටෝන් (මේ සඳහා ඔබට තිනර් වුවත් භාවිතා කල හැකිය)

ඔබ නිවසේ මෙම කාරක දෙකම සොයා ගත හැකි නම් ඔබට පහසුවෙන් නියපොතු වල ඇති ජෙල් පොලිෂ් ඉවත් කල හැකිය. මේ සඳහා යම් කාලයක් හා ශ්‍රමයක් වැයවේ. නමුත් මෙය සුරක්ෂිත ක්‍රමයකි. ඇසිටෝන් ස්වල්පයක් කුඩා බඳුනකට දමන්න. ලොකු භාජනයකට මද උණු ජලය දමා double boil කරන්න.  රත් වූ ඇසිටොන් නිවෙන්නට හරින්න. මේ කාලය අතර තුර ඔබට නියපොතු buff කල හැකිය.
ඔබගේ නියපොතු ඇසිටෝන් සහිත බඳුනේ ගිල්වන්නට හැර ජෙල් පොලිෂ් ඉවත් වන තෙක් තබන්න. orange wood sticks යොදා ගනිමින් මෙය සිදු කරන්න. සාමාන්‍යයෙන් ජෙල් පොලිෂ් සම්පූර්ණයෙන් ඉවත් වීම සඳහා මිනිත්තු 30ක් වත් ගතවේ. නමුත් විනාඩි 10කට වඩා ඔබගේ ඇඟිලි ඇසිටෝන් බඳුනේ ගිල්වා නොතබන්න. මෙම ක්‍රියාවලිය නිම වූ පසු අත් දෙක හොඳින් සෝදා මොයිෂ්චරයිසරයක් ආලේප කරන්න. කියුටිකල් ඔයිල් හෝ හෑන්ඩ් ක්‍රීම් ද මේ සඳහා භාවිතා කල හැක.

2.removal kit එකක් මිලදී ගන්න.

ජෙල් පොලිෂ් නිය ආලේප වලින් සෑහිමකට පත් වූ ඔබට දැන් removal kit එකක් මිලදී ගැනීමෙන් ජීවිතය පහසු කල හැක. ඉන් ඔබගේ නියපොතු වල ජෙල් පොලිෂ් ඉක්මණින් ඉවත් වනවා පමණක් නොව නියපොතු නීරෝගි ව තබා ගැනීමට ද උපාකාරි වේ.

සාමාන්‍ය removal kit එකක මිල රු. 1000/=  පමණ වේ. නමුත් විවිධ වෙළඳ නාම අනුව මිල වෙනස් විය හැක. පහසුවෙන් භාවිතා කල හැකි පහසුවෙන් ඉවත් කල හැකි  removal kit එකක් ඔබත් මිලදී ගන්න.

3.ෆොයිල් සහ ඇසිටෝන් භාවිතා කරන්න.

ඔබගේ නියපොතු පළමුව   කරන්න. ඇසිටෝන් පෙඟවූ පුළුන් බෝලයක් ගෙන එය සෑම නියපොත්තක් මතම තබා, ෆොයිල් එකකින් වසන්න. විනාඩි 10-12 කින් පසු   එකක ආධාරයෙන් ජෙල් පොලිෂ් ටික් ඉවත් කරන්න. මෙය ඔබ ඉතා සංයමයෙන් කල යුතු දෙයකි. ඔබගේ නියපොතු කෙතරම් ශක්තිමත් වූවත් ඔබ ඉතා ප්‍රවේශම් විය යුතුය. පොලිෂ් ඉවත් කල පසු වතුරෙන් අත් සෝදා හෑන්ඩ් ක්‍රීම් හෝ මොයිෂ්චරයිසරයක් ආලේප කරන්න.

ඔබට නියපොතුවල අති ජෙල් ඉවත් කිරීමට සැලූනයකට යන්න කාලය නැත්නම්, කිසිසේත් එය සූරන්නට එපා. අතින් නියපොත්ත සීරීමට යාම ඉතා අනතුරුදායක ප්‍රතිඵල ඇති කරයි. එම නිසා සැලුන් එකකට ගොස් මෙය සිදු කිරීම යහපත්ය. නමුත් ඉහත සඳහන් ක්‍රම තුලින්ද ඔබට නිවසේදීම ජෙල් පොලිෂ් ඉවත් කල හැකිය. කැඩුණු, තුවාල වුණු නියපොතු ඇත්නම් මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් වලකින්න. ඔබත් ජෙල් පෝලිෂ් නිතරම භාවිතා කරනවාද? ඔබ නිවසේදීම එම පොලිෂ් ඉවත් කරනවාද?

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here