ටැටූ ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔබ දැන ගත යුතු වැදගත් කරුණු 7ක්

0
4952
ටැටූ ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔබ දැන ගත යුතු වැදගත් කරුණු 7ක්

ටැටූවක් ඔබ සම මත කොටන්නේ තම අනන්‍යතාවය හා හැඟීම් ප්‍රකාශ කිරීමේ මෙන්ම ශරීරයේ රුව ඉස්මතු කිරීමේ අටියෙනි. බොහෝ පුද්ගලයින් විවිධ හේතූන් නිසා පච්ච කොටා ගනියි. නමුත් සමහර අවස්ථා වලදී , එම හේතු මානසික අසහනය හෝ අස්ථාවර භාවය නිසා විය හැකිය. ඔබගේ දරුවාව හෝ දෙමාපියන්ගේ මතකයන් වෙනුවෙන් ඔවුන්ගේ නම් හෝ රූප සම මත ටැටූ කර ගැනීම කදිම අදහසකි. නමුත් ඔබ වැරදීමකින්, මානසික අසහනය නිසා සම මත කොටා ගත් ටැටූ ඔබට පසු කාලයේදි ඉවත් කර ගැනීමේ අවශ්‍යතාවය පහල වනු ඇත.

මා පලමු ටැටූව කොටා ගත්තේ මාගේ ප්‍රථම ප්‍රේමයේ සිහිවටයනක් ලෙසය. දෙවන ටැටූව දෙවන ප්‍රේමයේ සිහිවටනය වෙනුවෙනි. පසු කාලයේදි මට මෙය අනර්ථ දෙයක් යැයි හැඟුණු හෙයින් එය ඉවත් කිරීමේ අවශ්‍යතාව පහල වුණි. එය ඉවත් කිරීම සඳහා මට වේදනාවෙන් පිරි වසර ගණනාවක් ගතවූ ක්‍රියාවලියකට මුහුණ දීමට සිදු වුණි. මේ සඳහා මට මුදල් ගණනාවක් වැයවූ අතර ඉන් මම එක් වැදගත් පාඩමක් ඉගෙන ගත්තෙමි. ඔබත් පෙර කොටා ගත් පච්චයක් ඉවත් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් පහත සඳහන් උපදෙස් පිළිපදින්න.

මෙය දීර්ඝ කාලයක් ගතවන ක්‍රියාවලියකි.
ඔබගේ ටැටුවේ ප්‍රමාණය හා සමේ ස්වභාවය අනුව අඩුම තරමේ වසර 1-3 ක කාලයක් ඇතුලත ඔබට එය ඉවත් කිරීමේ ඉඩකඩක් ඇත. ඔබගේ ටැටූව පිහිටන ස්ථානයද මෙහි වැදගත් වේ. එය හෘදයට ලඟ නම්, ඉවත් කිරීම හා සුව වීම පහසු වේ. මන්ද එම ස්ථානයේ රුධිර සංසරණය වැඩි හෙයිනි. ප්‍රතිකාර අතර කාලය සාමාන්‍යයෙන් සති 4ක් හා 8ක් වන අතර සැසි 10-18ක් තුල ටැටූව ඉවත් කිරීම සමහර අවස්ථා වලදී ප්‍රමාණවත් නොවන අවස්ථා ද ඇත.

ඔබගේ ටැටුවේ වර්ණයද එය ඉවත් කිරීම සඳහා බලපාන වැදගත් සාධකයකි. කලු පැහැති ටැටූ ඉවත් කිරීම පහසු වූවත් රතු, රෝස හා කොල වැනි වර්ණ ඉවත් කිරීම සඳහා වැඩි ශ්‍රමයක් හා කාලයක් දැරීමට සිදුවේ. අඩු කාලයකින් ටැටූව ඉවත් කිරීමට ඔබට අවස්ථාවක් හිමිවූයේ නම් ඊට එකඟ නොවන්න. මන්ද ක්ෂණික ඉවත් කිරීමේ ප්‍රතිකාර තුලින් ඔබට චර්ම රෝග ඇති වීමේ දැඩි අවදානමක් ඇති විය හැකි හෙයිනි.

hypopigmentation හෙවත් සමෙහි වර්ණය වෙනස් වන ලප ඇති වීම.
ඔබ තරමක් තලෙලු සමක් ඇති අයෙකු නම් ඔබට මෙම තත්ත්වය ඇතිවීමේ අවදානමක් පවතියි. ටැටූ ඉවත් කිරීමේ ලේසර් ප්‍රතිකාරයේ ඇති එක් ප්‍රශ්නයක් වන්නේ ඉන් ටැටූව සමඟ සමෙහි වර්ණකාරක ද ඉවත් කිරීමයි. මේ නිසා ඔබ ටැටූව ඉවත් කිරීමට ප්‍රථම චර්ම විශේෂඥයෙකු හමුවීම වැදගත් ය.

හැකි පමණ ටැටූව ඉවත් කිරීමට ප්‍රථම විශේෂඥ උපදෙස් ලබා ගන්න.
ඔබගේ කාර්ය බහුල ජීවිතය නිසා ඔබ ටැටූ ඉවත් කිරිමේ ක්ෂණික ප්‍රතිකාර බලාපොරොත්තු වේ. දැන්වීම් දැක, චර්ම විශේෂඥ උපදෙස් ද නොවිමසා ප්‍රතිකාර වලට භාජනය වීමට ඔබ සූදානම් වී සිටිති. මෙයින් ඔබට යහපත් ප්‍රතිඵල අපේක්ෂා කල නොහැක. අප අනෙකුත් ව්‍යාධි වලින් පෙලන අවස්ථාවන් හිදි අනේක වෛද්‍යවරුන් හමුවී උපදෙස් ලබා ගන්නෙමු. ටැටු ඉවත් කරන ක්‍රියාවලියේ පවාද ඔබ අඩුම තරමේ විශේෂඥයින් 3 දෙනෙකු හමුවීම අනිවාර්ය වේ. සදහටම පවතින ලප කැලැල් ඇතිවීම හා චර්ම රෝග හට ගැනීම ටැටූ ඉවත් කිරීම නිසා නිතර ඇතිවන ප්‍රති විපාක දෙකකි. නමුත් විශේෂඥ උපදෙස් ලබා ගැනීම තුලින් ඔබට මෙම තත්ත්වය මඟ හරවා ගත හැකි වේ.

ලේසර් ප්‍රතිකාරය පිලිබඳ වැඩි විස්තර විමසන්න.
සියලුම වර්ණ එක්වර ඉවත් කල හැකි ලේසර් නොතිබේ. එක් එක් වර්ණය සඳහා වෙන වෙනම ලේසර් ඇත. ඔබේ ටැටූව විවිධ වර්ණයන්ගෙන් යුක්ත එකක් නම් ඔබට එය ඉවත් කිරීම සඳහා වැඩි කාලයක් හා මුදලක් වැය කිරීමට සිදුවේ. මේ සම්බන්ධයෙන් ඔබට සමීක්ෂණයක් සිදු කල හැකි අතර අයින් ඔබට වඩාත් සුදුසුම ප්‍රතිකාරය තෝරා ගත හැක.

සැම විටම විමර්ශනශීලි වන්න.
ප්‍රවීණ ටැටූ ඉවත් කරන්නෙකු ලවා මෙම ප්‍රතිකාරය කර ගැනීම අවදානම් අඩු වූවත් ඔබ ඔහු/ඇය පවසන සියලු දේට එකඟ නොවිය යුතුය. විටින් විට ඔවුන්ගේ දැනුම පිරික්සීම සඳහා ප්‍රශ්න විමසන්න. අපේ සම එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වේ. එබැවින් ඔබේ මිතුරාගේ ටැටූව ඉවත් කිරීමට යොදා ගත් ප්‍රතිකාර ඔබටත් සුදුසු වේ යැයි පැවසිය නොහැක. නිතරම ප්‍රශ්න අසන්නට නොපැකිලෙන්න. ප්‍රතිකාරයෙන් පසු ඇති විය හැකි අතුරු ආබාධ පිලිබඳ සොයා බලන්න. අන්තර්ජාලයේ තොරතුරු විමර්ශනය කොට අන් අයගේ අදහස් කියවා මේ සම්බන්ධයෙන් දැනුවත් වන්න.

අතුරු ආබාධ.
සෑම ප්‍රතිකර්මයකින්ම අතුරු ආබාධ ඇති විය හැක. ටැටූවක් ඉවත් කිරීමේදි ද, hypopigmentation, Hyperpigmentation (සම අව පැහැ ගැන්වීම), ලප කැලැල් ඇතිවීම, චර්ම ආසාදන, පිළිස්සුම් තුවාල ඇතිවීම,  සමෙහි ස්වභාවය වෙනස් වීම, ඉදිමුම් ගතිය, බිබිළි හට ගැනීම හා දිගුකාලීන වේදනාව වැනි අතුරු ආබාධ ඇතිවීමේ අවදානමක් පවතියි. මින් බොහෝමයක් දරුණු නොවන අතර අනෙකුත් තත්වයන් ප්‍රතිකාර තුලින් සුවපත් කර ගත හැකිය.

ඔබගේ ටැටූ ශිල්පියා කවුරුන්ද?
ඔබගේ ටැටූ ශිල්පියා නවකයෙක්ද? අත්දැකීම් සහිත ප්‍රවීණයෙක් ද? ඔබගේ ටැටූව නිර්මාණය කල පුද්ගලයා අනුවද එය ඉවත් කිරීමේ පහසු බව තීරණය වේ. සමහර අවස්ථා වලදී ටැටූ ශිල්පියාගේ දක්ෂතාව මත ප්‍රතිකාරය සඳහා ගත වන කාලය වෙනස් වේ. නවකයෙකුගේ ටැටූවක් ඉවත් කිරීමට සැසි 15 ගතවන අවස්ථාද ඇත. විටෙක ප්‍රවීණයන්ගේ ටැටූ ඉවත් කරනවාට වඩා නවකයෙකුගේ ටැටූව ඉවත් කිරීම පහසු වේ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here