දිදුලන, පැහැපත් සමකට යෝගට් සහ මී පැණි

Honey-yogurt

යෝගට් සහ මී පැණි, අපේ සමට මනා පෝෂණයක් ලබා දිය හැකි පෝෂක කොටස් රැසකින් සමන්විත බව ඔබ දන්නවාද?

යෝගට් – අතීතයේ සිටම සම පැහැපත් කරගැනීමේ ක්‍රම වේදයන් අතරට යෝගට් ඇතුළත්ය. පුරාණ ඊජිප්තුවේ ක්ලියෝපැට්‍රා පවා ඇගේ සම පැහැපත් කරගැනීම වෙනුවෙන් දිනපතා කිරි ස්නානය කළ බවට තොරතුරු ඇත. සුන්දර සමක් සඳහා සිදු කෙරෙන සත්කාර අතර අද වන විටත් ප්‍රමුඛස්ථානයක් ගන්නා කිරි නිෂ්පාදයක් වන යෝගට්වල ඔබේ සමෙහි පෝෂණයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හතරක් ඇතුළත් වේ.

සින්ක් – යෝගට් ග්‍රෑම් 100ක සින්ක් මිලිග්‍රෑම් 1 ඇතුළත් වන අතරම එමගින් සමෙහි තෙල් ගතිය නියාමනය කරමින් සමට සිසිලසක් ගෙන දේ.

ලැක්ටික් අම්ලය – මෙය යෝගට්වල ප්‍රධාන සංඝටකයක් වන අතරම එමගින් සම ආරක්‍ෂා කරයි. සම රැලිවැටීම පාලනය කරයි.

කැල්සියම් – මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සැමවිටම සමට නැවුම් පෙනුමක් එක්කරයි. සමෙහි වියලි බව නැති කරයි.

විටමින් බී – විටමින් බී2, බී12, බී5 යන විටමින් බී ප්‍රභේද කිහිපයක්ම යෝගට්වල අඩංගු වේ. මෙම ප්‍රභේද මගින් සම මත තෙතමනය රැකදෙමින් දිලිසෙන සමක් ඔබට ලබා දේ. එසේම සමෙහි සෛල ආරක්‍ෂා කරයි. සෛල වර්ධනයට මෙන්ම ප්‍රතිජනනය කිරීම සඳහා ද විටමින් බී දායක වේ. බී5 මගින් සිදු කෙරෙන විශේෂ කාර්යයක් වන්නේ සෛල තුළ සෞඛ්‍ය සම්පන්න මේද නිෂ්පාදනයට ක්‍රියා කිරීමයි.

මී පැණි – සුන්දර සමකට ඇලුම් කළ අතීතයේ ලලනාවන් පවා භාවිත කරන ලද මී පැණි ද පෝෂක කොටස් රැසකින් යුක්තය. මී පැණිවල ආහාරමය වටිනාකම පිළිබඳ සොයා බැලුවහොත් ස්වභාවික සීනි (ග්ලූකෝස්) 80% ක්ද ජලය 18%ක්ද ඛනිජ ලවණ සහ ප්‍රෝටීන් 2%ක්ද අන්තර්ගත වේ. එසේම මී පැණි විටමින් වර්ගවලින් ද ඛනිජ වර්ග වලින් ද පෝෂිතය.

මෙසේ පෝෂක කොටස් රැසකින් පරිපූර්ණ මී පැණි සම මත ඉතා හොඳ පවිත්‍රකාරකයක් ලෙස ක්‍රියා කරයි. එසේම සම මත වූ ලප කැළැල් ඉවත් කර සම පෝෂණය කරමින් දිදුළන පැහැපත් සමක් ලබා දෙයි. යෝගට් සහ මී පැණි ඔබේ සමට ඉතා උසස් සුසංයෝගයක් වනු නිසැකය. දිදුලන සුන්දර සමක් උදෙසා පෝෂක කොටස් රැසකින් යුතු මෙවැනි ස්වභාවික දේ සමගින් සිරුරට හිතකර රූපලාවන්‍ය ක්‍රම අනුගමනය කිරීමට උනන්දුවන්න.

 

About The Author

Previous articleදෙමාපියන් දෙදෙනාම රැකියාවට යන නිවසේ දරුවන් සතුටින්ද?
Next articleවිවාහය…. ආදරය සහ market වූ බැඳීම…..
අධ්යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here