උස් අඩි පාවහන් පලදින්නේ බලාගෙනයි.

0
4001
girl_high_heels

කාන්තාවන් කවුරුත් කැමති විලාසිතා කරන්න. පිරිමි පාර්ශවයට වඩා කාන්තාවන් තමයි අදින ඇදුම් පාවහන් පිලිබදව සැලකිලිමත් වෙන්නේ. විලාසිතා කිරීම හොදය. මොකද අපි කවුරුත් කැමති ලස්සනට ඉන්න. කතාවක් තිබෙනවා උසස් පාවහන් ඔබව උසස් ස්ථාන වලට රැගෙන යනවා කියලා. ඒ කොහොම උනත් පාවහන් පැලදීමෙන් කාන්තවන්ට පිළිකා රෝගය හැදීමේ අවධානමක් පවතී. මේ කියන්න යන්නේ සාමාන්‍ය පළදින පාවහන් ගැන නම් නෙමෙයි උස් අඩි පාවහන් ගැනයි. අඩි උස පාවහන් හරහා ශරීරයට ආබාධ ඇති කරනු ලැබේ. සමහරවිට දැනටමත් ඔබ මේ ගැන දැනුවත් ඇති. දැනුවත් වී තිබියදීත් ගනන් නොගෙන සිටිනවා විය හැකිය. එසේ උස් අඩි පාවහන් පලදින කාන්තවන් ඔබ වෙනුවෙන්ම තමා මේ ලිපිය ලියන්න හිතුවේ.

ඔබ තමන්ගේ පා වලට  පළදින්න පාවහන් සොයා ගෙන යන විට අඩි උස සෙරෙප්පු ලග ඔබේ ඇස් නවතින්නේ නොදැනුවත්වම විය හැකිය. අද වන විට කාන්තාවන් උස් අඩි පාවහන් පැලදීම ඉතාමත් වැඩි වී තිබෙනවා. විශේසයෙන්ම රැකියා වලට යන කාන්තාවන් නිතරම පාහේ උස් අඩිය පවතින පාවහන් භාවිතා කරයි. මොකද මේ පාවහන් හරහා ඔබේ සිරුරට අමුතුම ලස්සනක් ලැබෙන නිසා.

නමුදු දිගු කාලීනව උස් අඩි පාවහන් පැලදීම පාද වලට අහිතකරය. ස්වාභාවිකවම අපේ පාවහන් පතුල වක්‍රාකාරය. එම නිසා ඇවිදින විට අපට අපේ සිරුරේ බර සමබර කර ගනිමින් ඇවිදීමේ හැකියාවක් තිබෙනවා. මේ අඩි උස් පාවහන් පළදින විට විලුඹ තරමක් උසින් පිහිටනවා. මේ නිසා අපේ ශරීරයේ බර පාදයේ ඉදිරිපස ඇගිලි වලට ගමන් කරනවා. මේ නිසා අපේ මුළු සිරුරේ බර මහපට ඇගිල්ල වෙත ගමන් කරනවා. මේ හරහා සිරුරේ සමබරතාවය නැති වෙලා යනවා. දිගු කාලීන කොන්දේ වේදනාවන්, දණහිස් ආබාධ මේ හරහා ඇති වෙන්න පුළුවනි.

දිගින් දිගටම අඩි උස් පාවහන් පළදින විට පාද වල අස්ථි වලට අධික තෙහෙට්ටුවක් ඇති වෙනවා. මේ නිසා ඔස්ටිරියෝ ආතරයිටිස් වැනි රෝග වලට ගොදුරු වෙනවා. මේ නිසා වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ කාන්තාවන්ට මේ හරහා පිළිකා තත්වයක් වුව ඇති විය හැකි බවයි.

ඇත්තටම මේ උස් අඩි පාවහන් පළදින ඔබ හොදින්ම දන්නවා ඇති මේ පාවහන් හරහා පාදයට සුව පහසු බවක් ඇති වන්නේ නැති බව. මේ පාවහන් පළදින විට ඔබට වේදනා ඇති වන අවස්තා ද ඇත. මේ අපහසුතාවය නිසාම මෙන්ම අස්වාභාවික ඉරියව් නිසා ශරීරයේ අස්ථි ඉදිමීමේ හැකියාව වැඩිය. දිගින් දිගටම මෙවෙනි පාවහන් පැලදීමෙන් අප නොහිතන රෝග අපේ සිරුරට වැලදීය හැකිය. මේ හරහා හදවත් රෝග, දියවැඩියාව, වැනි රෝග හට ගැනීමේ අවධානමක් පවතින බව දැන දැනම ඔබ මේ පාවහන් පළදිනවා විය හැකිය. නවතම පර්යේෂණ හරහා පෙන්වා දෙන්නේ පිළිකා රෝගය හට ගැනීමට ද බොහෝ ඉඩකඩ පවතින බවය.

රුධිර සංසරණයට ද මේ හරහා බලපෑම් ඇති වේ. විශේෂයෙන්ම කෙණ්ඩා ප්‍රදේශයේ මංශපේශි බොහෝ වෙලාවක් සංකෝචනය වී තද වී තිබීම නිසා රුධිර ගමනාගමනය නිසියාකාරව සිදු නොවේ. මේ නිසා ඔබ නිතරම මේ පාවහන් පැලදීමෙන් නහර ගැට ගැසීමේ අවධානමක් පවතී. එසේම අපේ සිරුරේ බර නිසි පරදී සමබර නොවීමෙන් එක් පෙදෙසකට පමණක් එම බර ගමන් කිරීමෙන් පාද වලට දැනෙන වේදනාව වැඩිය.

අද බොහෝ කාන්තාවන්ට දණහිස් ආබාධ, කොන්දේ වේදනාව ඇති වන්නට මෙයද බලපා තිබේ. එසේම මහපට ඇගිල්ලට වැඩි පීඩනයක් ඇති වන නිසා පසුකාලීනව ඇද වී ඇවිදීමට අපහසු විය හැකිය.

මේ නිසා ඔබේ පාවහන් වලට ගැලපෙන නොයෙක් විලාසිතා ඇති තරම් වෙළදපොළේ දක්නට ලැබේ. තම සිරුරට ලස්සනක් ලබා ගැනීමට උස් අඩි පාවහන් පැලදීමෙන් අවධානමක් පවතී. අද වන විට වෛද්‍යවරුන් නියම කර තිබෙන්නේ කාන්තාවන්ට අගල් 02ක් පමණ පාවහන් පැලදීම සුදුසු යැයි කියයි. ඒ කොහොම වෙතත් අඩි උස් පාවහන් සතියකට දවස් 04 05ක් කට වඩා පැලදීම අහිතකර බව මොවුන් පෙන්වා දේ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here