තැනට ගැලපෙන ලෙස විලාසිතාවන් තෝරා ගැනීම කාන්තා අපගේ පෞර්ෂත්වය තවත් වැඩි කරයි

0
4911
woman_fashion

කාන්තාව සහ විලාසිතා අතර ඇත්තේ ඉතා කිට්ටු සම්බන්ධතාවයක් බව අපි දන්නවා. ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ශ්‍රී ලංකාවේ විලාසිතා අතර ඇත්තේද අනෙක් රටවල මෙන්ම එවැනිම සම්බන්ධතාවයකි. ඇත්තටම කාන්තාවක් වශයෙන් ඔබ විලාසිතා කිරීමේදී මොනවා ගැනද සැලකිලිමත් වන්නේ? මොනවා ගැනද ඔබ සැලකිලිමත් විය යුත්තේ? මෙය ඉතා වැදගත් මෙන්ම ඉතාම සැලකිලිමත් විය යුතු කාරණය වේ. ඒවානම්,

  • සමේ පැහැය
  • ඇගට පහසු ඇදුමක් වීම
  • තැනට උචිත අයුරින් ඇදීමට හැකි ඇදුමක් වීම
  • ශරීරයේ ප්‍රමාණයට ගැලපෙන් ඇදුමක් වීම
  • පවතින දේශගුණික තත්ත්වයට ගැලපෙන ඇදුමක් වීම

නමුත් බොහෝ කාන්තාවන් තුළ යමතාක් හෝ දැනුමක් අවබෝධයක් මේ පිළිබඳ තිබුනද. බොහෝ කාන්තාවන් නොසිතන පැත්තක් ගැන කතා කරන්න අපි සිතුවා.

ඇඳුම් පැළඳුම් ආකාර ඉක්මණින් වෙනස් විය හැකි අතර සාමාන්‍ය භාවිතයේදී විලාසිතා වශයෙන් හැඳින්වෙනුයේ වඩාත් නූතන අඳින පළඳින ක්‍රමවේදයයි. මෙම පදය හා බැඳුණු අභ්‍යන්තරික අදහස වන්නේ සමස්ත සංස්කෘතීන්ට සාපේක්ෂව එහි එක් එක් කොටස් වඩාත් සීඝ්‍රයෙන් විචලනයන්ට භාජනය වන බවයි.

විලාසිතාවට ගැළපෙන හෝ නොගැළපෙන ලෙස වර්ගීකරණය කිරීම මගින් යමක් අදාල පරිසරයට නැතහොත් වටපිටාවට ගැළපේද නොගැළපේද යන්න කියැවේ. තවද, විලාසිතා යන වදන බොහෝ විට ධනාත්මක අරුතක් ඇතිව භාවිතාවන අතර අලංකාර සහ මන්මත් කරවන සුළු වැනි අදහස් ගෙන දේ. මේ අයුරින් බලන විට විලාසිතාවන් සමාජීය කලාවක් ලෙස සැළකිය හැකි අතර කිසියම් සංස්කෘතියක් එයට අදාලව අලංකාරය සහ යහපත් බව මනිනු ලබන ආකාරයක් ලෙසද සැලකිය හැක. කෙසේ නමුත් විලාසිතා යන වදන ඇතැම්විට ඍණාත්මක අර්ථයක් ඇතිව ද භාවිතා වේ. එහිදී අනවශ්‍ය ලෙස නොගැළපෙන පුහු අලංකරණය වැනි අර්ථයක් ඇතිව භාවිතා වේ.

ඇදුම් පැළදුම් යන පොදු වදන විචිත්ර ඇදුම් හෝ කෝලම් ඇදුම් හැදින්වීම සදහා ලඝු කර ඇති අතර විලාසිතා යන්න සාමාන්යයෙන් ඇදුම් හා ඒවා පිළිබදව වු අධ්යනය හගවයි. මෙම වන හුවමාරුවට හේතුව වුයේ කර්මාන්ත විප්වය අතර තුරදි නව රෙදිපිළි භාවිතය සදහා නව ආකාර පෙන්වා දුන් විලාසිතා පලකවල නිපදවීම නිසාය. ඇදුම් පැළදුම් හා සමාජයට ලැබී ඇති තත්ත්වය පිළිබදව වු පුළුල් සංස්කෘතීන් හරහා යන නිරීක්ෂණයක් ඇදුම් පැළදුම් සදහා වු ප්රවේශ සදහා පරීශීලනය වේ.

විලාසිතාවක් තුලින් සුන්දරත්වය ඉස්මතු කරන්නා සේම විලි වසා ගැනීමද ඉතා වැදගත් වෙනවා. නමුත් අදවනවිට බොහෝ කාන්තාවන් විලාසිතාවක් ලෙස කාන්තා අඟ පසඟ උලුප්පා පෙන්වීම, අඩනිරුවත් ඇදුම් පැළදුම් ඇදීමට වැඩි ප්‍රවනතාවක් දක්වන බව පෙනෙන්නට තිබෙනවා. බොහෝ මාධ්‍ය හා වෙළද දැන්වීම් මගින් මෙය අදවන විට සාමාන්‍ය තත්ත්වයක් බවට පත්කර තිබෙනවා.

පොදු වාහනවල යන එනවිට දක්නට ලැබෙන ප්‍රධාන කාරණයක් ලෙස කාන්තාවන් සමහර දෙනෙක් සාරි ඇදීමේදී තමන්ගේ ඇ‍‍ගේ අවයව හරිහැටි ආවරණය නොවන පරිදි ඇදුම් ඇදීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට තියෙනවා. එමෙන්ම ඉතා කොට ඇදුම් ඇදීමටත් බොහෝ ප්‍රියතාවයක් දක්වනවා. නමුත් ඔබ මොහොතකට සිතුවාද මෙවන් ඇදුම් පැලදුම් ඇදීම තුලින් ඔබ අනවශ්‍ය ලෙස කරදර වල පැටලෙන බව.

ඇත්තටම කාන්තාවන් ලෙස අප සමාජයේ පැතිකඩ කිහිපයක්ම හොබ වන චරිතයක්.ඒ අනුව දියණියක්, මවක්, මිත්තනියක්, වැඩිහිටි කාන්තා චරිතයක් ලෙස සමාජයට මුහුණ දෙන අපට ඇඳුම් පැලදුම් කියන්නෙ තවත් විශේෂ දෙයක්. කාන්තාවන් සතු අභිමානයට, උදාර බවට, උතුම් බවට අප කරන මෙවැනි විලාසිතා  හරහා අපගේ ප්‍රතිරූපයට හානිකර වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා. විලාසිතාවක් කිසිවිටක තමාට හෝ අන්අයට හානිවන අයුරින් සිදු නොකළ යුතුයි. තමාසතු වස්ත්‍රය ඉතා පිරිසිදුව, පිළිවෙලට ශරීරය වැසෙන ආකාරයෙන් ඇදීම තුලින් ඔබසතු කාන්තා අභිමානය, සුන්දර ලාලිත්‍යය, උදාරත්වය වැඩිවෙනු ඇත.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here