හුදෙකලාව අවනඩුවක් නොවන්නනට

0
3826
lonly_girl

ජීවිතේ නැති කරගන්න මතුපිටින් කිසිම හේතුවක් නැති වුනත් අපි අතර සිටින බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය නැති කරගැනීමට උත්සාහ නොකලත් , ජීවි‍ත් වුනා ඇතැයි යන සිතුවිල්ල එක්වරක් හෝ ඇතිව තිබෙන බව මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙනවා. මේ පරාසයට කාන්තාවන්ද ඇතුලත් වෙනවා. ස්විස්ටර්ලන්තයේ මනෝවිද්‍යාඥ පෝල් ටුවනියර්  (රීඩර්ස් ඩයිජස්ට්) පෙන්වා දෙන අන්දමට ලෝකයේ තිබෙන බරපතල ව්‍යාධිය  තනිකමයි.සියදිවි හානිකරගන්නා බොහෝ‍ දෙනෙක් මේ පීඩාවෙන් පසුවුන අයයි. ඒ වගේම දුම්වැටි මත්ද්‍රව්‍ය වෙනුවෙන් ඇබ්බැහි වුන අයගේ ආත්මීය ප්‍රකාශ මගින් පෙන්වා දෙන්නෙත් තමන්ගේ හිතේ තිබුන හුදෙකලාව නිසා මේ අවාසනාවන්ත තත්වයට ඔවුන් ගොදුරක් වුන බවයි.

  • සංඛ්‍යාලේඛන අතරින් කාන්තාවන්ගේ සියදිවි නසා ගැනීම් අඩුවක් නැද්ද…

සංඛ්‍යාලේඛන අනුව එහෙම වුනත් කාන්තාවන් අතර ජීවිතය පිලිබඳව වූ හුදෙකලාව ඉතාම ඉහලයි. ඊට හේතුව කාන්තාවක් බාලකාලයේ පටන්ම තමන්ගේ පවු,ට, එතැනින් විවාහ වෙලා ස්වාමිපුරුෂයාට , දරුවන්ට වගේ පියවරෙන් පියවරට බන්ධන තිබෙනවා. කාලයත් සමග මේ සියළු බැඳීම් ලිහී ගිහින් ඔවුන් සමාජයේ තනිවුන චරිත බවට පත් වෙනවා. ඇතැම් අයගේ ස්වාමිපුරුෂයාත් මියගිහින් මහගෙදර ඉතිරි වෙන්නේ කාන්තාව පමණයි.මියගිය අතීතය නැවත නොපැමිනෙන බව දැන දැන වුනත් පසුගිය ජීවිතය ගැන මෙනෙහි කරමින් ඔවුන් ලතැවෙන්නේ “දරුවන් ඇදුම් ඇගලුම් ගෙන සිඹින්නෙමි ….” යන අදහසට ගැලපෙනම ලෙසින් කිව්වොත් ජීවිතයේ හිස්තැන පුරවා ගැනීමටයි.

  • දරුවන්ට තනිකම නැද්ද..?

ඇයි නැත්තේ ….. ? දෙමව්පියන් රැකියාවන්හි නරත වෙන දරුවන්ට තනිකම තදින්ම දැනෙනවා. නිතරම දෙමව්පියන් ඔවුන්ට සමීප වෙන්නේ නැහැ.පවුලක පියා, මව මියගියොත් මේ තනිය යන සිතුවිල්ල ඉතාම දරුණු විදිහට දැනෙනවා. මව පියා නැවත කිසිම දිනක තමන්ට නැතැයි වූ ආත්මීය ශෝකය ඉතාම දැඩි ලෙසින් දරුවන්ට දැනෙනවා.

  • පිරිමින්ට නම් ඉතින් සමාජයක් තිබෙනවානේ..

ඒත් නිතරම සමාජගතව කාලය ගෙවන පිරිමි උදවිය වුනත් මේ තනිය යන මානසිකත්වයෙන් පසුවෙන බව අමතක කරන්න එපා. ජනප්‍රිය ලේඛිකාවක වන “ෆේන් බෝල්ඩ්වින්” සඳහන් කරන්නේ “වසන්තයේ සුන්දර උදෑසනක වුව,ග්‍රිෂ්මයේ සන්ධ්‍යාවක වුව , ඔබ කොතැන කුමක් කරමින් සිටියද  තනිකම ඇවිත්  ඔබ රිදවන බවයි”.

  • සමහර උදවිය පාසල් යනවා

ඉන්දියාවේ කේන් ප්‍රදේශයේ ජීවත්වෙන “කාන්ටබායි” පාසල් ජීවිතය පටන්ගන්නේ දරු මුණුපුරන් දැක තම ස්වාමිපුරුෂයාගේ වියෝවීමත් සමගයි. හැටපස් හැවිරිදි ඇය ජීවිතයේ තනිය මකා ගැනීමට මෙන්ම අකුරු උගත් යන තෘප්තියෙන් මියයනු වස් මේ ආච්චිඅම්මලාගේ පාසලට ඇතුලත් වුණා.

“මගේ ජීවිතයේ හුදෙකලාව දැන් නැති වුණා. ජීවිතය අලුත් වුණා. දැන් මම ඉදුන පළතුරක් වගේ කොයි මොහොතක හෝ මම නටුවෙන් ගැලවී මම තෘප්තිමත්…” නේපාලයේ “දුර්ගා කාමි” නැවත පාසල් ගමන පටන් ගත්තේ ඔහුගේ බිරිඳ මියයෑමෙන් ඇති වුන මානසික හිස්කමට පිලියමක් විදිහටි. දැන් 68 හැවිරිදි ඔහු සිටින්නේ “ශ්‍රි කලා හයිරාම්” පාසලේ 10 වැනි වසරේ.දරුවන් හයදෙනෙකුගේ පියෙකු වූ ඔහුට මුණුපුරු මිනිපිරියන් අට දෙනෙක් සිටියත් ජීවිතය හිස් බවකින් පිරී ගියේ බිරිදගේ ඇවැමෙන් පසුවයි.

image

මනෝවිද්‍යාඥයින් විසින් කරන ලද අධ්‍යනයකදී එක්තරා අපූරු කාන්තාවක් ඔවුන්ගේ අධ්‍යනයට සම්බන්ධ වුණා. ඇය අතීතයේදී ඉතා ප්‍රසන්න පවුල් ජීවිතයක් ගත කළා. දරුවන් උස් මහත් කරල දීග තල දුන් පසුව මහගෙදර ස්වාමිපුරුෂයා සමග බොහොම සැහැල්ලුවෙන් ජිවත් වුණා. ඒත් නොසිතූ මොහොතක ස්වාමිපුරුෂයා මියගිය පසුව ඇය නිවසේ තනිවුණා. මේ හුදෙකලාව දරා ගත නොහැකි මානසිකත්වය නිසා මේ කාන්තාව මානසික උපදේශන වෙනුවෙන් යොමු වුණා.

“දරුවන් සහ ස්වාමිපුරුෂයා සමග කාලය ගෙවද්දී මට දවස මදි. දැන් මට දවස දිගයි.මේ නිසා මට ජීවිතයේ විශාල හිස්කමක් දැනෙනවා. මට උපදෙසක් දෙන්න….” ඇය කියා සිටියා.

“හරි…ඔබ මෙහෙම කරන්න…ජීවිතයේ දරුවන් සහ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ඔබ යුතුකම් ඉටු කලා. ඒ සතුට ඔබට ඉතිරියි. දැන් ඔබට ඒ වගකීම් යුතුකම් නැහැ. ඒ වේලාව සමාජ සේවයට වෙන් කරන්න.” වෛද්‍යවරයා උපදෙස් ලබා දුන්නා.ඇය වෛද්‍යවරයා කී ලෙසින්ම කටයුතු කරනු ලැබුවා. ඇගේ ජීවිතයේ හුදෙකලාව නොදැනීම නැති වුණා.

තවත් කාන්තාවන් ජීවිතයේ තනිකම මගහැර ගැනීමට ස්වාමිපුරුෂයා තවම තමන්ගේ  හිතේ ජීවත්වෙනවා යැයි සිතා හිත ශක්තිමත් කර ගන්නවා. පියවි ඇසට නොපෙනුනනත් ඔහු තමාගේ හදවතේ ලැගුම් ගෙන සිටින්නේය යන සිතුවිල්ලෙන් ජීවත් වෙනවා. ඒ නිසා ඔවුන් කෙසේ හෝ ජීවිතයට මුහුණ දෙන ශක්තිය ගොඩ නගා ගන්නවා.

අද සමාජය බොහොම යාන්ත්‍රිකයි. ඒ නිසාම තවත් පැත්තකින් හුදෙකලාවෙන් තනි තනි පුද්ගලයන් පීඩා විදිනවා. එදා වගේ සමාජ සම්බන්ධතාවයන් අද ඇත්තේ ම නැහැ. බොහෝ දෙනෙක් සමාජ සම්බන්ධතාවයන් දිගින් දිගට පවත්වා ගෙන යන්නත් කැමැත්තක් නැහැ. සමහර සිදුවීම් වලදි එක් වුනත් ඒ සිද්ධිය අවසානයේදී නැවතත් පරණ විදිහටම ජීවිතය ගෙනියනවා. මොනතරම් වීරයෝ වගේ මේ දේවල් ගැන කතා කළත් තනිකම යන සිතුවිල්ලෙන් ඔවුන් පීඩා විදිනවා. ඒ අනුව මනෝවිද්‍යාඥයින් විසින් තනිකමට ඉදිරිපත් කරන විසදුම් කීපයක් තිබෙනවා.

  • සංගීතය

සංගීතය මනසට ඉතා හොඳ පෝෂණයක්. වාදනය, ගායනය වගේම ගීත ඇසීමත් මගින් හිතේ තිබෙන විවිධ සෘන සිතුවිලි දුරස් වෙන බව මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙනවා.

  • පොත්පත් ඇසුර

පොතක් පතක් පතත්රයක් කියවන්න වෙලාවක් කෝ….?මේ විදිහට ඔබ කිව්වත් පොත් පත් කියවනා නම් ඔබ ඉතාම නිර්මානශීලී බවට පත් වෙනවා. ඒ නිසාම ඇති වෙන නිර්මානශීලි කටයුතු නිසා දවසේ කාලය ගෙවීම එතරම් අසීරුවක් නැහැ.

  • සමාජ ජාල

අපි කාටවත් තනිවය ජීවත්වෙන්න බැහැ. මේ නිසා අපි සමාජජාල සමග සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීම වැදගත්. ගමේ, නගරයේ සමාජජාල නැති අය මුහුණුපොත වැනි විද්්‍යුත් සමාජජාල ඔස්සේ සම්බන්ධ වෙමින් සිටීමත් එක්තරා ආකාරයක විකල්පයක් විදිහට පෙන්වා දෙන්න පුලුවනි.

  • සමාජසේවය

සමාජසේවා කටයුතුවල නිරත වීමත් තනිකමට හොඳ ඔසුවක්.ගමේ සමිති සමාගම් සමග එක්ව මකටයුතු කරන විට තවත් සමාජයක් ගොඩ නැගෙනවා. මේ නිසා මානසිකව ඇති වෙන බැඳීම නිසා ජීවිතයේ හිස්කමට කුමන හෝ විකල්ප විසදුමක් ලැබෙනවා.

ජීවිතයේ දැනෙන තනිකම මග හරවා ගැනීම එතරම් පහසු දෙයක් නොවෙයි. ඒ වගේම මේ තත්වය ගැන හිත හිත ලතැවීමත් එතරම් ගුණ නැහැ. ඒ නිසා තනිකම මග හැරෙන විදිහට ජීවිතය හසුරුවා ගැනීම හැර වෙන කළ යුත්තකුත් නැහැ.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here