ගෙදරින් ඈත් කළ යුතු පිලිකා කාරක ආහාර

0
5034
unhealthy-foods
ජාන වෙනස් කළ ආහාර

ආහාර නිෂ්පාදනය වෙනුවෙන් වූ ජාන තාක්ෂණයෙන් Genetically Modified Foods (GMOs) අලුත් ආහාර වර්ග බිහි කිරීම අද අලුත්ම කලාවක්. ඒත් මේ තත්වය එතරම් හිතකර නැහැ. අද කෘෂිකර්මාන්තයේ සෝයා , සහ ඉරිඟු වැනි ආහාර ජාන තාක්ෂනයෙන් බිහි කරන පිලිකා කාරක ආහාර බවට අනතුරු දැන්වීම් නැතුවා නොවෙයි. ආහාර පිලිබඳ ව පර්යේෂණයේ යෙදෙන විශේෂඥයින් පවා සඳහන් කරන්නේ ජාන වෙනස් කරන ලද බොහෝ ආහාර වෙළඳ පොලට නිකුත් වීමට පෙරාතුව ඒ ගැන ප්‍රමාණවත් පරිදි අධ්‍යනයන් සිදු නොවන බවයි. මේ අඩුපාඩුව නිසා මානව සෞඛ්‍යට දිගු කාලීන බලපෑම් එල්ල වෙන බැව් මෙම විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා. කොහොම වුනත් අපි හැම දෙයක්ම ඉතාම ඉක්මනින් ග්‍රහණය කර ගන්නා නිසා අහිතකරද නැත්ද යන්න ගැන දැන ගන්නා විට සිදු විය හැකි විපත්ති සිදු වෙලා අවසානයි.

මයික්‍රෙවේව් පොප් කෝන් (popcorn)

පොප්කෝන්කිව්වාම අපි බොහොම උජාරුවෙන් මිළට ගත්තත් මේ විදිහේ ආහාර එදා අපේ රටේ උදවිය තමන්ගේ නිවසේදීම කබලේ බැද පිළියෙල කර ගත් පොරි එහෙම නැත්නම් විළඳ කිව්වාම අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය නැහැ. ඒත් එදා දවසේ නම් මේ විදිහට පිලිකා හැදෙන බවට අසුබ ආරංචි තිබුනේ නැහැ. බඩේ අජීර්ණයක් හැදුනාමත් පොරි වලට මීපැණි කලවම් කරල එදා ආහාරයට ලැබුණා. ඒ වුනත් අද මේ පොප්කෝන් පිලියෙල කරන ක්‍රමයේ වැරැද්ද නිසා පිලිකා හැදෙන ලැයිස්තුවට පොප් කෝන් ඇතුලත් වෙලා.රසය වැඩි කිරීමට එකතු කරන කෘතිම බටර්  නිසා ඇති වෙන අහිතකර බලපෑමේ ප්‍රතිඵලය කොතෙක්ද කිව්වොත් පිලිකාවක් වැළ‍ඳෙන අවදානම තෙක්ම ප්‍රතිඵල දරුණුයි. ඒ විතරක් නොවෙයි, පොප්කෝන් අසුරනු ලබන මයික්‍රොවේව් ඇසුරුම නිසා පෙනහළු ආශ්‍රිත පිලිකාවන් ඇති වීම වැනි අවාසනාවන්ත තත්වයටත් පත් වෙන්න පුලුවනි.

ආහාර ඇසුරුම් හෙවත් කෑන් කරන ලද ආහාර

ආහාර ඇසුරුම් කිව්වාම මේ අසුරන වල තිබෙන ආහාර කිසිම හානියක් නැහැ. ඒත් ඇසුරුම් වෙනුවෙන් යෙදා ගන්නා භාජනවල තිබෙන.නිෂ්පාදනයට සම්බන්ධ bisphenol-A (BPA), මගින් මොළය ආශ්‍රිත පිලිකා ඇති වීමට ඉඩක් තිබෙන බව මීයන් ආශ්‍රිතව කරන ලද අධ්‍යනයනන් මගින් තහවුරු වී තිබෙනවා. ඔබ ගෘහනියක් විදිහට පවුලේ සුපරි වෙළඳ සැල්  මානසිකත්වය හඹා නොයන්න. පවුලේ සාමාජිකයින් වෙනුවෙන්  නිතරම නැවුම් එළවලු සහ පළතුරු තෝරා ගන්න. එහෙම නැතුව අසුරන ලද ආහාර වලට යොමු වෙන්න එපා. එළවලු 250 ත් වැඩි වෙන නිවසකට ඒ වේලාවට පරිභෝජනය කිරීමට ප්‍රමාණවත් පරිදි මිසක කෑන් කර අසුරා තබන ලද ආහාර වර්ග ගැන වෙහෙසිය යුතු නැහැ. මෙසේ අසුරා තබන ලද ආහාර අසුරන වල අඩංගු bisphenol-A (BPA),පිලිකාවට මග  එවිට  පිලිකාවෙන් නොදැනීම බේරී සිටින්න පුලුවනි. ඒ නිසා ඔබ ශීතකළ ආහාර ගැනීම මීට වඩා ‍සෞඛ්‍යාරක්ෂිතයි.

සකස් කරන ලද රතු මස්

බේකන්, සොසේජස්, හැම්බර්ග් වැනි ආහාර ගැන තිබෙන අනතුරු දැන්වීම අපි හොදින්ම දන්නවා. පුලුස්සන ලද රතු මස් වලින් පිලිකා කාරක බවට තිබෙන අනතුරු දැන්වීම දැන දැනත් අහිතකර ආහාර රටාවෙන් මිදෙන්න අපි තවමත් සූදානම් නැහැ. ඒ වගේම සකස් කරන ලද මස් කල්කල්තබා ගැනීමට  වගේම මේවා පිලිස්සීම වෙනුවෙන් යොදා ගන්නා ක්‍රමවේදයත් අපේ සෞඛ්‍යට එතරම් හිතකර නැහැ.  වුනත් රතු  මස් ආහාරයට ගැනීමෙන් පිලිකාවකට ගොදුරු වීමට ඇති අවදානම 22% ක් බවත් දැන හිටියොත් හොදයි නේද…?

පිරිපහදු කරන ලද සීනි

පිරිපහදු කරන ලද සීනි යොදා ගෙන නිෂ්පාදනය කරනු ලබන සිරප් වර්ග නිසා ඉන්සියුලින් මට්ටම ඉහල නැගීමටත් පුලුවනි. මේ නිසා අද වෛද්‍යවරුන්ගෙන් ලැබෙන විශේෂ උපදේශය වී තිබෙන්නේ සුදු සීනි වෙනුවට දුඹුරු සීනි ආහාරයට ගැනීම අපේ ජීවිතයේ පැවැත්මට වඩාත් සුදුසු බවයි. 

අච්චාරු වර්ග

ආහාර කල් තබා ගැනීමට සංයෝග කරන සෝඩියම් නයිට්රේට් වැනි සංයෝග නිසා ආන්තික පිලිකාවට ගොදුරු වීමේ ප්‍රවනතාවය ඉහල නංවන බැව් දැන් අධ්‍යනයන් මගින් පෙන්වා දී තිබෙනවා.

සෝඩා සහ කාබනේට් පාන වර්ග

අද බොහෝ දෙනෙක් තිබහට ඇල් වතුර වෙුවට සෝඩා සහ කාබනේට් පාන වර්ග වෙනුවෙන් පුදුම ඇල්මක් දක්වනවා. සෝඩා වර්ග රස ගැන්වීම වෙනුවෙන් අධික  විදිහට සීනි යොදා ගන්නවා වගේම විවිධ රස සහ වර්ණත් එක් කිරීම නිසා ඒවා පෙරලා අපේ සෞඛ්‍යට ඉතාම අහිතකර විදිහට බලපාන්නට ඉඩ තිබෙනවා.සෝඩා ආහාරයට ගැනීම නිසා සිරුරේ සීනි ගබඩා වීම වගේම ඉන්සියුලින් වෙනුවෙනුත් ප්‍රතිරෝධීතාවයක් ඇති වෙනවා.ඒ නිසා තිබහක් ඇති විට ජලය හෝ තැඹිලි කුරුම්බා වතුරෙන් පිපාසය සංසිදවා ගන්නවා නම් වඩාත් හොදයි.

කුරුට්ට  ඉවත් කළ ධාන්‍ය අපේ ආහාරයට එකතු වෙන්නේ සුදු පිටි විදිහටයි. අපිත් බොහොම ආසාවෙන් සුදු පිටි පරිභෝජනයට යොමු වුනත් මෙහි අහිතකර තත්වය ගැන දන්නේ නැහැ. මේවා පිටි කිරීමේදී එකතු කරන ක්ලෝරින් වායුවත් අහිතකරයි. සුදු පිටි ඉතා ඉක්මනින් ජීරණය වෙන අතරම ‍කාබොහයිඩ්ඩ්‍රේට අපේ සිරුරට සීනි විදිහට එකතු වෙනවා. ඒ නිසා “ග්ලයිසොමික් අගය” ඉහළ නැගීම පමණක් නොව පිලිකාවන්ට ගොදුරු වීමේ අවදානමත් ඉතාම ඉහලින් තිබෙනවා. තිරිඟු පිටි වලින් නිෂ්පාදනය කරන “ග්ලුකෝස් ‍ෆෘට්රෝස්” සහ “සිරප්” වර්ගත් පිලිකා කාරකයි.

අනවශ්‍ය විදිහට උෂ්ණත්වයත් එපා

ආහාර සකස් කරන විට සෙල්සියස් අංශක 65 ට වැඩි උෂ්ණත්වයක වගේම ෆැරන්හයිට් අංශක 150 ක උෂ්ණත්වය ඉක්මවා නොයන විදිහට රත් කිරීම වැදගත්. එවැනි ඉහළ උණුහුමේ සකසන ලද ආහාර නිසා ගලනාලෙය ආශ්‍රිත පිලිකා ඇති වෙන්න පුලුවනි. ඒ විතරක් නොවේ අපේ විශේෂ නැඹුරුතාවයක් ඇති “අර්තාපල් පෙති” සකස් කරන විට ක්‍රිස්පි ගතිය ඇති කිරීමට යොදා ගන්නා “ඇක්රිලමයිඩ්” සංයෝගය මොනතරම් නරකද කියනවා නම් සිගරට් වලින් ඇති වෙන අහිතකර තත්වයට සමානයි. ඊට හේතුව සිගරට් නිෂ්පාදනය කිරීමටත් මේ අහිතකර සංයෝගය යොදා ගන්නවා.

 Truth about cancer වෙබ් අඩවියේ Cancer Causing Foods ලිපිය ඇසුරිනි

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here