කාන්තා ඔබ මෙම පුරුදු වලින් හෙබි අයෙක් කිසිම දිනක තම සහකරු ලෙස ඔබගේ ජීවිතයට එක් කර නොගන්න

0
15397
future husband

ආදරය හා ගෞරවය යන කරුණු දෙක පදනම් කොට ගෙන සෑම බැදීමක්ම සාර්ථකව පවත්වා ගැනීමට ඔබ සැමට හැකියාවක් ඇත. දෙදෙනාට දෙදෙනාගේ සහයෝගය හා අන්‍යොන්‍ය විශ්වාසය හා කැපවීම මත සැබවින්ම ආදරණීය  සබඳතාවක් ගොඩ නැගීමට සැමට පුළුවන්කමක් ඇත. නමුත් අද සමාජය තුල විවාහායට ප්‍රථම තමන්ට ගැලපෙනම සහකරු  තෝරා ගැනීම කාන්තාවක් ලෙස ඔබ අප කාගේත් සිතේ ඇති වන ගැටලු සහගත තත්වයකි. ඔබේ ජීවිතේ ඉතිරි කාලය හොදින් ගත කිරීමට ඔබට ගැලපෙන , ඔබව සතුටින් තැබිය හැකි සහකරු  කවුරුන්ද  යන්න තෝරා ගැනීම කාන්තාවක් ලෙස අප සියලු දෙනාට වටිනා කාරණයකි. සෑම සබදතාවක්ම අඩපණ වීමට මුල් වන්නේ පිරිමි පාර්ශ්වයේ ඇති යම් යම් කරුණු කාරණාය.  ඉතින් මෙන්න මේ කියන්න යන ගුණාංග ඔබේ පෙම්වතාට හෝ ඔබ විවාහා වීමට තීරණය කර ඇති පුද්ගලයාට ඇත්නම් කිසිම දිනෙක ඔහුව ඔබේ ජීවිතයේ සහකරු  ලෙස තෝරා  නොගන්න.  කිමද මෙම ගති ඔබගේ  විවාහා ජීවිතයට බලපෑම් කල හැකි නිසා  මෙම ගති පැවතුම් ඇති ඔහුව ඔබගේ ජීවිතයේ කොටස්කරුවකු ලෙස තෝරා නොගන්න.

• ඉක්මන් කෝපය

සුළු දෙයටත් කිපෙන ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන කෙනෙක් වී නම් කිසිම දිනෙක ඔහු ඔබගේ ජීවිතයට ලං කර නොගන්න. ඉක්මන් කෝපය නිසාවෙන් ඔබ ඔහුගේ ශාරීරික වද හිංසන වලට ලක් වීමට ඉඩ ඇති බැවින්  එවන් පුද්ගලයකුගේ  මානසික තත්වය ඉතාමත් පහල මට්ටමක තිබෙන අතර  කිසිම විටක කරුණු කාරණාවන් කථා කොට වත් විසදා ගැනීමට මෙවන් පුද්ගලයන් සමග නොහැකි අතර  එවන් අයගෙන් ඈත්ව ජීවත් වීම ඔබට වගේම ඔබගේ ශරීර සෞඛ්‍යයටද හිතකරය.

• ඇලී ගැලී සිටීම

සෑම විටම ඔහු සියලු දෙයක් ගැනම සෙවිල්ලෙන් බැලිල්ලෙන් සිටී නම් එහි ගැබ්ව ඇත්තේ ඔබ පිළිබඳ ඔහු තුල විශ්වාසයක් නොම වීමය. ඔබගේ පෙර අතීත සිදුවීම් හා සබදතා පසුපස යමින් ඔබව පීඩනයට ලක් කරනා එවන් උදවිය කිසිම දිනෙක කාන්තාවකගේ සහකරු ලෙස නොගැලපේ. කිමද එවන් පුද්ගලයන් කිසි විටෙකත් කාන්තාවකට ගෞරව කිරීමට නොදනී.  මෙය ඉත‍ා නරක තත්වයක් වන අතර එවන් පිරිමි උදවියගේ ඇසුරින් ඉවත් වීම ඔබට වාසි සහගත  වේ.

• ඇබ්බැහි වීම

දැඩි ලෙස සෑම දෙයක් කෙරෙහිම ඇබ්බැහි වීම හෝ දැඩි ආශාව ඇති පුද්ගලයෙක්  වෙතොත් ඔහු කිසිම දිනෙක කාන්තා ඇසුරට නුසුදුසු අයෙක් වේ. මත්පැන්, මත්ද්‍රව්‍ය , මත්කුඩු හා ලිංගිකත්වය යන නොමනා ක්‍රියා වලටද දැඩි සේ ආශා කිරීම හා ඒවා ඔස්සේ ගමන් කිරීම  නුසුදුසු වන අතර  එවන් පුද්ගලයන් කිසිසේත්   කාන්තාවකට සහකරු ලෙස නොගැලපෙති. එම නිසා ඔබගේ ජීවිතයට යම් හෙයින් පුද්ගලයෙක් තෝරා ගන්නේ නම් ඔහු පිළිබඳ හොදින් සොයා බලා විමසිල්ලෙන් කටයුතු කොට තීරණ වලට පෙලඹීම යහපත් වේ.

• මානසික මට්ටම

ඊර්ෂ්‍යාව හා ඔබ කෙරෙහි ඇති දැඩි බල ලෝභීත්වයක් ඇති අයෙක් වෙතොත් ඔහු නිතර නිතර ඔබ සමඟ ගැටෙන පුද්ගලයෙක් වෙන්න ඉඩ තිබෙනවා. මොකද  ඔවුන් තුල ඔබ ගැන තියෙන්නෙ අල්ප විශ්වාසයක් නිසා සමාජයේදී ඔබට අන් අය ඇසුරු කිරීමට ඔහු බාධා පමුණුවන්න පුළුවන්.  මෙවැනි පුද්ගලයන් යහපත් මානසික තත්වයක් හිමි අය නොවන අතර නිතරම ඔබ දිහා වෙනත් සමාජීය කෝණයකින් බලන්න පුළුවන්  නිසා මෙවැනි පුද්ගලයන්ගෙන් දුරස්ව ඔබට වගේම ඔබගේ භාහිර සමාජ කටයුතු වලටත් සහයෝගයක් දිය හැකි ආදරණීය සහකරුවකු තෝරා ගැනීමට කල්පනාකාරී වන්න.

ඉහත සදහන් කල ගති ලක්ෂණ වලින් හෙබි අයෙකු ඔබගේ ජීවන සහකරු ලෙස තෝරා පත් කර නොගැනීමට කාන්තා ඔබ කල්පනාකාරී විය යුතු අතර හොද සබදතාවක් වගේම ආදරණීය පවුල් ජීවිතයක් ගත කිරීමට නම් ඉවසීම ප්‍රගුණ කළ සියලුම දේ සාවදානයකින් බැලිය හැකි ආදරබර සහකරුවකු ඔබත් ඔබේ ජීව්තයට තෝරා ගත යුතුය.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here