ස්ත්‍රී දූෂණ වලට වගකිව යුත්තේ අපිම ද ?

ස්ත්‍රී දූෂණ වලට වගකිව යුත්තේ අපිම ද ?

මේ සමාජය දෙස බලන විටදී වැඩි අවදානයක් යොමු වී ඇත්තේ කාන්තා හිංසන හා දූෂණය පිළිබඳවය. ස්ත්‍රී දූෂණ, ලිංගික අතවර හා ළමා අපයෝජන ක්‍රියාවන් මේ කාලය තුල බොහෝ සෙයින් වැඩිවීමක් පෙන්නුම් කරනු ලබයි.  ලිංගිකත්වය ඉස්මතු වන ආකාරයේ වෙළඳ දැන්වීම් හා වැඩ සටහන් විද්‍යුත් මාධ්‍ය තුල ප්‍රචාරය කිරීමද මෙයට හේතු වී ඇත. එමෙන්ම අසභ්‍ය ආකාරයේ පුවත්පත්, වෙබ් අඩවි හා වීඩියෝ පටි වැනි දේවල් තුලින් මෙම ස්ත්‍රී දූෂණ වැඩි දියුණු කරන්න මඟ පෙන්වනවා යන්න මාගේ අදහස වේ. Facebook සමාජ ජාල වෙබ් අඩවිය තුලද බොහෝ සෙයින් අසභ්‍ය වීඩියෝ පටි, අසභ්‍ය වෙබ් පිටු නිර්මාණය වෙමින් පවතී. මේවා සීමා කිරීම කළ යුතු අතර ඒවාට ඇබ්බැහි වූවන් මුදා ගැනීමද අපගේ වගකීමකි.

මේ වෙද්දි සමාජයෙන් නිතර නැගෙන චෝදනා අතර බොහෝ දෙනා පවසන්නේද කාන්තාවන් අදිනු ලබන ඇඳුම් පැළදුම් නිසාවෙන් ස්ත්‍රී දූෂණ හා අතවර සිදු වන බවය. ඇත්තෙන්ම බොහෝ සිදුවීම් දෙස බලන විට අවසාන නිගමනය වන්නේ මෙවැනි සිදුවීම්ය. එනම් බොහෝ දූෂණයට ලක් වූ කාන්තාවන් අඩ නිරුවත්ව සමාජය තුල හැසිරීමය.  මිනි ඇඳුම්, ටයිට් සාය, කොට කලිසම්, ජින්ස්, ස්කිනර් වැනි ඇඳුම් තුලින් කාන්තාවකගේ ඉස්මතු වන ශරීර අවයව වෙනත් පුද්ගලයින්ගේ ලිංගික ආශාව උද්දීපනය කිරීමට සමත් වන බව මේ වන විට සොයා ගත් කරුණු කාරණා තුලින් සනාථ වී ඇත. එම නිසා ස්ත්‍රී දූෂණ වැඩි වීමට කාන්තාවම මඟ පාදා ඇති බවක් පෙනී යයි.

තවද තම තත්වය රැක ගැනීම හේතුවෙන් තවකෙකුගේ ආශාවල් ඉටු කිරීමට පෙලෙඹෙන තත්වයක් අද වන විට මේ සමාජය තුල පවතී. එනම් ආයතන තුල ඉහළ නිලධාරීන්ගෙන් එල්ල වන පීඩනකාරී තත්වය හමුවේ කාන්තාවන් ලිංගික ප්‍රේෂණයට පෙලෙඹෙනු ලබති. තම රැකියාව, උසස් නිළ තල හා රැකියා ලබා ගැනීම උදෙසා කාන්තා සමාජය ලිංගික අතවරයට ලක් වෙති.

නිවෙස් තුලදී වුවද කාන්තාවන් මෙන්ම තරුණ වියෙහිත් ළමා වියෙහිත් පසුවන ගැහැනු ළමුන් ලිංගික අතවරයට ලක් වෙයි. එනම් තම මව විදෙස් ගත අවස්ථා වල පියාගෙන්, සීයාගෙන් සහෝදරයෙකුගෙන් හෝ නෑදෑ පුරුෂයෙකුගෙන් ගැහැනු දරුවන් අතවරයට ලක් වන අවස්ථා ඇත. මෙහිදී මුලුමනින්ම වග කිව යුතු වන්නේ තරුණ වියෙහි දරුවන් තනිකර දමා සල්ලි පසුපස හබා යන තම මවය. කර කියා ගැනීමට දෙයක් නොමැති කමින් මේ ආකාරයට මල් වැනි ජීවිත කොපමණක් නම් විනාශ වී ඇත්ද ?

තවද පාසල තුලදී ඔබේ දරුවා මානසික ආකාරයෙන් හෝ ශාරීරික ආකාරයෙන් අතවරයට ලක් වීමට ඉඩ ඇත. ඇමරිකානු එක්සත් ජනපදයේ 24 වියැති ගුරුවරිය 8 වසරෙහි ඉගෙනු ලබන සිසු දරුවාව ලිංගික ඇසුරකට පොලඹවා ගනිමින්     මේ  වන විට එම ගුරුවරිය එම සිසු දරුවාගෙන් ගැබ් ගෙන ඇති බවට පුවතක් අපට වාර්තා වුනා. ඉතින් මේ අයුරින් බලද්දි අපේ රටෙත් මේ වගේ සිදුවීම් සිදු නොවෙනවා නොවෙයි.  ගුරුවරුන් තම දරුවන් ඔවුන්ගේ ආශාවල් අභිමුව මුව පොව්වන් කර ගැනීමට මාන බලනා කාලයක් මේ. එම නිසා ඔබගේ දරුවා ගැන නිසි අවධානයෙන් සිටිය යුතුම කාලයක් මේ.

අපි දැන දැන ගින්නට පැනිය යුතු නැත. අපගේ දැනුවත් බව ප්‍රයෝජනයට ගෙන මෙම ගින්නට පනින වුන් බේරා ගැනීමට අපට හැකිය. මෙවන් ලිංගික අතවර හෝ ස්ත්‍රී දූෂණ සිදුවීමට පාදක වන ක්‍රියාවන්ට එරෙහි වීමට සමාජයේ වෙසෙන පුද්ගලයන් වශයෙන් අපට හැකියාව ඇත. එමෙන්ම කාන්තාවන් ලෙස මේවායින් සමාජය මුදවා ගැනීමට අපටද වගකීමක් ඇත. අප කාන්තාවන් ලෙස අපගේ ගෞරවය රැකෙන අයුරින් මේ සමාජයේ ජීවත් විය යුතුය. වයසට සරිලන ආකාරයෙන් ඇදුම් ඇදිය යුතුය. වැරැද්දක් දුටු තැන එයට එරෙහිව කථා කල යුතුය  සමස්ථ කාන්තා පරපුරෙහිම ගෞරවය හා ආත්ම අභිමානය අප අතේය. එය වැනසෙන ආකාරයට කටයුතු නොකිරීම ඔබ අප කාගේත් වගකීමකි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here