අඹු සැමියන් අතර ගැටුම් ඇතිවෙන්න බලපාන ප්‍රබල හේතුවක් මෙන්න

0
11551

වැරදි විශ්වාසයක තදින් එළැඹී සිටින පුද්ගලයෙකුට ලිංගිකත්වය සම්බන්ධ විශාල ගැටලු ඇතිවිය හැක. ඊට අපි එක්‌ නිදසුනක්‌ බලමු. ජීවිතයේ මුල් කාලයේදී ස්‌වයං වින්දනය නිසා පසු කාලයේදී ලිංගික අප්‍රාණිකත්වය ඇතිවිය හැකි බවට විශ්වාස කරන පුද්ගලයන් තවමත් අප සමාජයේ සිටිති. මේ පිළිබඳව දැඩි ආතතියකින් පසුවන තරුණයකුට ඇත්තටම ප්‍රාණවත්වීමේ ගැටලුව ඇතිවිය හැකිය. නිවැරැදි පිරිමි ලිංගික අවයව වන ශිෂ්ණයේ ප්‍රමාණය නොදැනුවත්කම නිසා තම ශිෂ්ණය කුඩා යයි සිතේ බරක්‌ තබාගෙන සිටින අය ද සිටිති. එයින් මානසික ආතතියක්‌ හටගෙන ඒ නිසා ගැටලු ඇතිවිය හැකිය. එසේම ලිංගික ක්‍රියාවලියේ එකතුවීමේ කාලසීම කෙපමණදැයි නොදැනුවත්කම නිසාද ගැටලු ඇතිකර ගනී.ලිංගික සබඳතා කෙරෙහි පවතින ඇල්ම හෙවත් ආශාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ය. මෙහිදී ගැටලු ඇතිවනුයේ දෙදෙනා අතර වෙනසකදීය. ආශාව ගත්විටදීද ලොකු පරාසයක්‌ ඇත. ලිංගික ආශාව වැඩි පුරුෂයෙක්‌ සමඟ ආශාව අඩු ස්‌ත්‍රියක්‌ විවාහ වූ විට ඒ දෙදනා අතර ගැටලු ඇතිවිය හැකිය. සමහර රෝගී තත්ත්වයන් නිසාද මේ ආශාවන් අඩුවැඩි වේ. මෙය දෙපක්‌ෂයටම පොදු ලක්‍ෂණයකි. අද සමාජයේ බහුලව දකින ලිංගික ආශාවේ ගැටලු මානසික හේතු නිසා ඇතිවන තත්ත්වයන්ය. මානසික රෝගවලට ප්‍රතිකාර ලෙස ගනු ලබන සමහර බෙහෙත් වර්ග නිසාද මෙහිදී ලිංගික ආශාව මෙන්ම ප්‍රාණවත්වීමටද බලපෑමක්‌ ඇතිවේ.

කාන්තා ගැටලු

කාන්තාවන්ටද ඇතිවන ලිංගික ගැටලු පිළිබඳව සලකා බැලූවිටද ලිංගික ආශාව පිළිබඳ ගැටලු ප්‍රධාන තැනක්‌ ගනී.

ලිංගික ක්‍රියාවලියේදී ඇතිවන වේදනාකාරී බව ප්‍රධාන ගැටලුව ලෙස දැක්‌විය හැකිය. කාන්තාවන්ට ලිංගික සතුට නොලැබීමද තවත් අවස්‌ථාවකි. පොදු කරුණක්‌ ලෙස විමසීමේදී ලිංගික ආශාව අඩුවීම ගැටලුව කාන්තාවනට වැඩියෙන් ඇති බව කිව යුතුය. මෙයට ශාරීරික හේතුන් බොහොමයක්‌ බලපෑමට ඉඩ තිබේ. මානසික තත්ත්වයන්ද තදින්ම බලපානු ඇත. ශාරීරිකව හෝමෝනවල වෙනස්‌කම් ප්‍රමුඛ ස්‌ථානයක්‌ ගනී. ඊට අමතරව සමහර රෝගී තත්ත්වයන් ලෙස දියවැඩියාව, ස්‌ථුලභාවය (තරබාරු ගතිය) සහ තෛරොයිඩ් හෝමෝනයේ වෙනස්‌කම්, මොළයේ ශ්‍රාවය වන වෙනත් හෝමෝනවල බලපෑම්ද පෙන්වා දිය හැකිය. මීට අමතරව මානසික රෝගවලට ගන්නා බෙහෙත් වර්ග නිසාද ආශාවේ ගැටලු ඇතිවේ.

ලිංගික වේදනාකාරී තත්ත්වය පිළිබඳව විමසීමේදී කරුණු දෙකක්‌ පෙන්වා දිය හැකිය. නව යුවළක්‌ පළමුවෙන් එකතුවීමේදී ඇතිවන බිය නිසා ඇතිවන වේදනාකාරී බව එක්‌ ප්‍රභේදයකි. මෙය ශ්‍රී ලංකාවේ ඉතාම බහුල අවස්‌ථාවකි. විවාහ වී අවුරුදු ගණනක්‌ කල්ගත වූවාට පසුවද වෛද්‍යවරුන් හමුවීමට පැමිණෙන අවස්‌ථා ඇත.

පහසුවෙන් නිවැරැදි කළ හැකි මෙවැනි තත්ත්වයන් තුළින් පවුල් ජීවිතය විනාශ කර ගැනීම අපරාධයකි. ලිංගික එකතුවීමේදී ඇතිවන වේදනාකාරී බවට හේතු කිහිපයකි. සමහර ශල්‍යකර්මලින් පසුවද මෙය ඇතිවිය හැකිය. හෝමෝනවල වෙනස්‌කම් නිසා ද මෙය සිදුවේ. යෝනි මාර්ගයේ වෙනස්‌කම්ද සමහර අවස්‌ථාවලදී මෙයට බලපානු ඇත. ප්‍රජනන පද්ධතිය හා සම්බන්ධ ඇතිවන ආසාධන තත්ත්වයන් නිසාද වේදනාකාරී තත්ත්වයක්‌ ඇතිවිය හැකිය.

කාන්තාවන්ට බහුලව ඇතිවන තවත් ප්‍රධාන ලිංගික ගැටලුවක්‌ ලෙස ලිංකිකත්වයේ සතුට නිසි අයුරින් නොලැබීම හැඳින්විය හැකිය. ලිංගිකත්වය පිළිබඳ දැනුම අඩුකම, සතුට ලබා ගැනීමේ නියම පිළිවෙළ නොදැනුවත්කම නිසාද කාන්තාවන් මෙම තත්ත්වයට පත්වේ. මානසික ගැටලුද තවත් බලපාන අවස්‌ථාවකි. කාන්තාවනට ලිංගික සතුට ලබා ගැනීමේදී පිරිමියා සමඟ ඇති සබැඳියාව ඉතාම වැදගත්ය. නිසි අයුරින් එකතුවීමේ ක්‍රියාවලිය හරියාකාරව නොවන විටදී එය පවුල් ජීවිතයකට තදින්ම බලපානු ඇත. මෙහි මූලික රෝග ලක්‌ෂණ වනුයේ අඹු සැමි යුවළ අතර නුරුස්‌නාගතියක්‌ ඇතිවීමයි. ඉන්පසු රණ්‌ඩු සරුවල් වලින් පටන්ගෙන උච්ච අවස්‌ථාවට පත්වී ගුටි බැට හුවමාරුවකටද බොහෝ විට ඉඩකඩ ඇත. පුරුෂයා මත්පැන්වලට ඇබ්බැහි වීමද මෙම ලිංගික ගැටලුව නිසා හේතු විය හැකිය. කාන්තාවද වැරදි මාර්ගවලට යොමුවීම, පිරිමියාද අයථා සම්බන්ධතාවලට පැටලීමද මේ නිසා සිදුවිය හැකිය.

මෙම තත්ත්වයන් නිසා මානසික ආතතිය, මානසික අවපීඩනය වැනි රෝග ඇති විය හැකිය. ජීවිතය එපාවී සිය දිවි නසා ගැනීම් පවා සිදුකරගත් අවස්‌ථාද ඇත. එවැනි අවස්‌ථාවලට පත් නොවී සිටියත් ජීවිතයේ කිසිම සතුටක්‌ නැතිව අන් අය පවා නුරුස්‌සනා හැසීරීමක්‌ ඇති අය ලෙස අපට සමාජයේදී දැක ගත හැකිය. තම රැකියාව පවා හරිහැටි කිරීමට නොහැකිව සමාජයට මුහුණදීමට නොහැකිවීමට ද ලිංගික ගැටලු මුල්විය හැකිය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here