රසට කෑම උයන්න උනන්දු වෙන කාන්තා ඔබට රසට උයන්න වැදගත් වන රස රහස්

0
7992
woman_cooking_tips

අපේ කාන්තාවන් කෑම පිසින විට එක එක ක්‍රමයට කෑම හදන්න ට්‍රයි කරනවා කියලා අපි දන්නවා. ඉතින් ගෙදර ඉන්න අයට, ගෙදරට එන අයට රසම රස කෑම වේලක් දෙන්න ඒ කෑම රස කර ගන්න පුළුවන් පොඩි රහස් ක්‍රම කිහිපයක් ගැන තමයි අද womanly.lk අපි කියන්න යන්නෙ. එහෙනම් බලන්නකො මොනවද මේ රස රහස් කියලා.

  • හාල්මැස්සන් වියළා කුඩු කරගත් මිශ්‍රණයෙන් ස්වල්පයක් පොල් සම්බෝල සාදා ගැනීමේදී එක් කිරීමෙන් එහි රසය හා ගුණය වැඩි කරගත හැකියි.
  •  පොල් සම්බෝල සෑදීමේදී කෑලි මිරිස් වෙනුවට යාන්තමට පුලුස්සා ගලේ අඹරාගත් මිරිස් කරල් එක් කිරීමෙන් එහි රසය වැඩි වේ.
  • කරපිංචා කල් තබා ගැනීම අපහසුය. වැඩි කරපිංචා ප්‍රමාණයක් ඇති විට ඒවා හොඳින් සෝදා වියළෙන්න හැර තෙල් ස්වල්පයකින් බැඳ කුඩු කරගෙන බෝතලයක අසුරා තබන්න. අමු කරපිංචා යොදනවාට වඩා කෑම රසවත්ය.
  • ව්‍යාංජන තෙම්පරාදු කිරීමේදී ලූණු සමඟ සුදුලූනූ පෙති ද එක්කර ගැනීම තුළින් තෙල්වල අඩංගු කොලෙස්ටරෝල් අඩු කරගත හැකියි.
  • නූඩ්ල්ස් තම්බන වතුරට විනාකිරි හෝ පොල් තෙල් ස්වල්පයක් එක් කිරීමෙන් නූඩ්ල්ස් එකට ඇලීම සිදු නොවේ.
  • තැම්බූ බිත්තර කපන්න පෙර පිහිය සිසිල් ජලයේ ටික වේලාවක් තබා කපන්න. එවිට කෑලිවලට නොකැඩී බිත්තර කපාගත හැකියි.
  •  මඤ්ඤොක්කා තැම්බීගෙන එන විට කහ එක් කර ගැනීමෙන් එයට පි‍්‍රයජනක වර්ණයක් ලැබේ.
  • දෙහි බිංදු කිහිපයක් පමණක් අවශ්‍ය විට දෙහි ගෙඩිය නොකපා ගෑරුප්පුවකින් ඇන සිදුරු කිරීමෙන් යුෂ ලබා ගැනීමෙන් දෙහි අපතේ යාම හා වියළීම නවතා ගත හැකියි.
  • කැපූ පලතුරු මතුපිට දෙහි බිංදු කිහිපයක් ඉසීමෙන් පලතුරු මතුපිට කහට නොබැදී තබාගත හැකියි.
  •  මිරිස් කුඩු භාජනය තුළට පෙරුම්කායම් ටිකක් දමා තැබීමෙන් මිරිස් කුඩු වැඩි කලක් නරක් නොවී තබාගත හැකියි.
  •  නිවිති කොළය පිටින්ම ගෙන ස්ටීමරයේ තම්බා ගැනීමෙන් එහි ගුණය සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගත හැකියි.
  •  අඔ ව්‍යාංජනයේ සැබෑ රසය එය පරණ වෙද්දීය. එබැවින් අඔ මාළුව දිනකට පෙර වතුරෙන් උයා තබා, කෑමට ගන්නා විට මිටිකිරි ටිකක් දමා ගන්න.
  • බිත්තර කටුවට පොල්තෙල් ටිකක් ආලේපකර තැබීමෙන් නරක් නොවී බිත්තර කල්තබා ගත හැකියි.
  • කට්ලට් කැඩෙන්නේ නැතිව බැද ගැනීමට එය බදින්නට පෙර මඳ වේලාවක් අධි ශීතකරණයේ තබන්න.
  • මාළු ඇඹුල් තියල් උයද්දී ගොරක මිශ්‍රණයටත් පහේ මිශ්‍රණයටත් අමතරව තෙල් මේස හැන්දක් එක් කිරීමෙන් මාළු ඇඹුල් තියල් තවත් රසවත් වේ.
  • බිත්තර තම්බන විට වතුරට ලුණු ටිකක් එක් කිරීමෙන් බිත්තර කටුව පුපුරන්නේ නැතිව තම්බාගත හැකිය. කටුව ගැලවීම පහසුය.
  • කේක්වල පිළී ගඳ නැති වීමට ගසාගත් බිත්තරවලට එසන්ස් ස්වල්පයක් එක් කරන්න. බිත්තර, පිටි මිශ්‍රණයට දැමීමට පෙර එය සිදු කළ යුතුය.
  • අයිස් වතුර බඳුනකට දැමූ විට පාවෙන බිත්තර නරක් වූ ඒවාය.
  • පොල් ගෙඩිය බිඳ, ගාන විට පළමුව කළ යුත්තේ හිල් සහිත බෑවය. එහි අංකුරය හට ගන්නා බැවින් ඉක්මනින් නරක් වීමට ඉඩ තිබීම ඊට හේතුවයි.
  • බාස්මතී බත ලස්සනට උයාගන්න නම් පැය භාගයක් සහල් පෙඟෙන්න දමා, හොඳින් සෝදා, නියමිත වතුර ප්‍රමාණයට එළවළු තෙල් තේ හැඳි 5 ක් බටර් ස්වල්පයක් දමන්න.
  •  කෑම මේසයට සැරසිල්ලක් කිරීමේදී මිංචි කොළ යොදාගන්න. මැස්සන් මඳුරුවන් පලා යාවි.

ඉතින් ඔබත් මෙන්න මේ රස රහස් අනුගමනය කරලම බලන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here