ඔබ කිසිවිටකත් අන් අයට නොපැවසිය යුතු කරුණු 6ක්

ඔබ කිසිවිටකත් අන් අයට නොපැවසිය යුතු කරුණු 6ක්

ඔබටත් මටත් අප සෑම කෙනාටම අපේම කියා පෞද්ගලිකත්වයක් ඇත. ඇත්තටම අපි කිසිවෙක් කැමති නෑ නේද අපේ ජීවිතේ සිදුවෙන හෝ  අපට ලැබෙන නොලැබෙන මේ කිසිම දෙයක් පිටස්තර අයට දැන ගන්න ඉඩ තියන්න. සමහර අවස්ථාවල අපේ ජීවිත වල සිදුවන දේවල් අන් අය දැනගෙන ඒවායින් අපට පහර එල්ල කිරීමට තැත් දරන අවස්ථාද නැතුවම නෙවේ. වැඩිපුර අපේ පෞද්ගලික තතු දැනගෙන අපට වල කපන්නෙ අපි අපේ කියලා හිතන් ඉන්න අය වීම දුකට කරුණක්. අපේ පෞද්ගලික ජීවිතේ අනිත් අයට නොකිය යුතු  කරුණු  කිහිපයක් තියෙනවා.ඉතින් මම හිතුවා අද ඔයාලට ඒ  ගැන කියන්න ඕන කියලා. ඇත්තටම අපේ ජීවිතේ අපේ පෞද්ගලිකත්වය අපගෙ අාරක්ෂාවටත් බලපාන අවස්ථා තියෙනවා.

ඔබ දන්නවාද අපේ පෞද්ගලිකත්වය අතර අන් අයට නොපැවසිය යුතු එක් කරුණක් වන්නෙ අපේ අධ්‍යාපන මට්ටම. ඇත්තටම අපේ සමාජෙ සමහර අය තමන්ගෙ ලොකුකම පෙන්වන්නත් එක්ක මම අර තරම් මේ තරම් ඉගෙන ගෙන තියෙනවා කියලා සමාජෙ සමහර පුද්ගලයන් ඉදිරියෙදි පවසන අවස්ථා තියෙනවා.ඇත්තටම ඒක අපේ පෞද්ගලිකත්වයට හොද නෑ කියලයි මම නම් හිතන්නෙ.අපේ දක්ෂතා තිබිය යුත්තෙ අප තුල. ඒවා රටට සමාජෙට කිව්වා කියලා අපට සෙතක් වෙන්නෙ නෑ නේද. ඒකෙන් වෙන්නෙ සමාජෙ අනිත් අය අප දිහා වපර ඇසින් බැලීම විතරයි.

ඒ වගේම ඔබ ඔබගෙ ආදායම් මට්ටම මෙන්ම වියදම් පිරිවැය ගැනත් අනික් අය සමග නොපැවසිය යුතුයි. ඔබ ඔබේ ආදායම් තත්වය අන් අය සමඟ පවසනවා කියන්නෙ ඔබ නොදන්න හොර හතුරෝ ඔබට ඇතිවෙන ඉඩකඩ වැඩි වීම. අපේ සමහර උදවිය ඉන්නවා ඇදුමක් ගත්තත් ගෙදරට හාල් තුනපහ ගෙනාවත් වැඩි  මිලක් දාලා අනික් අයට කිය කියා යනවා. ඉතින් ඔබට හිතෙන්නෙ නැද්ද ඔබේ ගෙදර දොර විස්තර පිටතට කියන එක බාල වැඩක් කියලා .

ඔබ අන් අයට නොපැවසිය යුතු තවත් කාරණයක් තමයි ඔබේ දේශපාලන තත්වයන්. මොකද මම අර පක්ෂෙ, මම මේ පක්ෂෙ, මට අර  දේශපාලුවා පේන්න බෑ. මේ වගේ කතා වලින් ඔබට මේ සමාජෙ හතුරො බිහි වෙන්න ඉඩ තියෙනවා.මොකද දේශපාලන තත්ත්වය අන් අය සමග කතා නොකලම යුතු මාතෘකාවක් ඒ මගින් හිත් අමනාප කම් පවා ඇති වෙන්න පුළුවන්.ඔබ මොන පක්ෂෙ වුනත් කාට ජන්දය ප්‍රකාශ කරත් එය අනෙක් අයට කියන්න යන්න එපා.ඒ දේවල් ඔබ තුලම සඟවා තියා ගන්න.

ඔබේ පෞද්ගලිකත්වය අතර ඔබේ ආදර සබදතා ගැන ඔබ අන් අය සමඟ නොපැවසිය යුතුයි. මොකද ආදර සබදතාවක් කියන්නෙ අනික් අයට කිය කියා කරන්න ඕන දෙයක් නම් නෙවෙයි. ඔබට නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් එහෙම වුනොත් නම්.ඉරිසියාකාරයින්ගෙ එක සන්ධිස්ථානයක් තමයි ඔබේ පෞද්ගලික  ආදර තතු.

ඒ වගේම තමයි ඔබ කිසි දිනක ඔබේ ආගමික විශ්වාසයන් ගැන අන් අය සමඟ කතාවට යන්න එපා. ඔබේ ආගමික භක්තිය ඔබ තුලම තියා ගන්න.අන් අය සමඟ ඒවා කතා කරන්නට යෑමෙන් ඔබ අනුවණයෙකු ලෙස දකින්න සමාජයේ උදවිය පෙලෙඹන්න පුළුවන්.

ඔබ ඔබගේ සුන්දරත්වය හා විලාසිතා පිළිබඳ අන් අය සමඟ නොපැවසිය යුතුය. මොකද කියනවා නම් ඔබ ඔබේ සුන්දරත්වය අන්  අය සමග පැවසීමෙන් ඔවුන් ඔබව අව තක්සේරු කොට සලකන්න පුළුවන්. එය ඒ තරම් හොද මදියි නේද?. ඒ නිසා කවදාවත් සුන්දරත්වය හා විලාසිතා ගැන නොපවසන්න.

කවදාවත් ඔබ ප්‍රිය කරන දේවල් අන් අය සමඟ කියන්න යන්න එපා.එහෙම වුනොත් එයාලා හිතන්න පුළුවන් ඔබ ඒ දේවල් එයාලගෙන් බලාපොරොත්තු වෙනවා කියලා ඒක ඔබේ තත්වයට හරි මදියි. ඒ නිසා ඔබ ප්‍රිය කරන දේවල් ඔබට අන් අයට පැවසීමෙන් වැළකී සිටින්න.

මෙන්න මේ ඉහත සදහන් කරන ලද කාරණා සියල්ල හොදින් හිතට අරගෙන ඒ දේවල් පිටස්තර අය සමග නොපැවසීමෙන් ඔබ ඔබේ පෞද්ගලිකත්වය  ආරක්ෂා කර ගන්න. එය  ඔබේ ඉදිරි ගමනට ලොකු පිටුවහලක් වේවි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here