ගංවතුර නිසා ආපදාවට ලක් වූ වාහන පිළිබඳ කටයුතු කිරීමේදි ඔබ සැම සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

අප සැවොම දන්නවා මේ දින වල ගොඩක්  දෙනෙක් අතර කථා බහ කරන මාතෘකාවක් තමයි ස්වාභාවික ආපදා තත්වය. ගංවතුර, නායයෑම් වැනි මෙම ස්වාභාවික තත්වයන් නිසා අපේම ජනතාව ගොඩක් අසරණ වෙලා තියෙනවා. උන් හිටි තැන් පවා අහිමිව ජනතාව අනාථ කඳවුරු වල වෙසෙනවා. ඇත්තෙන්ම මේ අය ගොඩක් දේවල් තිබීලා නැති වුන උදවිය. කවුරුත් නොපැතූ නොසිතූ විලස මෙම තත්වය මුහුණ පාන්න සිදු වුනත් ඒ තත්වයට මුහුණ දුන්  අපි  සියලුම දෙනාගෙ මී ළඟ අභිප්‍රාය වෙන්නෙ නැවත තමන් උන් තත්වයටම තමන්ගෙ ජීවිත ගොඩ නගා ගැනීමයි. ඉතින් මේ අසරණ වුන අපේ මිනිසුන් අතර එදිනෙදා කුලියට වැඩ කරලා ජීවත් වෙන අය වගේම සියලුම තරාතිරම් වල අය ඉන්නවා. මේ අතර ඔවුන්ට ඔවුන්ගෙ ගෙවල් දොරවල් වගේම යාන වාහාන පවා ආපදාවට ලක්ව තියෙනවා. ඉතින් ඔබ සැම දෙනාට තියෙන වටිනා දේවල් අතර ඔබගෙ යාන වාහානත් මෙම තත්වයේදි හානියට ලක් වුනා. සමහර විට ඔබ ඔබේ ව්‍යාපාර කටයුතු, වෙළෙඳාම් කටයුතු කරගෙන යන්නෙ ඔබගෙ මේ යාන වාහාන වලින් වෙන්න පුළුවන්. කියමනටත් කියනවා නේ ගෙදර තියෙන යාන වාහාන වලට මොනවා හරි උනාම අත පය හතර කැඩුනා වගේ කියලා. ඉතින් ආපදා තත්වයට හසුව ගොඩ ගන්න නොහැකි තත්වයේ තියෙන වාහාන, ත්‍රීවීලර් , කාර්, බස් රථ වගේම යතුරු පැදිත් නැවත ගොඩ ගැනීමේදී වාහාන හිමි ඔබත් මේ දේවල් අනුගමනය කලොත් නැවත ඔබගේ වාහානත් යථා තත්වයට පත් කල ගත හැකියි. සැලකිට යුතු කරුණක් වන්නේ මේ සියලු උපදෙස් සියලුම වාහාන වලට සරිලන බවයි.

ගංවතුරට හසුවූ ඔබේ වාහානය කුමක් වුනත් එය නැවත පැදිය හැකි තත්වයට පත් කර ගන්න නම් ඔබ මුලින්ම කල යුත්තේ එය පණ නොගන්වා ගෙන සර්විස් මධ්‍යස්ථානයක් වෙතට රැගෙන යෑමයි. එහිදී වෙනත් වාහානයක ආධාරයෙන් හෝ කඹයක් දමා එය සර්විස් මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට ඔබට පුළුවන්.

දෙවැනි පියවර ලෙස ඔබගේ වාහානයේ තිබෙන ඔයිල් ඉවත් කල යුතුය. සර්විස් මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය ඔබගේ වාහානය ගංවතුරට හසුවන විටදීත් එහි තිබූ ඔයිල් සම්පූර්ණයෙන් ඉවත් කල යුතුය. මොකද වතුරට හසුවුන වාහාන වල එන්ජිම ක්‍රියාත්මක කලහොත් ඔයිල් සමඟ ජලය කවලම් ව පිස්ටර් එකට එය ආදා ගැනීමට බලනවා. එහෙම වුනොත් ඔබගේ වාහානයේ එන්ජිම ඉක්මනින්ම සවුත්තු වෙන්න පුළුවන්.
ඔබගේ වාහානයේ සම්‍බන්ධ කර ඇති සියලුම විදුලි සම්බන්ධක විසන්ධි කර දැමිය යුතු අතර පසුව එහි තිබූ තෙල් ඉවත් කල යුතුය.
මෙහිදී  තිරිංග පද්ධතිය හා සුක්කානමත්, වාහානයේ එන්ජිමත් විශේෂ අවධානමකට ලක් කල යුතු අතර එවා හොදින් පරික්ෂා කොට බැලිය යුතුය.  පවර් ස්ටීරියන් පද්ධතිය පිරිසිදු ජලයෙන් සෝදා වේලෙන්නට ඉඩ හරින්න. එමෙන්ම ඔබගේ  වාහානයේ සියලු ලයිට් හොදින් පරික්ෂා කරවා ගන්න.
ගංවතුරට හසු වුන ඔබගේ වාහානයේ අාසන,බුමුතුරුණු හා පරිවරණ සම්පූර්ණයෙන් ඉවත් කර දමන්න.
වාහාන වල මල බැදෙන කොටස් හොදින් පරික්ෂා කොට එම කොටස් හොදින් වාෂ්පීකරණය කරලන්න.
මේ දේවල් වලින් පසුව ඔබගේ වාහානය සර්විස් කරලන්න. සර්විස් කොට  වාහානයේ දොර ජනෙල් හොදින් විවෘත කොට හිරු එළිය ලැබෙන සේ තියන්න.
මෙම ක්‍රියාවන් කල පසු බ්රේක් ඔයිල් බලා ඔබගේ වාහානය පන ගන්වන්න. සාමාන්‍යයෙන් ඕනෑම වාහානයක එන්ජිම සීල් තත්වයේ ඇති නිසා එයට හානි වීමට හෝ වතුර යෑමට ඉඩක්  නොමැත.
මෙවැනි තත්වයක ඔබේ වාහානය අලුත් වැඩියා කිරීමට රැගෙන යෑමේදි එම වැඩ නිම කරන තුරු ඔබද හොද අවදානමින් එහි රැදී සිටීම වැදගත්ය. මොකද කියනවා නම් අද ඉන්නා සමහර උදවිය ඔබගේ වාහානයේ අලුත් කොටස් ගලවා ඒ වෙනුවට පරණ කොටස් එක් කිරීමට හැකි නිසාවෙනි. ගොඩක් වාහාන අලුත් වැඩියා කරන උදවිය තවත් ව්‍යාපාරයක් ලෙසට වාහාන පාට්ස් එසවීම සිදු කරනු ලබයි.

එමෙන්ම ගංවතුර නිසාවෙන් හානිය‍ට පත් ඔබගේ වාහානය රක්ෂණය කොට ඇත්නම් ඔබට එයට අදාලව ඔබගේ වාහානයට වූ අලාභය පෙන්වා රක්ෂණ මුදලද ලබා ගත හැකිය. ඔබගේ වාහානයට වූ සියලුම අලාභයන් පෙන්වා ඇස්තමේන්තු ගත කොට වාහානයේ ජායාරූප ද සහිතව ඔබගේ     රක්ෂණ නියෝජ්තයාට එය දැනුම් දෙන්න.
ඉතින් ගංවතුර නිසා ආපදාවට ලක් වුන ඔබගේ වාහාන නැවත තිබූ තත්වයට     ගන්න මේ කියපු දේවල් ඒ විදියටම කරන්න. ඔබ ඔබට විශ්වාසී කෙනෙක් වෙතට ඔබගේ වාහානය අලුත්වැඩියාව සදහා රැගෙන යන්න කල්පනාකාරී වෙන්න  ඕන . නැතිනම්  ඔබත් රැවටිලි කාරයින්ගේ ගොදුරක් වෙන්න පුළුවන්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here