කාන්තා ව්‍යවසායකයින් පිරිමින්ට වඩා සාර්ථක ඇයි?

0
5111
කාන්තා ව්‍යවසායකයින් පිරිමින්ට වඩා සාර්ථක ඇයි?

ඔබ ව්‍යාපාරික ලෝකයේ මෑත කාලීන රටාවන් අධ්‍යයනය කලාද?

කලකට පෙර පිරිමින් විසින් මූලිකත්වය ගෙන පාලනය කල ව්‍යාපාරික හා වෙලඳ ප්‍රවර්ධන ලෝකයේ පෙරලිකාර වෙනසක් සිදුවීමට කාලය එලඹී ඇත. මේ සඳහා අප ධනාත්මකව සූදානම් විය යුතුය. පිරිමි පාර්ශවයට වඩා දැන් බොහෝ කාන්තාවන් අන්තර්ජාලයේ තමාගේම ව්‍යාපාරික කටයුතු වල නිරත වනවා ඔබ දැක ඇති. මෙම කාන්තා ව්‍යවසායකයින් අද පිරිමින්ට වඩා ඉහල ස්ථානයකට පැමිණ සිටියි.

මීට දශක කිහිපයකට ඉහතදී කාන්තා ව්‍යාපාරිකයින්ට පිරිමි පාර්ශවය විසින් පාලනය කල ව්‍යාපාරික ලෝකයත් සමඟ ගැටෙනන්ට සිදු වුණි. ඔවුන්ගේ ආකල්ප හා ගතිගුණ අනුගමනය කරමින්, නිර්භය හා කෲර තරඟකාරි ව්‍යාපාරික ලෝකයට පිවිසෙන්නට සිදුවුණි. නමුත් අද, කාන්තාවන්ට එසේ පිරිමින් ගිය මාර්ගයේ නොයා තමාගේම මතයට අනුව සාර්ථක ලෙස ව්‍යාපාරික කටයුතු කර ගෙන යාමේ අවස්ථාවක් උදා වී තිබේ.

ව්‍යාපාරික හා ප්‍රවර්ධන ලෝකයේ පෙරලිකාර වෙනස්වීම හඳුනා ගනිමින් අපි මෙසේ කාන්තා ව්‍යවසායකයින් පිරිමින්ට වඩා සාර්ථක වන්නේ ඇයි යන්න සොයා බලමු.

විශ්වසනීය වෙළඳ ප්‍රවර්ධනය.
ඔබගේ සල්ලි සූරා කෑමේ බලාපොරොත්තුවෙන් වෙළඳ ප්‍රවර්ධන කටයුතු කරන කාලය දැන් හමාරය.
කාන්තාවන් බොහෝ දෙනෙකු අද ව්‍යාපාර ලෝකයේ සාර්ථක වී ඇත්තේ ඔවුන්ගේ අව්‍යාජ වෙළඳ ප්‍රවර්ධන කටයුතු නිසාය. අවංක හා විවෘත මනසකින් යුක්තව වෙළඳාම් කටයුතු කරගෙන යාමේදි පහසුවෙන් පාරිභෝගිකයා හා ව්‍යාපාරිකයා අතර විශ්වාසයක් ගොඩ නැගේ. Danielle LaPorte යනු එලෙස අවංක හා අව්‍යාජ බව තුලින් සාර්ථක ව්‍යාපාරයක හිමිකාරියක් වූ කෙනෙකි.  Naomi Dunford  යනු තවත් අවංක ව්‍යාපාරික කාන්තාවකි. ඇයගේ සාර්ථකත්වයේ ගමන කියවීමෙන් බොහෝ දේ ඉගෙන ගත හැකිය. අද ඇය වටා රසිකයින් මෙන්ම පාරිභෝගිකයින් දහසක් පමණ සිටින්නේ ඇගේ ඒ විශිෂ්ට ව්‍යාපාරික නුවණ හේතුවෙනි.

බහු මාධ්‍ය සිට අණු මාධ්‍ය වෙත. (Mass-media to Micro media)
දැන් බොහෝ පාරිභෝගිකයින්ට තමන් කැමති රූපවාහිනි වැඩ සටහන් නැරඹීමටත්, එය නරඹමින් සිටින අතරේ දිස්වන වෙළඳ ප්‍රවර්ධන දැන්වීම් අත් හිටුවීමටත් තමන් කැමති වෙලඳ නාම සමඟ සම්බන්ධ වීමටත් හැකියාව ලැබී ඇත.
පෙර යුගයන් වලට වඩා දැන් වෙළඳ ප්‍රවර්ධන කටයුතු විවිධ පැතිකඩ ඔස්සේ ඉදිරියට ගොස් ඇත. අවුරුදු 30කට පමණ පෙර පිළිගත් සමාගමකට නරක නාමයක් ඇති කිරීම පාරිභෝගිකයාට අවදානම් සහගත තත්ත්වයක තිබුණි. එහෙත් දැන් පාරිභෝගිකයා සතුව ඉමහත් බලයක් පවතී. තම අදහස්, කැමති අකමැති මතයින් ප්‍රකාශ කිරීමේ නිදහසක් ඔවුන් සතුව ඇත.
මෙවැනි හේතුන් නිසා අද කාන්තා ව්‍යවසායකයා ඉද්‍රියෙන් සිටියි. පාරිභෝගයාට ඇහුම් කන්දී ඔහුගේ/ඇයගේ අවශ්‍යතා හා වුවමනා අනුව ඇය තම ව්‍යාපාරික කටයුතු හසුරුවයි. නමුත් පිරිමියා පලමුව තමාගේ මතය අනුව වෙළඳාම් කටයුතු වල නිරත වී පසුව පාරිභෝගිකයාගේ අවශ්‍යතා දෙස බලයි.

අද බහු-මාධ්‍ය වල ප්‍රසිද්ධිය අඩු වී ඇත. ඒ වෙනුවට පාරිභෝකියින් ඔවුන්ට කැමති මාධ්‍යය තෝරා ගෙන තමන් කැමති වෙළඳ නාම සමඟ සම්බන්ධ වෙයි.

බාධා කිරීමේ සිට පාරිභෝකියා සමඟ ඍජුව සම්බන්ධ වීම.
අප කිසියම් වැඩසටහනක් නරඹමින් සිටින අතරතුර වෙළඳ දැන්වීම් තුලින් ඊට බාධා පැමිණවීම සියලුම දෙනාට මුහුණ දෙන්නට සිදුවන අත්දැකීමකි. නමුත් දැන් කාලය වෙනස් වී ඇත. පාරිභෝගිකයාට තමන්ට කැමති දෑ පමණක් තෝරා ගැනීමේ හැකියාව ලැබී ඇත. දැන් අපට ගුවන් විදුලියේ හෝ රූපවාහිණියේ දිස්වන මෝඩ වෙළඳ දැන්වීම් හඳුනා ගැනීමටත් ඒවායේ අතිශයොක්තිය පිලිබඳ වටහා ගැනීමටත් හැකියාව ඇත.

අද වෙළඳ ප්‍රවර්ධනය හුදෙක් රූපවාහිනි වැඩසටහනක් අතර තුර දිස් වන මිනිත්තු කිහිපයක දැන්වීමකට වඩා පුළුල් පරාසයකට ව්‍යාප්ත වී ඇත. මිලියනයකට අධික පාරිභෝගිකයින්ට දැන් තමන්ගේ ප්‍රියතම වෙළඳ නාමය සමඟ සම්බන්ධ වී තමන්ගේ මතය ප්‍රකාශ කර තොරතුරු ලබා ගත හැකිය.
සමහර ප්‍රවීණ සමාගම් තම වෙළඳ ප්‍රවර්ධන කටයුතු සඳහා සැබෑ පාරිභෝගිකයින්ව යොදා ගනියි. එක්සත් ජනපදයේ ටෙලිසන්නිවේදන නිෂ්පාදනයක් සම්බන්ධ වෙළඳ දැන්වීමක අවසන් පද පෙල තෝරාගැනීමේ අවස්ථාව අන්තර්ජාලයේ ඡන්ද ක්‍රමයක් මඟින් තීරණය කිරීමට එම සමාගම පාරිභෝකියාට හැකියාව ලබා දුන්හ. වෙළඳ නාමය ප්‍රචලිත කිරීමේදි පාරිභෝගිකයාද ඊට සම්බන්ධ කර ගැනීම ඉතා අගනේය. මෙවැනි ක්‍රම බොහෝ විට කාන්තා ව්‍යපාරිකයින් භාවිතා කරනවා අද අපට දක්නට ලැබේ.

කාන්තාවන්ට නිසැඟයෙන්ම ව්‍යාපාරික හා ව්‍යවසායක ඥානය පිහිටයි.
අද සමාජ ලෝකය මැනවින් තේරුම් ගැනීමට කාන්තාවට හැකියාව ඇත. හොඳින් ඇහුම් කන් දීම, සාකච්ඡා පැවැත්වීම, පුද්ගලයින් සමඟ සම්බන්ධ වීම, මිනිසුන් රැස් කිරීම හා පාරිහෝගිකයින්ව වෙලඳ ප්‍රවර්ධන කටයුතු වලට යොදා ගැනීම වැනි කරම තුලින් සාර්ථකත්වය කරා පිය නැගීමට කාන්තාවන් අදිටන් කරගෙන සිටියි. දැන් පිරිමින් පවා කාන්තාවන්ගේ ඒ ව්‍යාපාරික ආදර්ශ හා පිළිවෙත් අනුගමනය කරන්නට නැඹුරු වී සිටියි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here