තම්පලා ගැන මේ තොරතුරු දැනසිටියාද?

0
15890
benifit of thampala

එදා කාන්තාවන් පවුලේ ආහාරයට ගැලපෙන පලා මැල්ලුම ගෙවත්තෙන්ම සොයා ගත්තා. මේවා අලුත් නිසා රසය වගේම ගුණයත් ඉහලින්ම තිබුනා. අද නම් අපිට ඒ වගේ නැවුම් පලා මැල්ලුමක් සොයා ගැනීම අපහසුයි. ඒ වගේම අපි පලා මිළට ගැනීමේදී එකාකාර වර්ග වෙනුවෙන් යොමු වෙනවා මිසක ඇතැම් පලා වර්ග ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ වගේම සමහර පලා වර්ග පිලියෙල කරන්නේ කොහොමද…? ඒවා ආහාරයට ගැලපෙනවාද කියන අනියත බියකුත් තිබෙනවා. මේ නිසා තම්පලා වැනි පලා වර්ග ගැන ගෘහනියන්ගේ අවධානයක් ඇති වෙන්නේ නැහැ. ඒත් තම්පලා ගැන අපේ පොත පතේ සඳහන් ගුණ ගැන ඔබ දැනගත්තොත් බොහෝම වටිනාකමක් මේ පලා වර්ග වෙනුවෙන් ලැබෙනවා.

තම්පලා වර්ග කීපයක් ගැන පොත පතේ සඳහන් වෙනවා.

රණ තම්පලා- උද්භිද විද්‍යාත්මක නාමය- Amaramathaceae

කූර තම්පලා- උද්භිද විද්‍යාත්මක නාමය- Amaranthus spinosus

වලු තම්පලා- උද්භිද විද්‍යාත්මක නාමය- Amaranthus polygonoides

කටු කූර තම්පලා- උද්භිද විද්‍යාත්මක නාමය- Amaranthus gangeticus

රතු කටු කූර තම්පලා:

කුර තම්පලා වර්ග ඉන්දියාව ශ්‍රි ලංකාව වැනි රටවල වගා වෙන අතර මෙම පලා වර්ගයේ නිජබිම දකුණු ඇමරිකාවේ හෝ මෙක්සිකෝවේ සිදු වෙන්නට ඇතැයි අනුමාන කරනවා. අපේ රටේ වගේම චීනය, තායිවානය, දකුණු පැසිපික් රටවලත් හොදින් වගා වෙනවා.

රත් තම්පලා, කටු තම්පලා සහ කූර තම්පලා ලේ පිරිසිදු කරන ගුනය ඇති අතර රත් තම්පලා සෙසු වර්ගයන්ටත් වඩා ලේ පිරිසිදු කරන හැකියාවෙන් යුක්තයි. ප්‍රෝටීන් සහ මේද සහ ශක්තිය අඩු වුනත් ක්ෂුද්‍ර පෝෂක මගින් ලැබෙන වාසිය සුලුවෙන් සලකන්න බැහැ. මෙම පලා වර්ගය ක්ෂුද්‍ර පෝෂකයන්ගෙන් සපිරි බැවින් ඉතා පහසුවෙන් අපේ සිරුරට අවශ්‍ය පෝෂනය ලබා ගත හැකියි. අද වයස අවුරුදු පහට අඩු දරුවන් පවා යකඩ ඌනතාවයන්ගෙන් පෙලෙන බැව් වාර්තා වෙනවා. එයට ඉතා හොඳ ආදේහකයක් විදිහට තම්පලා ආහාරයට ගන්න පුලුවනි. විටමින් “ඒ” ඌනතාවයට වගේම කැල්සියම් සහ පොස්පර්ස් අඩංගු නිසා අස්ථි වර්ධනයට සහ අස්ථි ශක්තිය වෙනුවෙනුත් ඉතා යෝග්‍යයි.

තන්තු බහුල නසා මලබද්ධයට වගේම රුධිරයේ සීනි මට්ටම යහපත්ව තබා ගැනීමටත් තම්පලා ආහාරයට ගැනීමෙන් ලැබෙන විශාල වාසියක්. තන්තු නිසා ආහාර මාර්ගයේ අසාමාන්‍ය සෛල වර්ධනය නිසා ඇති විය හැකි පිලිකා තත්වයටත් ආරක්ෂාවක් ලැබෙනවා.

සුදු තම්පලා කූර තම්පලා
තෙතමනය ග්‍රෑම් 85.7 තෙතමනය ග්‍රෑම් 85
ප්‍රෝටීන් ග්‍රෑම් 04 ශක්තිය කිලෝ කැලරි 45
මේදය ග්‍රෑම් 5 මේදය ග්‍රෑම් 3
කාබොහයිඩ්ඩ්‍රේට ග්‍රෑම් 1.6 කාබොහයිඩ්ඩ්‍රේට ග්‍රෑම් 7
කැල්සියම් මයික්‍රොග්‍රෑම් 397 කැල්සියම් මයික්‍රොග්‍රෑම් 800
පොස්පර්ස් මයික්‍රොග්‍රෑම් 83 පොස්පර්ස් මයික්‍රොග්‍රෑම් 50
යකඩ මයික්‍රොග්‍රෑම් 25.5 යකඩ මයික්‍රොග්‍රෑම් 22.5
කැරොටින් මයික්‍රොග්‍රෑම් 5520 කැරොටින් මයික්‍රොග්‍රෑම් 3564
තයමින් මයික්‍රොග්‍රෑම් 30 රයිබොප්ලේවින් ග්‍රෑම් 330
මයසින් ග්‍රෑම් 1.2 විටමින් සී මයික්‍රොග්‍රෑම් 35
විටමින් සී මයික්‍රොග්‍රෑම් 99

කූර තම්පලා මැල්ලුමක් විදිහට පොල් යොදා හෝ නොමැතිව මලවා ගන්න පුලුවනි. රුධිරයේ යකඩ අඩුවිටත් කූර තම්පලා ආහාරයට ගැනීම වැඩි කිරීමෙන් යකඩ ප්‍රතිශතය ඉහළ නංවා ගැනීමට පුලුවනි. කූර තම්පලා ව්‍යංජනයක් විදිහටත් පරිප්පු සමග පිස ගැනීමට පුලුවන්.

තම්පලා නියඹලාව
  • තම්පලා ග්‍රෑම් 250
  • ලූනු ග්‍රෑම් 30
  • අමු මිරිස්‌ කරල් 3
  • තක්‌කාලි ග්‍රෑම් 50
  • කරපිංචා මේස හැඳි 1
  • සුදු ලූනු මේස හැඳි 1
  • කුරුඳු පොතු තේ හැඳි 1/2
  • බැද අඹරා ගත් පොල් මේස අඬු කෝප්ප 1/2
  • කලවම් පැසි තේ හැඳි 1/2

ලුණු පදමට තම්පලා හීනියට ලියා ගෙන මිටිකිරි හැර අන් සියල්ල තම්පලාවලට දමා ලිප තබන්න. උතුරන විට ගින්දර අඩුකර සිඳෙන්නට හැර හොඳට පොඩිකර මිටිකිරිවලට බැද අඹරාගත් පොල් ටික දමා ලිපෙන් බා ගන්න.

කාන්තාවන් අතර ඉතා සුලබව දක්නට ලැබෙන ඔස්ටියෝ පොරෝසිස් රෝග තත්වයටත් කුර තම්පලා ඉතාම ගුණදායකයි. වියපත් වීම සමග ඇති වෙන කැල්සියම් ඌනතාවයටත් පිලියම් ලබා ගැනීමට පුලුවනි.

හිසකෙස් වර්ධනයට :

තම්පලාවල අඩංගු ප්‍රෝටීන් සහ විටමින් ඊ නිසා කෙස් ගැලවීයාම සම්පූර්ණයෙන්ම පාලනය වෙනවා. විතරක් නොවෙයි ගේම හිසට සහ හිස්කබලට පෝෂණීය සත්කාරයක් ලබා දෙනවා.

කාන්තා රෝගවලට ගුණයි :

කාන්තාවන්ගේ ඔසප් දෝෂ වෙනුවෙන් සහ අදික ලෙස ඔසප් වීම වලක්වාලන ගුණයෙන් කටු තම්පලා පොහොසත්ය. කටු කූර තම්පලා ගස තම්බා ගත් ජලය පානය ගුණ ලබා දේ.

මලමුත්‍ර පහසු කිරීම :

රක්ත සහ පිත සමනය කරන ගුණය නිසා තම්පලා ආහාරයට ගැනීමෙන් මලබද්ධය නැති වී හොදින් මලපහ කිරීමේ පහසුව ලැබෙනවා. මුත්‍රා පිරිසිදු කරන අතර දහඩිය දුගඳ නැති කරනවා. ආහාර දිරවීම පහසු කරනවා. මුත්‍රා මාර්ගය පිරිසිදු කරන අතරම මුත්‍රාවල ඇති විෂ ගතියත් ඉවත් කිරීමට තරම් මේ පුංචි පලා කොළයකට හැකියාව තිබෙනවා

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here